ඕස්ට්‍රේලියාවේ සංචාරය කරමින් සිටිද්දී, ඇමෙරිකන් යූ ටියුබ් නිවේදිකාවක (Influencer) කළ නොමනා ක්‍රියාවක් හේතුවෙන් ඕස්ට්‍රේලියා රජයෙන් ඇයට දැඩි විරෝධයක් එල්ල වී ඇති අතර, ඇයට යළි කිසිදු දිනක ඕස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකි බව ද ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා ඇත.
සෑම් ජෝන් නමැති මෙම තැනැත්තිය, ඕස්ට්‍රේලියාවේ වනගත ප්‍රදේශයක යමින් සිටිද්දී, මාර්ග අසල වොම්බැට් මවක සහ පැටවකු සිටිනු දැක වහා දිවගොස් වොම්බැට් පැටියා ඔසවාගෙන ඇය ගමන් කරමින් සිටි මෝටර් රථය වෙත පැමිණෙයි.
රූගත කළ මෙම සිද්ධිය, සෑම් ජෝන් ඇගේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර තිබුණ ද ඕස්ට්‍රේලියා රජයෙන් එල්ල වුණු විරෝධය හේතුවෙන්, එම වීඩියෝව පසුව මකා දැමුණි.
ඕසේට්‍ර්ලියාවට පමණක් ආවේණික සත්වයකු වන වොම්බැට්, ආරක්ෂිත සත්වයෙකු ලෙස ද සැලකෙයි. කුඩා වොම්බැට් පැටවු
සැමවිටම මවට සමීපයෙන් මවගේ රැකවරණ යටතේ පසුවෙති. වොම්බැට් පැටවා මවගෙන් වෙන් කිරීම බරපතල වරදක් ලෙස ඕස්ට්‍රේලියානුවන්ගේ විශ්වාසයයි. වොම්බැට් යනු කුඩා කෝලා වලසකු තරම් සත්වයෙකි. කෝලා ද වොම්බැට් සේම, ඕස්ට්‍රේලියාවට ආවේණික සත්වයෙකි.
ඕස්ට්‍රේලියා රජයෙන් රජයෙන් එල්ල වුණු විරෝධය සම්බන්ධයෙන් යළි ඇමෙරිකනාව බලා පැමිණ සිටින සෑම් ජෝන්ස් සිය දැඩි කනගාටුව පළ කර ඇති අතර, ඇය ඇගේ ක්‍රියාව සම්බන්ධයෙන් දැඩි ලෙස පසුතැවෙන බව ද පවසා ඇත.
තමන් පාර අයිනේ සිටි පැටවා වඩා ගෙන ආවේ එම පැටවාට අනතුරක් සිදුවී ඇතැයි අනුමාන කළ බැවින් බවත් තමන්ගේ ක්‍රියාව වරදක් බව තමන් පිළිගන්නා බවත් ජෝන්ස් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
(සී.එන්. එන්.)
හිජාබය නිසි ලෙස නොපලඳින කාන්තාවන් සෙවීමට, ඉරාන රජය කෘත්‍රිම බුද්ධි ඩිජිටල් තාක්ෂණය යොදාගෙන ඇත. මෙම කෘත්‍රිම බුද්ධය යොදාගැනීම සිදුවන්නේ ඩ්‍රෝන යානා ද
බංග්ලාදේශයේ 8 හැවිරිදි දැරියක දූෂණය කිරීමේ සිද්ධිය සහ ඇය මරණයට පත්වීම මුල්කොට ගනිමින් රට පුරා යළි විරෝධතා ආරම්භ වී තිබේ.
ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ පැවැත්වුණු 25 වැනි අයිෆා සම්මාන උලෙළේ වැඩි ගෞරව දිනාගැනීමට කිරන් රාවෝ අධ්‍යක්ෂණය කළ Laapataa Ladies චිත්‍රපටෙය සමත් විය.
අභ්‍යවකාශ නැවැතුම්පොළේ මාස 9 කට ආසන්න කාලයක් තිස්සේ සිරවී සිටින නාසා ගගනගාමීන් දෙදෙනා වන සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් ආපසු පෘථිවියට ගෙන්වා ගැනී
රටවල් 26 ක් කාණ්ඩ වශයෙන් වෙන්කර ඒවායේ සංචාරය කිරීමෙන් වළකින්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය ඇමෙරිකන් වැසියන්ට අනතුරු අඟවා ඇත.
ඕස්ට්‍රේලියාවේ සංචාරය කරමින් සිටිද්දී, ඇමෙරිකන් යූ ටියුබ් නිවේදිකාවක (Influencer) කළ නොමනා ක්‍රියාවක් හේතුවෙන් ඕස්ට්‍රේලියා රජයෙන් ඇයට දැඩි විරෝධයක් එල්ල
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ඇමෙරිකන් තරුණිය ඕස්ට්‍රේලියාවේ උදහසට