IMG-LOGO

2024 දෙසැම්බර් මස 17 වන අඟහරුවාදා


ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් 5 ක් මරුට

ඇමෙරිකාවේ විස්කොන්සින් ජනපදයේ මැඩිසන් නුවර ක්‍රිස්තියානි පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මියගිය පස්සෙනා අතර පොඩි දරුවන් සිටින බව පැවැසෙයි. 

තුවාල ලැබූ තවත් දරුවන් පස් දෙනකු රෝහල්ගත කළ බව ද ඇමෙරිකන් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. වෙඩි තැබීම සිදු කළ තැනැත්තා ද ජීවිතක්ෂයට පත් වුණු බව මෙඩිසන් පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

වෙඩි තැබීම කළ තැනැත්තා බාලවයස්කාරයකු බවත් ඔහු ද වෙඩි තබා ගනිමින් දිවි නසා ගත් බවත් පොලිසිය පවසයි. 

වෙඩි තැබීම වාර්තා වී පොලිසිය පාසලට වහා පැමිණෙද්දී, වෙඩි තැබීම කළ තැනැත්තා මියගොස් සිටි බව පොලිස් වාර්තාවල වැඩි දුරටත් සඳහන් වෙයි. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

වෙඩි තැබීම සිදුවූයේ ‘ඇබන්ඩන්ට් ලයිෆ්’ නමැති පෞද්ගලික ක්‍රිස්තියානි පාසලේය. පෙර පාසලේ සිට 12 වැනි ශ්‍රේණිය දක්වා පංති පැවැත්වෙන අතර, සිසුන් 400 කට වැඩි ගණනක් අධ්‍යාපනය ලබන බව පැවැසෙයි.



අදහස් (0)

ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් 5 ක් මරුට

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ගෝලාන් කඳුකරයේ තවත් ජනාවාස පිහිටුවනවා
2024 දෙසැම්බර් මස 17 36 0

සිරියාවට මැදිව පිහිටි ගෝලාන් කඳුකරයේ තමන් අත්පත් කරගත් පළාත්වල ඊශ්‍රායල ජනාවාස පිහිටුවීමට පියවර ගන්නා බව ඊශ්‍රායලය පවසා ඇත.



සිරියාව ත්‍රස්තයන්ගේ අතේ
2024 දෙසැම්බර් මස 17 25 0

සිරියානු විපක්ෂයට සහාය දක්වන ‘හයාත් තහ්රීර් අල් ෂාම්’ සටන්කාමීන් සිරියාව අල්ලා ගනිද්දී, රුසියාවට පලා ගිය ජනාධිපති බෂාර් අල් අසාද් මාධ්‍ය හමුවේ අදහස්


ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් 5 ක් මරුට
2024 දෙසැම්බර් මස 17 68 0

ඇමෙරිකාවේ විස්කොන්සින් ජනපදයේ මැඩිසන් නුවර ක්‍රිස්තියානි පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මියගිය පස්සෙනා අතර පොඩි දරුව


ඉතිරි ‘බාලි නයින්’ සාමාජිකයෝ ඕස්ටේ්‍රලියාවට
2024 දෙසැම්බර් මස 16 217 0

හෙරොයින් කිලෝ ග්‍රෑම් 8.3 ක් ළඟ තබා ගැනීමේ වරදට, වසර 20 කට ආසන්න කාලයක් ඉන්දුනීසියාවේ සිරගතව සිටි ‘බාලි නයින්’ යන නමින් හැඳින්වෙන ඕස්ටේ්‍රලියානුවන් 9 දෙනා



මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 215 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 214 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 107 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site