ඇමෙරිකාව සමඟ හෝ ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත්වන ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ හෝ ගැටුම් ඇති කර ගැනීමෙන් වළකින බවත්, ග්‍රීන්ලන්ත අග්‍රාමාත්‍ය මියුට් එඩ්ජ් පවසා ඇත.
ග්‍රීන්ලන්ත අගමැතිවරයා මෙසේ පැවැසුවේ, ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ කතාබහක් නිර්මාණය වී ඇති අවස්ථාවකය. යළිත් වරක්, ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම පවසා ඇත්තේ ග්‍රීන්ලන්තය ඇමෙරිකාවට අවශ්‍ය බවත්, ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට තමන් සූදානම් බවත්ය.
ග්‍රීන්ලන්තය යනු ලොව විශාගතම දූපතය. එය පිහිටා ඇත්තේ උතුරු ඇමෙරිකාව සහ යුරෝපය මධ්‍යයේය. ට්‍රම්ප් පෙන්වා දෙන්නේ, ග්‍රීන්ලන්තය ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට අවශ්‍ය බවය.
ග්‍රීන්ලන්තය ස්වයං පාලනයක් ඇති දූපතක් වුවත්, එය අයිති ඩෙන්මාර්කයටය. ට්‍රම්ප් දිගින් දිගටම ග්‍රීන්ලන්තය මිලදී ගන්න බව පැවැසීම ඩෙන්මාර්කයේ ද දැඩි විරෝධයට හේතුවක් වී ඇත.
ග්‍රීන්ලන්ත අග්‍රාමාත්‍ය මියුට් එඩ්ජ්, තරයේ පවසා ඇත්තේ, ග්‍රීන්ලන්තය විකිණීමට දමා නැති බවත්, ග්‍රීන්ලන්තය ගැන තීන්දු තීරණ ගන්නේ ග්‍රීන්ලන්ත වැසියන් බවත්ය.
කෙසේ නමුත් ආරක්ෂක කටයුතුවලදීත්, පතල් කැණීම් සම්බන්ධ කටයුතුවලදීත් ඇමෙරිකාව සමඟ දිගටම සහයෝගයෙන් කටයුතු කරන බව ග්‍රීන්ලන්ත අග්‍රාමාත්‍ය මියුට් එඩ්ජ්, පැහැදිලි කර තිබේ.
(ඒ.එෆ්.පී.)
දකුණු අප්‍රිකාවේ අනවසරයෙන් පවත්වාගෙන ගිය රත්තරන් පතලක සිරවුණු පතල්කරුවන් 100 දෙනකු මුදා ගැනීමට මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පවැසෙයි.
උතුරු කොරියාව, කෙටි දුර බැලැස්ටික මිසයිල කීපයක් සාර්ථකව අත්හදා බැලූ බව දකුණු කොරියානු හමුදාව පවසයි.
ලෙබනන් ජනාධිපති ජෝසප් එයොන්, එරට නව අග්‍රාමාත්‍ය ලෙස නවාස් සලාම් නම් කළ අතර, ලෙබනන් පාර්ලිමේන්තුවේ අනුමැතිය සලාම්ට හිමි වී ඇතැයි පැවැසෙයි.
ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් සැණින්, තමන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවන බවත්, රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට සාකච්ඡා පවත්වන බවත් ඇමෙ
රික්ටර් පරිමානයේ ඒකක 6.8 ක ප්‍රබලත්වයක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් නිරිතදිග ජපානය කැලැඹිණි.
ලොස් ඇන්ජලීස් නගරය සහ ඒ අවට ප්‍රදේශවල පැතිර යන ළැව් ගිනි හේතුවෙන් මියගිය ගණන 24 දක්වා ඉහළ ගොස් ඇති බවත්, තවත් 13 දෙනකු ළැව් ගිනි හේතුවෙන් අතුරුදන් බවත් පැව
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ඇමෙරිකාව සමඟ ගැටෙන්න සූදානම් නෑ
fairoos Tuesday, 14 January 2025 11:51 AM
ට්‍රම්ප් ට ඕනේ නැති මගුලක් නැහැ
තුෂාර Tuesday, 14 January 2025 05:10 PM
ලංකාවට ආස නැද්ද ට්‍රම්ප්?