නිරිතදිග ඇෆ්ගනිස්තානයේ නිම්රොස් පළාතේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් කිහිපදෙනකු පෙරේදා(14) එල්ල කළ ප්‍රහාරයකින් 41දෙනකු ජීවිතක්ෂයට පත්ව 130 දෙනකු තුවාල ලබා ඇතැයි ඇෆ්ගන් ආරක්ෂක අංශ සඳහන් කරයි. මෑතකාලීනව නිම්රොස් පළාතේ සරන්ජ් ප්‍රදේශයෙන් වාර්තා වූ දරුණුතම සිද්ධිය මෙය බව සඳහන් කරන එරට ආරක්ෂක අංශ කියා සිටියේ ප්‍රහාරය සඳහා ප්‍රදේශයට පැමිණි සටන්කාමීන් 11 දෙනා ස්ථාන කිහිපයකදී බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති බවයි. මෙම ප්‍රහාර එල්ල වූයේ මුස්ලිම් බැතිමතුන් රාමසාන් කාලය අවසන් කිරීමට සූදානමින් සිටින අවස්ථාවකදීය. මෙසේ පැමිණි බෝම්බකරුවන්ගෙන් දෙදෙනකු පෙරේදා රාති‍්‍රයේදී පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කරන ලද බවත් බෝම්බ පුපුරුවා හැරීමට පෙර තවත් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් නිම්රොස් පළාතේ පොලිස් ප්‍රධානී මුජිබුල්ලා ලටිෆි පැවැසීය. බෝම්බකරුවන් තිදෙනකු විසින් බෝම්බ පුපුරුවා හරින ලද බවත් එම ස්ථානයේම සිටි අනෙක් සටන්කාමීන් තිදෙනාට පොලිසිය විසින් වෙඩි තබන ලද බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ප්‍රහාරයෙන් මියගිය අය අතර සිවිල් වැසියන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් සිටින බව සරන්ජ් ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා පැවැසීය. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවල වගකීම මෙතෙක් කිසිදු පාර්ශවයක් විසින් බාරගෙන නොමැති බව වාර්තා වේ. පසුගිය කාලයේ සිවිල් වැසියන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් ඉලක්ක කරගෙන ඇෆ්ගනිස්තානය තුළ ප්‍රහාර දියත් කළේ තලෙයිබාන් සටන්කාමීන්ය. මේ වන විට තලෙයිබාන් සටන්කාමීන්ට එරෙහිව සටන් කිරීමට 130,000ක පමණ නේටෝ භට පිරිසක් ඇෆ්ගනිස්තානයේ රැුඳී සිටින අතර 2014 වසරේදී ඔවුන් රටෙන් ඉවත්වීමට නියමිතය.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇෆ්ගනිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 41ක් මරුට
මොහොමඩ් Thursday, 16 August 2012 07:56 PM
ඔව් ඔව් අපේ ලංකාව ලෝකෙ උතුම්ම රට.. 88, 89 මතක නැතිව ඇති..!(නු)
නාමල් Friday, 17 August 2012 04:16 PM
අනේ නිමල්, එහෙනම් ඔයා වද නොදී ඇෆ්ඝනිස්තානයට යන්නකෝ ඔයාගේ පවුලේ කට්ටියත් එක්ක. (නි)
නුවන් Thursday, 16 August 2012 02:57 PM
හොද පුවතක්.. අහන්න ආසයි..!!(නු)
ජනක Thursday, 16 August 2012 03:28 PM
මධූ ..ඔබ හරියටම හරි..ඔහොම යන් .. (ස)
ෂෙරීෆ් Thursday, 16 August 2012 04:01 PM
මේ කරන වැඩවලට ළගදීම දඩුවම් ලැබේවි. (නි)
හිමාෂ Thursday, 16 August 2012 04:16 PM
තලේබාන්වලත් අතීතයේ බෞද්ධයන් තමයි ඉදලා තියෙන්නෙ..!!(නු)
අකිල Friday, 17 August 2012 06:12 AM
ආගම් වාදියනෙ.... ඔට භේදෙ නවත්තපල්ලා... හැම දෙයක්ම මේ ආගම් දෙස බම නවත්තපල්ලා... අවුරුදු 30 යුද්ධ කාලේ ඔය භේදෙ නිසා... කවදද ඔහෙලා පාඩමක් ඉගෙන ගන්නෙ. (ස)
නිමල් Thursday, 16 August 2012 05:50 PM
ඒක තමයි අල්ලා දෙවියන්ගේ කැමැත්ත. (නි)
බණ්ඩාර Thursday, 16 August 2012 06:06 PM
ලෝකයේ තියෙන එපාම කරපු රට. කිසිම අනාගතයක් නැහැ. අල්ලා දෙවියන්ගේම පිහිටයි! (නි)
මධු Thursday, 16 August 2012 01:32 PM
කවදාවත්ම බර්මියන් ශාපයෙන් නම් ගැළවෙන්න ලැබෙන්නේ නැහැ. (නි)