IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


ඇෆ්ගන් තලේබාන් රජයේ නව අගමැති අබ්දුල් කබීර්

ඇෆ්ගන් තලේබාන් රජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මෞලවි අබ්දුල් කබීර් පත් කිරීමට තලේබාන්වරුන් පියවර ගෙන තිබේ.

තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර හිතවාදී රජය පෙරළා බලය අල්ලා ගනිමින් ඔවුන්ගේම රජයක් පිහිටුවා ගත්තේ 2021 වසරේ අගෝස්තුවේය. ඒ, ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පියවී ගිය සැණින්ය.

2020 වසරේ දී තලේබාන් නියෝජිතයන් සහ ඇමෙරිකානු රජයේ නියෝජිතයන් අතරේ සාම සාකච්ඡා පැවැත්විණි. ඒ, ඇමෙරිකන් හමුදා පිටව යෑමෙන් පසු ඇෆ්ගනිස්තානයේ අනාගතය සම්බන්ධයෙනි.

සාම සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ කටාර් රාජ්‍යයේ දෝහා නුවර තලේබාන් සාම කාර්යාලය හරහාය. එම සාකච්ඡා සඳහා වැදගත් කාර්යයක් ඉටු කළ අයකු ලෙස 60 හැවිරිදි මෞලවි අබ්දුල් කබීර් සැලකිය හැකිය. ඒ අනුව, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සමඟ යහපත් සබඳතා ඇති අයකු ලෙස ද මෞලවි අබ්දුල් කබීර් සැලකෙයි.

ඇමෙරිකාව 2001 වසරේ දී ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළ අවස්ථාවේදී එදා පැවැති තලේබාන් රජයේ වැඩ බලන අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ද මෞලවි අබ්දුල් කබීර් ය. 2001 වසරේ ඇමෙරිකන් ආක්‍රමණයයෙන් පසු ඇමෙරිකන් රජය අබ්දුල් කබීර්ට සම්බාධක පැනැවීමක් ද කර තිබුණි.

(රොයිටර්)



අදහස් (1)

ඇෆ්ගන් තලේබාන් රජයේ නව අගමැති අබ්දුල් කබීර්

prasanna Friday, 19 May 2023 01:13 PM

ඇෆ්ගනිස්ථානයේ වගේ ඉන්නෙත් අපේ රටේ වගේ පිස්සන් සෙට් එකක්.. අපිට වගේ නුඹලාටත් හැමදාම දුක තමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

පාකිස්තාන යූ ටියුබ් නාළිකා නවත්වයි
2025 අප්‍රේල් මස 28 56 0

ඉන්දු කාශ්මීරයේ පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්තාන ‘යූ ටියුබ්’ නාළිකා රැසක්, ඉන්දියාවේ තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත. ඒ, එම පාකිස්තාන ය


නව පාප්වහන්සේ තෝරා ගැනීම 5 හෝ 6 වැනිදා
2025 අප්‍රේල් මස 28 32 0

නව පාප්වහන්සේ තෝරාපත් කර ගැනීම සඳහා වන කාදිනල්වරුන්ගේ රහසිගත හමුව සහ ඡන්ද විමසුම ලබන 5 වැනිදා හෝ 6 වැනිදා පැවැත්වෙනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක ද


උතුරු කොරියාන් සෙබළු රුසියන් යුක්රේන යුද පිටියේ
2025 අප්‍රේල් මස 28 156 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී තමන්ගේ සහාය රුසියාවට ලබා දෙන බවත්, තම හමුදා රුසියන් හමුදා සමඟ එක් වී, යුක්රේන හමුදා සමඟ සටන් වදින බවත් උතුරු කොරියාව නිල වශයෙ


කැනඩා වැසියෝ ඡන්ද පොළට
2025 අප්‍රේල් මස 28 630 1

කැනඩාවේ පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ විය. ඒ, එරට පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහාය.


පාප් වහන්සේගේ දේහය මිහිදන් කෙරේ
2025 අප්‍රේල් මස 26 1554 0

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.


ට්‍රම්ප් - සෙලෙන්ස්කී හමුවක්
2025 අප්‍රේල් මස 26 1805 0

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1004 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 433 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 581 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site