IMG-LOGO

2025 අප්‍රේල් මස 03 වන බ්‍රහස්පතින්දා


ඇෆ්ගන් පළමු සිනමා අධ්‍යක්ෂවරිය වෙඩි තබා මරා දමයි

ඇෆ්ගනිස්තානයේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂවරිය වන, ඇෆ්ගනිස්තානයේත් බටහිර රටවලත් ප්‍රසිද්ධියට ලත් සබා සහාර්, වෙඩි ප්‍රහාරයකට ලක් වී බරපතල තුවාල ලබා දිවියෙන් සමුගත්තාය. 44 හැවිරිදි, සබා සහාර් සිය මෝටර් රථයෙන්, නිවසේ සිට රාජකාරී සඳහා උදෑසන පිටත්ව යද්දී, යතුරු පැදිවලින් පැමිණි තුවක්කුකරුවන් තිදෙනකු මෝටර් රථය හරස් කර වෙඩි තැබීම සිදු කර ඇතැයි කාබුල් පොලිසිය කියයි.

කිසිදු පාර්ශ්වයක් ප්‍රහාරයේ වගකීම බාර ගෙන නොමැති බව සබාගේ සැමියා වන අමල් සාකී මහතා මාධ්‍ය හමුවේ පවසා තිබේ. වෙඩි තැබීම සිදුවූයේ කාබුල් අගනුවරට දකුණු දෙසිනි. ඇෆ්ගන් තලේබාන් ත්‍රස්ත සංවිධානය පවසා ඇත්තේ සබා සහාර් ඝාතනයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවය.

සබා සහාර් සමඟ කුඩා දරුවකු, රියදුරා සහ සබා සහාර්ගේ ශරීරාක්ෂක නිලධාරීන් දෙදෙනා සිට ඇත. තුවක්කුකරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ සබා සහාර් සහ ශරීරාරක්ෂක නිලධාරීන් පමණි. කුඩා දරුවාට හෝ රියැදුරුට හෝ කිසිදු අනතුරක් සිදුවී නැත.

කුඩා දරුවාගේ අනන්‍යතාව මාධ්‍ය වෙත අනාවරණය වී නැත. සබා සහාර් සිනමා අධ්‍යක්ෂවරියක පමණක් නොව, ජනප්‍රිය ඇෆ්ගන් නිළියකි. චිත්‍රපට නිෂ්පාදිකාවකි. සමාජ ක්‍රියාකාරිනියකි. ඇෆ්ගනිස්තානයේ කාන්තා අයිතීන් වෙනුවෙන් හඬ නැගූ තැනැත්තියකි. එපමණක් නොව, ඇය පොලිස් නිලධාරිනියකි.

2004 දී, ඇය අධ්‍යක්ෂණය කළ පළමු ඇෆ්ගන් චිත්‍රපටය වන්නේ  ‘ද ලෝ’ ය. එය අතිශය සාර්ථක විය. 2010 දී ඇය අධ්‍යක්ෂණය කළ ‘පාසිං ද රේන්බෝ’ චිත්‍රපටය ඇමෙරිකා සිනමා විචාරකයන්ගේ පැසැසුමට ලක් විය.

ඇමෙරිකාවේ චෙල්සි ලලිත කලා විශ්ව විද්‍යාලයේ දී සිනමාව ඉගැන්වීමට කලාත්මක මෙන්ම විශිෂ්ට සිනමා නිර්මාණයක් ලෙස සැලකෙන ‘පාසිං ද රේන්බෝ’ චිත්‍රපටය පාදක කර ගැනෙයි. ඇයගේ අවසන් චිත්‍රපටය වන්නේ 2011 වසරේ අධ්‍යක්ෂණය කළ ‘කාබුල් ඩ්‍රීම් ෆැක්ටරි’ ය.

(රොයිටර් ඇසුරිනි)



අදහස් (2)

ඇෆ්ගන් පළමු සිනමා අධ්‍යක්ෂවරිය වෙඩි තබා මරා දමයි

kumara Saturday, 29 August 2020 03:43 PM

ත්‍රස්තවාදියෝනේ මේවා කරන්නේ... මෙම ප්‍රහාරය තරයේ හෙළා දකිනවා. අන්තවාදියෝ නම් මොන රටේ හිටියත්, මොන ආගමේ හිටියත් ත්‍රස්තයින් තමයි.

:       0       13

Rata Perata Monday, 31 August 2020 06:33 AM

ඉස්ලාම් අන්තවාදය ලෝකෙන්ම තුරන් කිරීමට සියලු දෙනා එක්විය යුතුයි.

:       0       44

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඊශ්‍රායල හමුදා බේරූට් අගනුවරට බෝම්බ දමයි
2025 අප්‍රේල් මස 02 122 0

ඊශ්‍රායල හමුදා, ලෙබනනයේ බීරූට් අගනුවරට දිගින් දිගටම බෝම්බ හෙලන බව වාර්තා වේ. ඒ, ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමිනි. එසේ එල්ල කළ ප්‍රහාරවලින


චීන විදෙස් ඇමැති රුසියාවේ සංචාරයක
2025 අප්‍රේල් මස 02 63 0

චීනය සහ රුසියාව සදාකල් මිතුරන් බවත්, එම මිත්‍රත්වය කිසිදා වෙනස් නොවන බවත් චීන විදේශ අමාත්‍ය වංග් ඊ පවසයි. චීන විදේශ අමාත්‍යවරයා මෙසේ පැවැසුවේ, රුසියාව


රුසියා හමුදාවට අලුත් තරුණයෝ 1,60,000 ක්
2025 අප්‍රේල් මස 02 94 0

රුසියාව සිය හමුදා ශක්තිය වැඩි කරගනිමින් සිටින අතර, අවුරුදු 18 ත් 30 ක් අතරේ තරුණයන් 1,60,000 ක පිරිසක්, හමුදාවට බඳවා ගන්නැයි එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිය


හොලිවුඩ් නළු වැල් කිල්මර් සමුගනී
2025 අප්‍රේල් මස 02 71 0

ජනප්‍රිය හොලිවුඩ් නළු වැල් කිල්මර් දිවියෙන් සමුගත්තේය. ඔහුගේ වයස අවුරුදු 65 කි. 2014 වසරේ වැල් කිල්මර් පිළිකා රෝගියකු ලෙස හඳුනා ගැනුණි. පිළිකාව වර්ධනය වූය


සිරියා අන්තර්වාර රජයට නව ඇමැති මණ්ඩලයක්
2025 මාර්තු මස 31 113 0

සිරියාවේ නව අන්තර්වාර රජයේ නව අමාත්‍ය මණ්ඩලය ප්‍රකාශයට පත් කිරීම, එරට අන්තර්වාර ජනාධිපති අහ්මද් අල් ෂාරාගේ ප්‍රධාන්වයෙන් සිදුවිය.


මට විරුද්ධ වෙන්න එපා: දිගට හරහට බෝම්බ දානවා
2025 මාර්තු මස 31 3202 0

තමන්ට විරුද්ධ වන්නේ නම්, ඉරානයට දිගට හරහට බෝම්බ දමන බව ඇමෙරිකන් ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් තර්ජනය කරයි. ට්‍රම්ප්, මෙසේ තර්ජනය කළේ, ඉරානයේ න්‍යෂ්ටික වැඩ


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 247 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 812 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 788 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site