IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


ඇෆ්ගන් වැසියන් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙනවා

ඇෆ්ගනිස්තානයේ ජනගහනයෙන් සියයට තුන්නෙන් දෙකක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙලෙන බවත්, එය මහා මානුෂීය ඛේදවාචකයක් බවත් ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.

එම පිරිස අතර සිටින වැඩි දෙනා කුඩා දරුවන් බවත්, කුඩා දරුවන් 8,75,000 ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙලෙන බවත් ‘හියුමන් රයිට්ස් වොච්’ වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙයි. ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් සහ ගැහැනු දරුවන් ආර්ථික ගැටලුවලට මුහුණ දෙන බව ද වාර්තාවේ සඳහන් වෙයි.

‘හියුමන් රයිට්ස් වොච්’ වාර්තාවේ සඳහන් වන ආකාරයට, අනාරක්ෂිතභාවයෙන් පෙලෙන සෙසු රටවල් අතර බුර්කිනා ෆාසෝ, හයිටි, නයිජීරියාව, සෝමාලියාව, දකුණු සුඩානය සහ යේමනය ද තිබේ.

ඇෆ්ගනිස්තනයේ පවතින්නේ තලේබාන් පාලනයකි. තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානයේ බලය ඇල්ලා ගත්තේ 2021 අගෝස්තුවේ ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී ගිය සැණින්ය.

තලේබාන්වරුන් ඔවුන්ගේ ෂරියා නීතිය ක්‍රියාත්මක කර ඇති අතර කාන්තාවන්ට තහංචි පනවා තිබේ. බාලිකා අධ්‍යාපනයට ද විරෝධය දක්වා තිබේ. මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අප්‍රසාදයට හේතුවක් වී ඇති අතර, තලේබාන් රජයට ලබා දෙන ආධාර කප්පාදු කිරීමට එක්සක් ජාතීන්ගේ සංවිධානය පියවර ගෙන තිබේ.

(රොයිටර්)



අදහස් (2)

ඇෆ්ගන් වැසියන් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙනවා

prasanna Wednesday, 17 May 2023 11:22 AM

අපේ රටෙත් ඔය ප්‍රශ්නය උග්‍ර ලෙස තියනවා .ඇෆ්ගනිස්තානයට යන්න උවමනා නැහැ .ලංකාවේ පාසල් ළමයෙකුගේ කෑම පෙට්ටියක් බලන්න.ළමා පරපුර අන්තිම අසරණ තත්වෙක ඉන්නේ

:       1       1

R .D.L.C.L.JAYARATHNE Thursday, 18 May 2023 08:46 AM

සියයට තුනෙන් දෙකක් කියන්නේ පැහැදිලි නෑ ඒක..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

පාකිස්තාන යූ ටියුබ් නාළිකා නවත්වයි
2025 අප්‍රේල් මස 28 55 0

ඉන්දු කාශ්මීරයේ පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්තාන ‘යූ ටියුබ්’ නාළිකා රැසක්, ඉන්දියාවේ තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත. ඒ, එම පාකිස්තාන ය


නව පාප්වහන්සේ තෝරා ගැනීම 5 හෝ 6 වැනිදා
2025 අප්‍රේල් මස 28 32 0

නව පාප්වහන්සේ තෝරාපත් කර ගැනීම සඳහා වන කාදිනල්වරුන්ගේ රහසිගත හමුව සහ ඡන්ද විමසුම ලබන 5 වැනිදා හෝ 6 වැනිදා පැවැත්වෙනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක ද


උතුරු කොරියාන් සෙබළු රුසියන් යුක්රේන යුද පිටියේ
2025 අප්‍රේල් මස 28 156 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී තමන්ගේ සහාය රුසියාවට ලබා දෙන බවත්, තම හමුදා රුසියන් හමුදා සමඟ එක් වී, යුක්රේන හමුදා සමඟ සටන් වදින බවත් උතුරු කොරියාව නිල වශයෙ


කැනඩා වැසියෝ ඡන්ද පොළට
2025 අප්‍රේල් මස 28 630 1

කැනඩාවේ පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ විය. ඒ, එරට පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහාය.


පාප් වහන්සේගේ දේහය මිහිදන් කෙරේ
2025 අප්‍රේල් මස 26 1554 0

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.


ට්‍රම්ප් - සෙලෙන්ස්කී හමුවක්
2025 අප්‍රේල් මස 26 1805 0

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1004 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 433 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 581 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site