IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ඉන්දුනීසියා ජනපතිවරණයෙන් සුබියැන්තෝ ජය ගනී

ඉන්දුනීසියා ජනාධිපතිවරණය ජය ගැනීමට 72 හැවිරිදි ප්‍රබෝවෝ සුබියැන්තෝ සමත් විය. ප්‍රබෝවෝ සුබියැන්තෝ ජයග්‍රහණය කළේ සියයට 58 ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගනිමිනි.

සුබියැන්තෝ හමුදා අණ දෙන නිලධාරියකු ලෙස ද රාජකාරි කර ඇත. පසුගිය රජයේ ආරක්ෂක අමාත්‍යවරයා වූයේ ද ඔහුය. මීට පෙර අවස්ථා දෙකකදී, සුබියැන්තෝ ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස තරග කර ඇති නමුත් ඔහුට ජයක් හිමි නොවිණි.

අග්නිදිග ආසියාවට අයත් ඉන්දුනීසියාවේ ජනාධිපතිවරණය ඊයේ (14) පැවැත්විණි.

ජනාධිපතිවරණයට අමතරව, මහ මැතිවරණයත්, පළාත් සභා මැතිවරණයත් පැවැත්විණි. ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය එකම දිනයේ පැවැත්වෙන්නේ ඉන්දුනීසියාවේ පමණක් බව ද පැවැසෙයි.

ඉන්දුනීසියාවේ ජනාධිපති ධුරය හෙබවූයේ ජෝකෝ විඩෝඩෝය. විඩෝඩෝ ධුර කාල දෙකක් සම්පූර්ණ කළ බැවින්, යළි ජනාධිපති ධුරයක් වෙනුවෙන් තරග වැදීමට නොහැකිය. ප්‍රබෝවෝ සුබියැන්තෝ නායකත්වය දෙන්නේ ගෙරින්ද්‍රා දේශපාලන පක්ෂයටය.

ප්‍රබෝවෝ සුබියැන්තෝ යනු ඉන්දුනීසියාවේ දෙවැනි ජනාධිපතිවරයා ද වූ හමුදා පාලක ජනරාල් සුහර්තෝගේ බෑණාය. සුහර්තෝ, 2008 වසරේ මියගියේය. ඒ වනවිට ඔහු 86 වියෙහි පසුවිය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ඉන්දුනීසියා ජනපතිවරණයෙන් සුබියැන්තෝ ජය ගනී

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

CIA බුද්ධි අංශය ඔන්ලයින් ඔත්තුකරුවන් බඳවා ගන්නවා
2024 ඔක්තෝබර් මස 03 160 0

ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි ඒජන්සිය, ඉරානයෙන් සහ උතුරු කොරියාවෙන් ‘ඔන්ලයින්’ ඔත්තුකරුවන් බඳවා ගන්නා බව විදෙස් මාධ්‍ය පවසයි.


උප ජනපති අපේක්ෂකයන්ගේ විවාදය
2024 ඔක්තෝබර් මස 03 77 0

නොවැම්බර් පස් වැනිදා පැවැත්වීමට නියමිත ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන උප ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනාගේ විවාදය නිව්යෝක් නුවරදී පැවැත්විණි.


හිටපු කැබිනට් ඇමැතිට සිර දඬුවම්
2024 ඔක්තෝබර් මස 03 1610 7

සිංගප්පූරුවේ හිටපු අමාත්‍ය එස්. ඊශ්වරන්ට මාස 12 ක සිරදඬුවමක් නියම විය.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 2744 1

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 4515 0


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38800 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site