IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


ඉන්දියාවේ ආගමික උත්සවයක තෙරපීමක්: 116 ක් මරුට

ඉන්දියාවේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ සිදුවුණු තෙරපීමකින් 116 ක් මියගියහ. මියගිය එම 116 දෙනාගෙන් 106 දෙනකු කුඩා දරුවන් සහ කාන්තාවන් බව ද පැවැසෙයි.

තෙරපිම හටගත්තේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ හත්රාස් නගරයේ පැවැති ‘සත්සංග්’ උත්සවය අතරතුරේය. මෙය වාර්ෂිකව පැවැත්වෙන උත්සවයකි. මෙවර ‘සත්සංග්’ උත්සවයට ද වෙනදා මෙන් දහස් ගණනක් දෙනා සහභාගී වූ බව ද පැවැසෙයි. 

උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත මහ ඇමැති යෝගී ආධිත්‍යනාත්, සිද්ධිය ගැන කම්පා වෙමින් පවසා ඇත්තේ තෙරපීමට හේතුව සෙවීමට වහාම විමර්ශනයක් ආරම්භ කළ බවය. තෙරපීම හටගෙන ඇත්තේ ආගමික උත්සවය අවසන් වෙද්දී යැයි පොලිසිය පවසයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙන්ම, ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු ද මියගිය පිරිස වෙනුවෙන් සොව පළ කළ අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුව ප්‍රාර්ථනා කළ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (2)

ඉන්දියාවේ ආගමික උත්සවයක තෙරපීමක්: 116 ක් මරුට

පියනන්ද Wednesday, 03 July 2024 05:27 AM

කිසියම් ආගමක වහලුන් වීම තරම් මෝඩකමක් තවත් නැත. අන්තවාදී බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි, වෙනත් ලබ්ධි ඔය කෝකටත් මේ සත්‍යය අදාළයි.

:       1       4

viraj Wednesday, 03 July 2024 11:26 AM

මරි මෝඩ ඉන්දියානුවෝ

:       1       3

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ගගන සංචාරකයෝ ආපසු එති
2024 සැප්තැම්බර් මස 16 960 0

ඇමෙරිකා ‘ස්පේස් එක්ස්’ සමාගමේ, ‘පොලාරිස් ඩෝන්’ ගගන සංචාරය, සාර්ථකව අවසන් කරමින්, ඊට සහභාගී වූ සංචාරක ගගනගාමීහු සිවුදෙනා යළි පෘථිවිය බලා පැමිණියහ.


යුරෝපයටත් මහ වැසි: ජල ගැලීම්
2024 සැප්තැම්බර් මස 16 194 0

මහ වැසි හේතුවෙන්, මධ්‍යම සහ නැගෙනහිර යුරෝපා රටවල් රැසක පළාත් බොහොමයක් ජලයෙන් යටවී ඇති බවත්, එම රටවල වැසියන් ලක්ෂ ගණනක් පීඩාවට පත් ව ඇති බවත් විදෙස් මාධ්


හවුති සටන්කාමීන්ගෙන් පළිගන්නවා - නෙදන්යාහු
2024 සැප්තැම්බර් මස 16 2715 1

යේමනයේ, ඉරාන හිතවාදී ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. මිසයිලය පතිත වූයේ මධ්‍යම ඊශ්‍රායලයට අයත් ජනශුන්‍ය ප්‍රද


‘යාගී’ මියන්මාරයට: 100 ක් මරුට
2024 සැප්තැම්බර් මස 16 701 1

‘යාගී’ සුළි කුණාටුවෙන් මියන්මාරයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් නොකඩවා ඇද හැලෙන මහ වැසි, ජල ගැලීම් සහ නායයෑම් හේතුයෙන් මියන්මාර වසියන් 100 කට වැඩි ගණනක් ජ


ට්‍රම්ප්ට ආයෙත් වෙඩි තියන්න හදලා
2024 සැප්තැම්බර් මස 16 3832 0

යළිත් වරක්, ඇමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එයින් ට්‍රම්ප්ට කිසිදු අනතුරක් සිදු නොවුණු අතර, වෙඩි තැබීම කළ පුද්ගලයා


අපට අලුත් සඳක් ලැබෙන්නයි යන්නේ
2024 සැප්තැම්බර් මස 15 3549 7

පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වීමට නියමිත බව තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මේ අලුත් සඳ දින 53 ක් තිස්සේ ෙපෘථිවිය සමඟ සිටිනු ඇතැයි


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site