ඉන්දියාවේ ඊශ්‍රායල තානාපති කාර්යාලයට අයත් මෝටර් රථයකට පෙරේදා (13) බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් එහි රියැදුරු සහ තානාපති කාර්යාල නිලධාරීහු තිදෙනෙක් තුවාල ලැබූහ. එම සිද්ධියෙන් පැය කිහිපයකට පසු ජෝර්ජියාවේ ඊශ්‍රායල තානාපතිවරයාගේ මෝටර් රියට සවිකර තිබූ බෝම්බයක් නිෂ්කී‍්‍රය කිරීමට ආරක්ෂක අංශ නිලධාරීහු සමත් වූහ. ඉන්දියාවේ ඊශ්‍රායල තානාපති කාර්යාලයට අයිති මෝටර් රථයට බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ නවදිල්ලි නුවරදීය. මෝටර් රථය පෙරේදා සවස 3 ට පමණ ඊශ්‍රායල තානාපති කාර්යාලයෙන් පිටවී ගමන් කරමින් තිබියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු මෝටර් රථයේ චුම්බක බෝම්බයක් සවිකොට පලා ගිය බවත් එය පුපුරා මෝටර් රථය ගිනි ගත් බවත් නවදිල්ලි පොලිසිය පවසයි. පිපිරුමට සහ ගින්නට හසුවීමෙන් ඊශ්‍රායල තානාපති කාර්යාල නිලධාරිනියක්, තවත් නිලධාරීහු දෙදෙනෙක් රියැදුරා තුවාල ලැබූහ. ඔවුන් කඩිනමින් රෝහල් ගත කෙරුණි. තානාපති කාර්යාල නිලධාරිනියගේ තත්ත්වය බරපතළ යැයි නවදිල්ලි රෝහල් ආරංචි මාර්ග පවසයි. ප්‍රහාරයට හසුවෙද්දී යෙෂෝෂුවා කොරේන් නමැති එම නිලධාරිනිය, දරුවන් දෙදෙනා පාසලේ සිට නිවසට රැුගෙන යෑමේ අරමුණින් තානාපති කාර්යාලයෙන් පිටව ගොස් ඇතැයි ඊශ්‍රායල තානාපති කාර්යාලය නිවේදනය කළේය. නවදිල්ලි නුවර සිදුවූ ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු ජෝර්ජියාවේ ටිබ්ලීසි නුවර ඊශ්‍රායල තානාපතිවරයාගේ මෝටර් රථයේ සවිකර තිබූ බෝම්බයක් තානාපති කාර්යාල නිලධාරියකුට දකින්න ලැබී ඇති අතර ඔහු ඒ පිළිබඳ ජෝර්ජියා ආරක්ෂක අංශ වෙත දැනුම් දුන්නේය. බෝම්බ නිෂ්කී‍්‍රය නිලධාරීන් පැමිණ බෝම්බය නිෂ්කී‍්‍රය කළ බව වාර්තා වේ. නවදිල්ලි නුවරදී එල්ල වූ ප්‍රහාරයත් ජෝර්ජියාවේ දී එල්ල කිරීමට සැලැසුම් කළ ප්‍රහාරයත් ත්‍රස්ත ප්‍රහාර බවත් ඒවාට වගකිවයුත්තේ ඉරානය බවත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්හායූ ඊයේ (14) මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය. ඉරානය ලෝකය පුරා ත්‍රස්තවාදය පතුරුවන බවට අගමැති නෙදන්යාහූ චෝදනා කළේය. ඉරානය ලෝකයට තර්ජනයක් වී ඇති බවත් ඉරානයේ සැහැසිකම් මට්ටු කිරීමට ලෝක ප්‍රජාව එකමුතු විය යුතු බවත් අගමැති ඊශ්‍රායල අගමැති වැඩිදුරටත් කියා සිටියි. එම ප්‍රහාර ඉතා බියගුලූ කි්රයාවක් යැයි ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ද පවසයි. ප්‍රහාරයට ඉරානය සම්බන්ධ යැයි ඇය සෘජුව පවසා නොමැත. මේ අතර ඉරානය පවසන්නේ එම ප්‍රහාරවලට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවත් චෝදනා එල්ල කරමින් ඊශ්‍රායලය තමන්ට පහර දීමට ‘පොටක් පාදා ගැනීමට’ සැරසෙන බවය.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්දියාවේ ඊශ්‍රායල තානාපති රියකට බෝම්බ ප්‍රහාරයක්
ලක්ෂාන් Thursday, 16 February 2012 07:43 AM
ඉරාණයට බොරු චෝදනා කරන්න එපා..