IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ඉන්දියාවේ සැප බසයක් අධිවේගී මාර්ගයකදී ගිනිගනී

ඉන්දියාවේ ආන්ද්‍රා ප‍්‍රදේශයේ අධිවේගී මාර්ගයක ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී මගී බස් රියක හටගත් ගින්නට බසයේ ගමන් කරමින් සිටි 49 දෙනාගෙන් 44 දෙනෙක්ම බිලිවූහ.

පණ බේරා ගැනීමට හැකි වූ පස් දෙනා අතර රියැදුරු සහ කොන්දොස්තරවරයා ද සිටී. ඔවුහු ද පිළිස්සුම් තුවාල ලබා සිටිති.

ගින්න හට ගත්තේ, බැංගලෝර් සිට හයිද්‍රාබාද් නුවර බලා ධාවනය වෙමින් තිබුණු බස් රියකය. බස්රිය ගිනි ගත්තේ, එහි වේගය පාලනය කර ගැනීමට රියැදුරුට නොහැකි වී එය  මාර්ගය අසල ඇති යකඩ ආරක්ෂිත වැටේ ගැටීමෙනි.

එම ගැටීමෙන්, බස් රියේ ඉන්ධන ටැංකියට හානි සිදුවී ගින්න හටගෙන ඇතැයි පොලිසිය කියයි.

ගින්න හටගත් අවස්ථාවේ, මගීන් බස්රිය තුළ කොටු වූහ. ඔවුන් පණ පිටින් පිළිස්සී මියගිය අතර, රියැදුරු, කොන්දොස්තර සහ මගීන් තිදෙනෙකු එළියට පැනගෙන ඇත්තේ ඉදිරිපස වීදුරුව කඩා දැමීමෙනි.

රියැදුරු සහ කොන්දොස්තරවරයා පැන යෑමට උත්සහ කළ බවත් පොලිස් නිලධාරීන් ඔවුන් අල්ලා ගත් බවත් පසුව වාර්තා විය. අනතුර සිදුවී ඇත්තේ රියැදුරුගේ නොසැලකිල්ල නිසා යැයි පොලිසිය කියා සිටී.

පිළිස්සුම් තුවාල ලැබුවෝ වහාම රෝහල් ගත කෙරුණහ. මියගිය අය හඳුනා ගැනීමට නොහැකි ආකාරයට පිළිස්සී ඇති බව ද පොලිසිය පවසයි. අනතුර ගැන පුළුල් පරීක්ෂණයක් පැවැත් වීමට කටයුතු කරන බව ද පොලිසිය වැඩි දුරටත් කීය.

 

ගින්නට හසුවූ බස්රිය
 

 



අදහස් (0)

ඉන්දියාවේ සැප බසයක් අධිවේගී මාර්ගයකදී ගිනිගනී

මෙන්ඩිස් Friday, 01 November 2013 07:10 AM

සෙනරත් , ලේලන්ඩ් බස් එක්ක නෙමෙයි තරහ තියෙන්නේ. ඒවා හදන රටත් එක්ක (නි)

:       0       0

ශිරෝ Thursday, 31 October 2013 11:35 AM

එක් අයෙකුගේ වරදින් ජීවිත කීයක් පණ පිටින් පිලිස්සිලාද?? අනේ පව්. ජීවිත බොහෝ ගණනක් අරගෙන යන බස්වල රියදුරන්ගේ නොසලකිලිමත් කමින්, අවිනීත කමින් පදිකයන්ගේ විතරක් නෙමෙයි මගීන්ගෙත් ජීවිත අවදානමට වැටෙනවා. (ස)

:       0       0

ලාල් Friday, 01 November 2013 09:42 AM

භක්තිය වැඩිකමද මන්ද ඒක අල්ලාහ් ගේ කැමැත්ත කියල කියන්නේ?අනේ මෙහෙම ජනතාවක්.ඉතින් නිවන් සුව පතල වැඩක් නැ. (ස)

:       0       0

සෆෙර්දීන් Friday, 01 November 2013 10:08 AM

ලංකාවේ හයිවේ වලිනුත් ලේලන්ඩ් බස් ඉවත් කරලා වෙන බස් ටිකක් දැම්මොත් හොඳයි. තාක්ෂණයෙන් අඩු ඉන්දියානු බස් එපා (නි)

:       0       0

කුමාරි Thursday, 31 October 2013 12:43 PM

අයියෝ පව්.මොන තරම් බියක් සංත්‍රාසයක් හදවත් තුල ඇති වෙන්න ඇත්ද? ලෝකෙ කොයි රියැදුරු මහත්තයත් හිතන්න ඕන වාහනේ ඉන්න ඔක්කොමගෙ ජීවිත තියෙන්නෙ එතුමා අතේ කියලා. (ස)

:       0       0

ඉන්දු - ලන්ඩන් Thursday, 31 October 2013 02:02 PM

එහෙනම් රිස්වාන් කියන්නේ මිනිස්සු රකින්න රෝහල්, නීති රීති, ආරක්ෂක සේවා, කිසිවක් ඕන නෑ. වැරදි කරුවන්ට දඬුවම් දෙන්න ඕන නෑ. හැම කෙනාම "වෙලාව" ආවම යන නිසා කියලද? එහෙනම් ඔයාලා ෂාරියා නීතිය පාවිච්චි කරන්නේත් වැරදි කරුවන්ට දඬුවම් කරන්නනේ. "වෙලාවට" සියලු දේ විසඳන්න දෙන්න තිබුණනේ... (ස)

:       0       0

ලාල් Friday, 01 November 2013 11:35 AM

ඉන්දියාවට ගරහනවා.අපේ ජිවිතවලට ඉන්දියානු වාහන කොච්චර බැඳිලද?.මාලු වෙළෙන්දාගේ වාහනේ ඉඳල ලොකු ව්‍යාපාර දක්වා අදත් පාවිච්චි කරන්නේ මේඩ් ඉන් ඉන්ඩියා.ඔය කියන හයිවේ හැදුවෙත් ඒ රටේ වාහන උදව් කරගෙන.අඩු ගානේ ධර්මාශෝක රජ්ජුරුවෝ ලංකාව වර්ජනය කලා නම් අපිත් නයිජීරියාවට නෑකම් කියවී.මේ වගේ මුල අමතක වන ජාතියක්. (ස)

:       0       0

මධු Thursday, 31 October 2013 02:20 PM

හනේ අපොයි. මිය ගිය සැමට නිවන් සුව ලැබේවා !!! (ස)

:       0       0

මෙන්ඩිස් Thursday, 31 October 2013 08:08 AM

ලංකාවේ හයිවේ වලිනුත් ලේලන්ඩ් බස් අයින් කරලා වෙන බස් ටිකක් දැම්මොත් හොඳයි නේද? (නදී)

:       0       0

සෙනරත් Thursday, 31 October 2013 10:42 PM

මෙන්ඩිස්, ලේලන්ඩ් බස් එක්ක තරහක් එහෙම තියෙනවද? (නි)

:       0       0

මොහොමඩ් Thursday, 31 October 2013 11:05 PM

ඒක අල්ලා දෙවියන්ගේ කැමැත්ත (නදී)

:       0       0

සංජු Thursday, 31 October 2013 08:48 AM

ලංකාවෙත් ලගදී ඔහොම එකක් උනේ. තාක්ෂනේයෙන් අඩු ඉන්දියානු බස් ගන්න එපා .(නදී)

:       0       0

ඉන්දික Thursday, 31 October 2013 08:59 AM

මෙන්ඩිස්, ගින්න හට ගෙන තියෙන්නේ බසයේ වරදින් නොව, රියදුරු නොසැලකිලිමත් ලෙස ධාවනය කල නිසා සිදුවූ අනතුර නිසා. (ස)

:       0       0

රිස්වාන් ඩුබායි Thursday, 31 October 2013 09:07 AM

අප කාටත් දොස් කියලා පලක් නැහැ. වේලාව තමයි සියලු දේ විසඳන්නේ. මිය ගිය සියලු දෙනා සාමයේ සැපතේවා !! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 155 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 128 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 303 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 55 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 69 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 479 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2110 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site