ඉන්දියාවේ 15 වැනි අගමැති ලෙස නරේන්ද්‍ර මෝඩි ලබන 26 වැනිදා දිවුරුම් දීමට නියමිතය. එම උත්සවයට මහින්ද රාජපක්ෂ ජනපති ද සහභාගී වන බව ඉන්දියා ටුඩේ වෙබ් අඩවිය කියයි.
පකිස්තාන අගමැති නවාස් ෂරීෆ් ද ඇරියුම් ලබා සිටී.
ඉන්දීය ජනපති මන්දිරය වන රාෂ්ට‍්‍රපතිභවන්හි එළිමහනේ දී පැවැත්වෙන මේ උත්සවයට 3,000 දෙනකුට ඇරියුම් කැර ඇත.
නරේන්ද්‍ර මෝඩි ගුජරාට මහා ඇමැති ධුරයෙන් අද (21) සමු ගත්තේය.
අනන්දිබෙන් පාටෙල් (72) ගුජරාට ප‍්‍රාන්ත ආදායම් ඇමැතිනිය ගුජරාට මහ ඇමැති ධුරයට පත් වෙතියි කියති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්දියා අගමැති දිවුරුමට ලංකා ජනපතිත් යයි
විද්‍යා Thursday, 22 May 2014 07:52 PM
ඔව් ඔව් දැන්මම ගිහින් යාලු කරගන්න එක හොඳයි (නි)
ධර්මපාල Friday, 23 May 2014 07:27 PM
රටට, ජාතියට, ආගමට හිත තිබෙන මිනිසෙක් රටක නායකයෙක් වෙන්නේ රටේ මිනිස්සුන්ගෙත් පිනට. ඉරානය, ඇප්ගනිස්ථානය, මැලේසියාව, නජිකිස්ථානය, ඉන්දොනිසියව බංග්ලාදේශය වගේ රටවල් රැසක්ම ඉස්සර බෞද්ධ. .. නමුත් දියාරු සර්වාගමික පාලකයෝ නිසා ඒවා බෞද්ධයන්ට අහිමි උනා. මේ අගමැති රට ජාතිය වෙනුවෙන් ලොකු දෙයක් කරනවා කියල අපට හිතෙනවා. .. ජය වේවා! (නදී)
ශීලා Thursday, 22 May 2014 01:27 PM
කලබල වෙන්න ඕන නැහැ.... අපේ ජනාදිපති තුමා අර තුන්දාහකින් තවත් එක්කෙනෙක්.අපට විතරක් කරපු අතිවිශේෂ සංග්‍රහයක් නොවේ කියලයි මන් නම් හිතන්නේ. (අ)
මල්කා Thursday, 22 May 2014 01:28 PM
ලංකාවට හොද කාලයක් වගේ (දී)
පූර්ණ Saturday, 24 May 2014 02:16 PM
කොටි ඩයස් පෝරාවට වුවමනා වී ඇත්තේ ශ්‍රී ලංකා ජනාධිපති ජාත්‍යන්තරය හා සම්බන්ධ වීම වලක්වන්නටය.ඉන්දියානු ආරාධනයද ඔවුන් නොරුස්සන්නේ ඒ නිසාය.ලොකු දෙයක් ඉන්දියාවටවත් යන්න ලැබෙන එක කියා අදහස් පල කරන සමහර ලාංකිකයෝත්(ලාංකික දැයි නොදනිමු)කොටි ඩයස් පෝරාවත් අතර වෙනසක් ඇද්දැයි සිතා බැලීම කාලෝචිතය. (අ)
ජයාන් Thursday, 22 May 2014 01:41 PM
3000 කියන්නේ ඉන්දියාවේ කට්ටියත් එක්ක. මිනිස්සු හරිම කුහකයි. (ස)
රෝහිත Thursday, 22 May 2014 01:06 AM
ලොකු දෙයක් ඉන්දියාවට හරි යන්න ලැබෙන එක. (ස)
රූපවතී Thursday, 22 May 2014 01:09 AM
අනේ ජයලලිතට මොකද වෙන්නේ, කව්රුවත් දන්නවා නම් කියන්නකෝ ..? එයාව කොහොම හරි ගෙදර යවන්නම ඕනේ. කැලේ බණ්ඩාර දෙවියන්ගේ වරමින් ...? (ස)
ගලේ Thursday, 22 May 2014 02:10 PM
සතුටුදායක ආරංචියක් ලංකාවට ඉතාමත් සුභ පෙරනිමිත්තක්.... (දී)
සේනක Thursday, 22 May 2014 02:18 PM
ඉන්දියාවෙන් ආරාධනා කරයි කියලා හිතන්නවත් බැහැ (දී)
සුනිමල් බණ්ඩාර Thursday, 22 May 2014 04:51 AM
ජයලලිතාත් එනවද දන්නෙ නැහැ (නි)
ලහිරු Thursday, 22 May 2014 05:22 AM
ඔබට අපේ සුභ පැතුම්! (නි)
වරුණ Thursday, 22 May 2014 06:00 AM
තමිල්නාඩුවට යටත් නොවී ශ්‍රී ලංකාව සමග තීන්දු තීරණ ගැනීමට හැකි ශක්තියක් ඉන්දීය නව අගමැතිතුමාට ඇති වේවා! (නි)
දිසානායක Thursday, 22 May 2014 07:26 AM
යන්න යන්න. මේ වෙලාව තමයි හොඳම වෙලාව (නි)
අජිත්කරුණාරත්න ලියනගේ Thursday, 22 May 2014 07:42 AM
මේ වගේ අවස්තාවක නොවරදවාම යන්න ඕනේ. අපේ ජනාධිපතිතුමා මේ වගේ ට්‍රික්ස් වැඩ වලට හරි ශුරයනේ. බය වෙන්න දෙයක් නැහැ. කොහොම හරි ජාම බේරා ගනීවි. (නදී)
කමල් Thursday, 22 May 2014 08:25 AM
ශක්තිමත් දකුණු ආසියාවක් ගොඩ නැගීම ප්‍රාර්ථනයක් නම්, අවංක චේතනාවක් නම් ඉත සිතින් සුභ පතමු. (නදී)
පිටබැද්දර ජයා Thursday, 22 May 2014 03:26 PM
ජයලලිතාට ඇට මාලේ අතට අරන් බණක් භාවනාවක් කරන්න කාලේ හරි වගේ නේද ? (ස)
සමීර Friday, 23 May 2014 01:38 AM
චන්ද්‍රිකා කියන දේත් ඇත්තක් තියනවා. (ස)
කුමාර Thursday, 22 May 2014 09:53 AM
රටවල් වල තියෙන මිතුදම වැඩිකර ගන්න හොද වැඩක් (දී)
සංජීව Thursday, 22 May 2014 10:18 AM
අජිත් කරුණාරත්න, මමත් ඔබ තුමා සමග එකඟයි, මේ වැඩේට අපේ ජනාධිපතිතුමා යන්නම ඕනේ, ඔබේ කියමනත් මසුරන්. (ස)
චන්ද්‍රිකා Thursday, 22 May 2014 10:33 AM
අපේ ජනාධිපති තුමා දැනට ලෝකයේම ඉන්න ශ්‍රේෂ්ඨ නායකයෙක්. විජයබාහු රජුගේ වටිනාකම තේරෙන්නේ අවුරුදු 1000 කට පස්සේෙ දැන් ලංකාවේ ඉතිහාසය කියවනකොට. මහින්ද රාජපක්ෂ ජනධිපතිතුමගේ වටිනාකම හරියට තේරුම් ගන්න පුළුවන් අපට නෙමෙයි තව අවුරුදු 1000 කට පසුව ලංකාවේ ඉතිහාසය කියවන අයට. (ස)
කෙවින් Thursday, 22 May 2014 11:30 AM
චන්ද්‍රිකා, විජයබාහු මහජන දේපල හොරකන් කලේ නෑ. (ස)
සිසිර Friday, 23 May 2014 07:29 AM
ඔබතුමාට ජය ශ්‍රී! (නි)
බමුණුසිංහ Friday, 23 May 2014 07:29 AM
මටත් සල්ලි තිබෙනවා නම්, නැහැ නැහැ මටත් සල්ලි ලැබෙනවා නම්, මමත් යනවා.අනේ අපි වගේ මෝඩයෝ! (නි)
මේනකා Thursday, 22 May 2014 12:04 PM
කොහොමහරි ගිහින් නව අගමැතිතුමා සමග සුහද වෙන එක නම් ඉතා හොඳයි. අපිට මේ වෙලාවේ කිසිම රටක් තරහ කරගෙන බැහැ. හැබැයි අර ජයලලිතා ආන්ටිව නම් මේච්චල් කරන එක ලේසි වෙන එකක් නැහැ. සාරියත් අතේ තියාගෙන බලාගෙන ඉන්නෙම අපිට අංචියක් අදින්න. ඔය කසාද නොබැඳපු බවලතුන් ඔහොමමයි. (නදී)
පෙරේරා Friday, 23 May 2014 07:38 AM
අපේ මඟුල් ගෙවල් වලට ඉන්දියාවේ ආණ්ඩුවේ අයත් ආවද? (නි)
චම්පි නිශ්ශංක Wednesday, 21 May 2014 09:38 PM
සුභපැතුම්
සිරියලතා කෙන්යා Thursday, 22 May 2014 12:31 PM
3000 කට අාරාධනා කරලා. ඒකෙන් කෙනෙක් අපේ ජනාදිපති. (නදී)
ඉන්දික Friday, 23 May 2014 08:57 AM
කෙවින්,ටිකක් ඔලුව පාවිච්චි කරන්න, තමුන්ගේ පක්ෂයේ පාට ඔලුවේ තියාගෙන අදහස් දාද්දි. (නි)
රාජේශ් Thursday, 22 May 2014 07:42 PM
ජයලලිතාත් එනවද දන්නෙ නැහැ (නි)