නව වෙළෙඳ ගනුදෙනු ඇති කර ගැනීමේ අරමුණින් ඉන්දීය ජනපති මන්මෝහන් සිං ඊයේ (28) මියන්මාරයට පැමිණ එරට නව සිවිල් රජයේ ජනපති ත්වෙන් ස්වෙන් හමුවී සාකච්ඡා පැවැත්වීය. වසර 25 කට පසු ඉන්දීය අගමැතිවරයකු මියන්මාරයට පැමිණි පළමු අවස්ථාව ද මෙයයි. අගමැති සිං, හරසරින් පිළි ගැනීමට මියන්මාර රජය කටයුතු කර තිබුණි. එම ගමනට අගමැති සිංගේ බිරිය ද එක් ව සිටියාය. අගමැති සිං සහ ජනපති ත්වෙන් ස්වෙන් අතර හමුව පැවැත්වූයේ නයිපායිඬේව් අගනුවර පාර්ලිමේන්තුවේදීය. ඉන්දීය අගමැතිවරයා පිළිගැනීමට මැති ඇමැතිවරු බොහෝ දෙනෙක් ද එම අවස්ථාවට එක්ව සිටියහ. ඉන්දීය අගමැති සිං සහ මියන්මාර රජය අතර නව වෙළෙඳ ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීම ද එම අවස්ථාවේ සිදුවූ බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. බලශක්ති අර්බුදයකට ද මුහුණ දී සිටින ඉන්දියාව, ඒ සම්බන්ධයෙන් ද මියන්මාරය සමඟ සබඳතා ඇති කර ගැනීමට තීරණය කළේ හමුදා පාලනය නිමාවී මියන්මාරයේ දේශපාලන පෙරැළියක් සිදුවී ඇති අවස්ථාවකදීය.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්දීය අගමැති සිං මියන්මාරයේ සංචාරයක
සන්ජු Tuesday, 29 May 2012 10:37 AM
ඉන්දීය ජනපති මන්මෝහන් සිං
හේමන්ත Tuesday, 29 May 2012 01:13 PM
මට පේන්නේ මෙතන පටලැවිල්ලක් වෙලා