IMG-LOGO

2025 මාර්තු මස 11 වන අඟහරුවාදා


ඉන්දීය ගුවන් හමුදාවේ ජෙට් යානා දෙකක් අනතුරේ

ඉන්දීය ගුවන් හමුදාවට අයත්, ‘සුකෝයි එස්.යූ. 30’ සහ ‘මිරාජ් 2000’ වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා දෙකක්, පුහුණු මෙහෙයුමක් අතරතුරේ එකිනෙක හැපී අනතුරට ලක්විණි.

එකිනෙක හැපුණු ප්‍රහාරක යානාවලින් එකක් මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ මොරේනා පළාතටත්, අනෙක ඊට කිලෝ මීටර් 100 ක් දුරින් රාජස්ථානයේ භාරත්පූර් පළාතටත් කඩා වැටී පිපිරී විනාශ වූ බව පැවැසෙයි.

‘සුකෝයි එස්.යූ. 30’ යානය නියමුවන් දෙදෙනකුට යා හැකි ප්‍රහාරක ජෙට් යානයකි. ‘මිරාජ් 2000’ එක් නියමුවකු පියාසර කරවන ප්‍රහාරක ජෙට් යානයකි.

එකිනෙක හැපුණු අවස්ථාවේ දී ‘සුකෝයි එස්.යූ. 30’ යානයේ නියමුවෝ දෙදෙනා පැරෂූට් ආධාරයෙන් පිටතට පැන ගත්හ.

‘මිරාජ් 2000’ ජෙට් යානයේ නියමුවාට දිවි ගලවා ගැනීමට හැකි වූයේ නැත. තුවාල ලබා සිටි ‘සුකෝයි එස්.යූ. 30’ නියමුවන් දෙදෙනා, කඩිනමින් රෝහල්ගත කෙරුණි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඉන්දීය ගුවන් හමුදාවේ ජෙට් යානා දෙකක් අනතුරේ

ඔබේ අදහස් එවන්න

 

සයුරෙන් එතෙර

කැනඩාවේ අලුත් අගමැති මාක් කාර්නි
2025 මාර්තු මස 10 2330 1

කැනඩාවේ පාලක පක්ෂයේ නව නායකයා ලෙස මාක් කාර්නි තේරී පත්විය. ඒ අනුව, කැනඩා අග්‍රාමාත්‍ය ධුරය ද 59 හැවිරිදි කාර්නි ට හිමිවෙයි.


ට්‍රම්ප්ට එරෙහි විරෝධතා
2025 මාර්තු මස 09 314 1

කෝටිපති ව්‍යාපාරිකයකු මෙන්ම ඇමෙරිකන් ජනාධිපතිවරයා ද වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ස්කොට්ලන්ත නිවාඩු නිකේතනයට හානි සිදුකර ඇතැයි පැවැසෙයි.


අත්අඩංගුවේ සිටි දකුණු කොරියන් ජනපති නිදහස්
2025 මාර්තු මස 09 190 0

යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන්, දෝෂාභියෝගයට ලක් වී, ඉන්පසු රැඳවුම් භාරයට ගැනුණු දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙයොල්ට නිදහස හිමිවිය.


යුක්රේකනය එක්ක ගනුදෙනු පහසු නැහැ
2025 මාර්තු මස 08 222 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා සාම වැඩපිළිවෙළක් සකස් කරද්දී, රුසියාව සමඟ ගනුදෙනු කිරීම ඉතා පහසු බවත්, යුක්රේනය සමඟ ගනුදෙනු කිරීම ඉතා අපහසු බව


ටොරොන්ටෝ නුවර වෙඩි තැබීමක්
2025 මාර්තු මස 08 100 0

කැනඩාවේ, ටොරොන්ටෝ නුවර, සමාජ ශාලාවක සිදුවුණු වෙඩි තැබීමකින්, 12 දෙනකු තුවාල ලැබූ බව වාර්තා වේ.


ඇල්ෆ්‍රඩ් ඕස්ට්‍රේලියාව කලඹයි
2025 මාර්තු මස 08 117 0

ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ හරහා රට අභ්‍යන්තරයට කඩා වැදුණි. මහ වැසි සමඟ සුළි කුණාටුව හමා යන්නේ පැයට කිලෝ මීටර් 200 ක වේගයකින් බව


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 58 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 128 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 185 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site