අදියර හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ සිවුවැනි අදියර අද (13) ආරම්භ වෙයි. සිවුවැනි අදියරේ දී, ඉන්දීය ලොක් සභාවට නියෝජිතයන් 96 දෙනකු තෝරා ගැනීම සිදුවෙයි. ඒ, ප්‍රාන්ත නවයක සහ ඉන්දීය ජනාධිපතිවරයාගේ පාලනය යටතේ පවතින යූනියන් ප්‍රදේශයකය.
සමස්ත මැතිවරණය පැවැත්වෙන්නේ ලොක් සභාවේ නියෝජිතයන් 543 දෙනකු තෝරා ගැනීමේ අරමුණින්ය. ඉන්දීය මහ මැතිවරණය සැලකෙන්නේ ලොව විශාලතම ප්‍රාජතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙසය. මැතිවරණය ආරම්භ වූයේ අප්‍රේල් 19 වැනිදාය. ජූනි පළමු වැනිදා මැතිවරණ කටයුතු අවසන් වන අතර එසැණින් ඡන්දය ගණන් කිරීම සිදුවෙයි. මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම ජූනි හතර වැනිදා සිදුවනු ඇත.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය මැතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ, ප්‍රජානත්ත්‍රවාදී සන්ධානයෙනි. මෝදි ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරය හොබවන්නේ 2014 වසරේ සිටය. මෙම මහ මැතිවරණයේදී මිලියන 969 ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති.
(ඒ.එෆ්.පී.)
නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපති මොහොමඩ් අබ්බාස් සහ ‘ෆාටා’ සංවිධානය, ඉරාක අග්‍රාමාත්‍ය මොහොමඩ් ෂියා අල් සුඩානී ද ඊශ්‍රාය
ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලාගේ අභාවය හේතුවෙන් දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ඉරාන උත්තරීතර නායක අල් කමේනී කටයුතු කර ඇත.
ලෙබනන් හිස්බුල්ලා නායක හසන් නසරැල්ලා ඝාතනය ඉරානයට එල්ල වූ අතුල් පහරක් බවත්, නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ඉරාන
ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප
ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර
දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඉන්දීය මහ මැතිවරණය: සිවුවැනි අදිරය ඇරැඹේ