IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඉන්දීය විදේශ ඇමැති ඇමෙරිකාවේ

ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් සහ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අතර විශේෂ හමුවක් වොෂින්ටන් අගනුවර ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණි.

සීක් කැනේඩියානු නායක හර්දීප් සිං නිජ්ජාර්ගේ ඝාතනය මුල්කොට ගනිමින්, ඉන්දියාවත් කැනඩාවත් අතර නිර්මාණය වී ඇති අර්බුදය මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. ඇමෙරිකා රාජ්‍ය ලේකම් බ්ලින්කන්, ඉන්දීය විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ, එම ඝාතනය සම්බන්ධයෙන් කැනඩා රජය ආරම්භ කර ඇති විමර්ශනවලට සහාය දක්වන ලෙසය.

සාකච්ඡා ආරම්භ වෙද්දී, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජය වෙනුවෙන්, ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයාට ස්තුති කළේය. ඒ, පසුගිය දා ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පැවැත්වුණු ‘ජී20’ රාජ්‍ය නායක සමුළුව සාර්ථක කර ගැනීමට ඇමෙරිකාවෙන් ලැබුණු සහයෝගය අගය කරමිනි.

කැනේඩියානු සීක් නායක 45 හැවිරිදි හර්දීප් සිං නිජ්ජාර්, කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ සරේ නුවර සීක් දේවස්ථානයක් ඉදිරිපිට වෙඩි තබා ඝාතනය කෙරුණේ පසුගිය ජූනි 18 වැනිදාය.
එම ඝාතන සිද්ධිය මුල්කොට ගනිමින්, ඉන්දියාවත් කැනඩාවත් අතර නිර්මාණය වූ රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය දිනෙන් දින  උග්‍රවෙමින් පවතියි.

හර්දීප් සිං ඝාතනය පසුපස සිටින්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ හින්දු ජාතිකවාදී ‘භාරතීය ජනතා පක්ෂ’ රජයේ ඒජන්තවරුන් යැයි කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ චෝදනා කර තිබේ. . කැනඩා ආරක්ෂක අංශ මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත්, හර්දීප් සිං නිජ්ජාර් කැනඩා පුරවැසියකු බවත්, කැනඩා පුරවැසියකු කැනඩාවේ දී ඝාතනය කැනඩාවේ ස්වෛරීත්වයට හානියක් බවත් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පෙන්වා දී තිබේ. කැනඩා ආරක්ෂක අංශ සිදු කරන විමර්ශනවලට සහාය දෙන්නැයි අග්‍රාමාත්‍ය ටෲඩෝ ඉන්දීය රජයෙන් ද ඉල්ලා ඇත.

කැනඩා අග්‍රාමාත්‍ය ටෲඩෝ මෙම කාරණාව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සමඟ ද සාකච්ඡා කර තිබේ. කැනඩාව ඇමෙරිකාවේ අසල්වැසියා වන අතර, ඇමෙරිකා කැනඩා හිතවත්කම් ශක්තිමත්ය. ඉන්දීය රජය සම්බන්ධයෙන් කැනඩාව එල්ල කරන චෝදනා බරපතල නමුත්, හිත් අමනාපකම් ඇති කර නොගෙන එම අර්බුදය විසඳා ගැනීම කළ යුතු බවත් ඇමෙරිකා රජය පවසා තිබේ. ලොව තෙවැනි ආර්ථික බලවතා වන ඉන්දියාව දිනෙන් දින ලොව ජය ගනිමින් සිටී.

ඇමෙරිකාවට ඉන්දියාව තරහ කර ගැනීම කිසිසේත් කළ නොහැකිය. ඊට ප්‍රධාන හේතුව චීනය යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. චීනය ආසියානු කලාපයේ ඔවුන්ගේ බලය තහවුරු කර ගනිමින් සිටින අතර, ඉන්දියාව ඊට එරෙහි වෙයි. ඒ අනුව, ආසියාවේ චීන ආධිපත්‍යයට එරෙහිව ඇමෙරිකාවට සිටින ප්‍රබල මිතුරා ඉන්දියාවය. කැනඩාවත් ඉන්දියාවත් අතරේ හටගත් අර්බුදයේදී වුවත්, කැනඩාවට පක්ෂව කතා කළත්, ඇමෙරිකාව කිසිම ආකාරයකින් ඉන්දියාවට විරුද්ධව නොයන බව ද දේශපාලන විශ්ලේෂකයෝ වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

කැනඩාවත් ඉන්දියාවත් අතරේ හටගත් අර්බුදය  උග්‍රවෙද්දී, කැනඩාව එරට සිටි ඉන්දීය ‘රෝ’ බුද්ධි අංශ ප්‍රධානීයා පවන් කුමාර් එරටින් නෙරපා දැමීය. ඉන්දියාව එරට කැනඩා තානාපති සහ කැනඩා රාජ්‍ය තානේත්‍රිකයන් නෙරපා දැමීය. එසේ ම කැනඩා වැසියන්ට වීසා නිකුත් කිරීම ද නවතා දැමීය. ඉන්දියාවට යන්න එපා යැයි කැනඩාව එරට වැසියන්ට අනතුරු ඇඟවීමක් ද කෙරුණි.

කැනඩා රජයට අනුව හර්දීප් සිං නිජ්ජාර් සීක් නායකයෙකි.: සීක් ක්‍රියාකාරියෙකි. කැනඩා පුරවැසියෙකි. ඉන්දීය රජයට අනුව හර්දීප් සිං නිජ්ජාර් යනු බෙදුම්වාදී ත්‍රස්ත නායකයෙකි. සීක්වරුන් ඔවුන් වෙනුවෙන් වෙනම පාලන ප්‍රදේශයක් ඉල්ලයි. ඒ, ඉන්දියාවේ සීක්වරුන්ගේ නිජබිම වන පන්ජාබ් ප්‍රාන්තය සහ ඒ අවට සීක්වරුන් ජීවත් වන පළාත් එක් කරමිණි. සීක්වරුන් ඔවුන් වෙනුවෙන් ඉල්ලන එම පාලන ප්‍රදේශය ‘කලිස්තාන්’ය. ඉන්දියාව හර්දීප් සිං හඳුන්වන්නේ ‘කලිස්තාන්’ ත්‍රස්ත නායකයකු ලෙසය.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා දින 9 ක් ඇමෙරිකාවේ රැඳී සිටිනු ඇති අතර ඉන්දු ඇමෙරිකා වෙළෙඳ ගිවිසුම් කීපයක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බව වාර්තා වේ. ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්ට අමතරව, ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් සහ විදෙස් අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් අතරේ ද හමුවක් පැවැත්විණි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ඉන්දීය විදේශ ඇමැති ඇමෙරිකාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site