IMG-LOGO

2025 පෙබරවාරි මස 25 වන අඟහරුවාදා


ඉන්දියාව පරද්දනවා: පාකිස්තාන අගමැති කියයි

ඉන්දියාව අභිබවා යමින්, පාකිස්තාන දියුණුවෙන් දියුණුවට පත් කිරීමට තමන් ප්‍රතිඥා දෙන බවත්, එසේ කිරීමට අපොහොසත් වන්නේ නම්, තමන්ගේ නම ෂෙහ්බාස් ෂරීෆ් නොවන බවත්, පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා පුරසාරම් දොඩා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්, දේශපාලන වේදිකාවේ පුරසාරම් දොඩන සහ අතිශෝක්තියෙන් කතා කරන චරිතයක් බවත් ද පෙන්වා දෙමින්, ඉන්දීය මාධ්‍ය මෙම පුවත වාර්තා කර තිබේ. ෂෙහ්බාස් ෂරීෆ් යනු හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ බාල සොහොයුරාය.

‘දෙවියන් වහන්සේ සැමවිටම පාකිස්තානය සමඟ ඉන්නවා. අපි දිවා රෑ නොබලා වෙහෙසෙනවා. පාකිස්තානයේ පවතින තත්ත්වය අපි වෙනස් කරනවා. ඉන්දියාව පරාජය කරන්න අපට හැකිවෙනවා’ යැයි අග්‍රාමාත්‍ය ෂරීෆ් කෑ කෝ ගසා ඇත්තේ පන්ජාබ් ප්‍රාන්තයේ පැවැති ජන රැළියක් අමතමිනි. 

පාකිස්තානය මේ වනවිට දැඩි ආර්ථික අර්බුදයකින් පීඩා විඳිමින් සිටින අතර, අන්තර් ජාතික මූල්‍ය අරමුදලින් පාකිස්තානයට ණය ආධාර ලැබෙයි. පාකිස්තාන වැසියන් ජීවත් වන්නේ දැඩි අසීරුතා මධ්‍යයේය. පාකිස්තාන වැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කරන බවට ද අග්‍රාමාත්‍ය ෂරීෆ් පන්ජාබ් ප්‍රාන්තයේ ජන රැළිය අමතමින් කෑ කෝ ගැසූ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

පාකිස්තානය ආර්ථිකමය වශයෙන් කඩා වැටීමකට ලක් වී ඇත්තේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ අධූරදර්ශී ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් යැයි අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහ ඔහුගේ රජය චෝදනා කරයි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (4)

ඉන්දියාව පරද්දනවා: පාකිස්තාන අගමැති කියයි

ජිල්බු Tuesday, 25 February 2025 10:19 AM

මේ වගේ ඒව කියන්න ගත්තොත් සජිත්ට තර්ජනයක් එනවා මෙයාගෙන්. වහාම ආරක්ෂාව මහත් කරමු.

:       1       25

ගුණරත්න Tuesday, 25 February 2025 11:50 AM

ලෝකේ ලොකුම තෙල් නිධියක් පාකිස්තානයේ මුහුදෙන් හොයාගෙන තියෙනවා, ඕකෙන් ගන්න සල්ලි වලින් ඒ රට පොහොසත් කරන එක අමාරු වැඩක් නෙවෙයි, මට හිතෙන්නේ තව අවුරුදු 10කින් විතර සිංහලු එහෙ ගෘහ සේවයට යාවි කියල.

:       10       1

රනේTuesday, 25 February 2025 01:27 PM

ඒ වෙනකොට වටින්නෙ තෙල් නොවේ ගුණේ, වතුර..

:       0       2

දොන් සේතන් Tuesday, 25 February 2025 12:15 PM

ඉන්දියාව පරද්දන්න පුළුවන් උනත් ලංකාව නම් පරද්දන්න බැහැ . මේක ආසියාවේ ආශ්චර්ය

:       1       2

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බහින්බස් වීමක් දුර දිග ගිහින් වෙළෙඳ ඇමැති ගෙදර
2025 පෙබරවාරි මස 25 1925 2

සිය කාර්ය මණ්ඩල සේවකයකු සමඟ සිදුවුණු බහින් බස්වීමක් දුරදිග යෑම මුල්කොට ගනිමින්, නවසීලන්ත වාණිජ සහ පාරිබෝගික කටයුතු ඇමැති ඇන්ඩෲ බේලී සිය ධුරයෙන් ඉල්ල


ඉන්දියාව පරද්දනවා: පාකිස්තාන අගමැති කියයි
2025 පෙබරවාරි මස 25 1777 4

ඉන්දියාව අභිබවා යමින්, පාකිස්තාන දියුණුවෙන් දියුණුවට පත් කිරීමට තමන් ප්‍රතිඥා දෙන බවත්, එසේ කිරීමට අපොහොසත් වන්නේ නම්, තමන්ගේ නම ෂෙහ්බාස් ෂරීෆ් නොවන බ


මැක්රොන් ට්‍රම්ප් හමුවෙයි
2025 පෙබරවාරි මස 25 1552 1

රුසියන් යුක්රේන යුද්ධය විසඳීමේදී, යුක්රේනයට අසාධාරණයක් නොකරන්නැයි ඉල්ලමින්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට පැමිණ,


ජනපති ධුරය අත්හරින්න සූදානම්
2025 පෙබරවාරි මස 24 3688 2

යුක්රේනයට සාමය උදාවන්නේ නම්, ඕනෑම වේලාවක තමන් යුක්රේන ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට සූදානම් බව, ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා ඇත.


ඇමෙරිකා සරම්ප පැතිරේ
2025 පෙබරවාරි මස 24 93 0

ඇමෙරිකාවේ ජනපද කීපයක සරම්ප වසංගත තත්ත්වයක් වාර්තා වන බවත්, මේ වනවිට සෞඛ්‍ය අංශ සරම්ප රෝගීන් සිය ගණනක් හමුවී ඇති බවත් වාර්තා වේ.


ජර්මන් මැතිවරණයෙන් හිටපු විපක්ෂයට ජය
2025 පෙබරවාරි මස 24 1497 4

ජර්මන් මහ මැතිවරණයෙන් දක්ෂිණාංශික මතධාරී විපක්ෂ සන්ධානයට ජය හිමි විය. ඒ අනුව, එම සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන කොන්සවර්ටිව් ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍ර


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 260 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 438 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 183 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site