කැනඩාවේ ජීවත් වන, ඉන්දීය විරෝධීන් ඉලක්ක කර ගනිමින්, ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීමට ඉන්දීය රජය සැලැසුම් කර ඇතැයි අනාවරණය වීමත් සමඟ, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ප්‍රමුඛ රජය එරට ඉන්දීය තානාපති නිලධාරීන් 6 දෙනකු නෙපරා හැරීමට කටයුතු කළේය.
ඒ අනුව, කැනඩාවත් ඉන්දියාවත් අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය නැවත වරක් උත්සන්න වූ බව විදෙස් මාධ්‍ය පවසයි. ඊට එකට එක කිරීමක් ලෙස ඉන්දීය රජය එරට සිටි කැනඩා තානාපතිවරුන් හය දෙනකු නෙරපා දැමීමට කටයුතු කළ බව ද මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පෙන්වා දෙයි.
කැනඩාවත් ඉන්දියාවත් අතර හොඳහිත පළුදු වූයේ 2023 වසරේදීය. ඒ, කැනඩාවේ ජීවත් වූ කැනඩා පුරවැසිභාවය ලැබ සිටි, ඉන්දීය ෂීක් ජාතික හර්දීප් සිං ඝාතනයයි. ඉන්දීය රජයට අනුව, හර්දීප් සිං, කලිස්තාන් නමැති ෂීක් බෙදුම්වාදී ත්‍රස්ත සංවිධානයේ නායකයාය.
කැනඩාවේ දී හර්දීප් සිං වෙඩි තබා ඝාතනය කළේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රජයේ ඒජන්තවරුන් යැයි විමර්ශනවලින් හෙළි වුණු බව කැනඩා අග්‍රාමාත්‍ය ටෲඩෝ එම අවස්ථාවේදී පැහැදිලි කළේය. කැනඩා පුරවැසියකු වූ හර්දීප් සිං ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව ඉන්දියාවට දිගින් දිගටම දොස් නැගුවේය.
(ඒ.එෆ්.පී.)
2024 වසරේ ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යාඥයන් වන ඩේරියන් ආසේමෝගුලුස්, සයිමන් ජොන්සන් සහ ජේම
කැනඩාවේ ජීවත් වන, ඉන්දීය විරෝධීන් ඉලක්ක කර ගනිමින්, ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීමට ඉන්දීය රජය සැලැසුම් කර ඇතැයි අනාවරණය වීමත් සමඟ, කැනඩා අග්‍රාමාත්‍ය ජස
අයිස්වලින් සමන්විත යුරෝපා නමැති චන්ද්‍රයාගේ රහස් සෙවීමට ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ක්ලිපර්’ නමැති රොබෝ ගවේෂණ යානය පිටත් කර හැරියේය.
ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රායල හමුදා පුහුණු කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් තිදෙනකු මියගොස්, 100
කලාපයේ සාමය සහ ආරක්ෂාව තහවුරු කරන ඕනෑම ආකාරයේ සාම වැඩපිළිවෙළකට ඉරානය කැමැත්ත පළ කරන බවත්, ඉරානයේ සහාය එම සාම වැඩපිළිවෙළට හිමිවන බවත් ඉරාන ජනාධිපති මොහ
සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය ලෙස සැලකෙන බෘහස්පතිට අයත්, ‘යුරෝපා’ චන්ද්‍රයාගේ රහස් සෙවීමේ අරමුණින්, ඇමෙරිකාවේ නාසා ආයතනයට අයත් ‘ක්ලිපර්’ නමැත
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඉන්දු කැනඩා අර්බුදය ඔඩුදුවයි