IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ඉබෝලාට බිය නොවු වීරයා ලන්ඩන් ගෙනෙයි

මාරාන්තික වසංගත රෝගයක් ලෙස හඳුන්වාදී ඇති ඉබෝලා වයිරසය ශරීරගතවීම නිසා අසාධ්‍ය තත්වයට පත්ව ඇති බ්‍රිතාන්‍ය ජාතික හෙදි සේවකයෙක් ඊයේ බටහිර අප්‍රිකාවේ සියරාලියෝනාවේ සිට අධි ආරක්ෂාව ඇතිව ගුවන් මඟින් ලන්ඩන් නුවරට රැගෙන එනු ලැබීය.

මේ වනවිටත් මෙම රෝගියා මරණාසන්නව සිටින බව වෛද්‍යවරු පවසති.

විලියම් පූලි නම්වූ 29 හැවිරිදි මෙම තරුණ ඉංග්‍රීසි ජාතික සෞඛ්‍ය සේවකයා මෙම අසාධ්‍ය වසංගත රෝගයට බිලිවුයේ ඉබෝලා වසංගතය දරුණු ලෙස පැතිරී ඇති සියරාලියෝන් නම්වූ අප්‍රිකා  රටේ කෙනිමා රෝහලේ ඉබෝලා සත්කාර ඒකකයේ ස්වෙච්ඡා සේවකයෙකු ලෙස අසාධ්‍ය රෝගීන් සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙමින් සිටි අවස්ථාවේය.

විලියම් පූලි සමඟ සේවය කළ තවත් ස්වෙච්ඡා සේවකයකු වන ගේබ්‍රියල් මඩියේ පවසන්නේ " විලියම් පූලි ඉබෝලා රෝගයට ගොදුරුව ඉන්නා අහිංසක වැසියන් පිළිබඳව දැඩි කනස්සල්ලෙන් සිටි අයෙකු" බවය. "ඔහුට අවශ්‍ය වුයේ කෙසේ හෝ මෙම රෝගීන් හට අවශ්‍ය ප්‍රතිකාර හැකි උපරිම අන්දමට ලබාදීමයි. එහිදී ඔහුගේ පෞද්ගලික සනීපාරක්ෂාව පිලිබඳ කිසිදු තැකීමක් නොකිරීමට තරම් ඔහු පරාර්ථකාමී වූ අන්දම මට නම් හිතාගන්නට වත් බැහැ. මෙම අසාධ්‍ය රෝගය වැළඳේය යන අධික බියෙන් එම පළාතේ වෛද්‍යවරුන් සහ හෙදියන් රෝහල් හැරයන විට විලියම් පෝලී එම රෝහල් වෙත ස්වේච්චාවෙන් ගොස් රෝගීන් සඳහා අවශ්‍ය ඇප උප කාර ලබාදීමට තීරණය කලේ එහි ඇති අවදානම හොඳින්ම දැනගෙන බව මම දනිමි. විලියම් අසාමාන්‍ය, මානුසික හදවතක් ඇති අපුරු තරුණයෙක්." යැයි ගේබ්‍රියෙල් මඩියේ පවසා ඇත.

විලියම් පූලි සියරාලියානෝවේ සිට ලන්ඩනයට රැගෙන ආවේ ඒ සඳහා විශේෂයෙන් පිළියෙළ කළ බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකිනි. ඔහුගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව පරීක්ෂාකිරීමට විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් සියරාලියෝනයේ අගනුවරවන ෆ්රීටවුන් වෙත ගියහ.

එතැන්සිට ගුවන් යානය දක්වා ඔහු රැගෙන ආවේ විශේෂයෙන් පිලියෙළකළ ආරක්‍ෂිත කුටියකක් යොදාගනිමිනි. එම විශේෂ ගුවන් යානය ලන්ඩන් නුවර නොර්ත් හෝල්ට් හමුදා ගුවන් තොටුපලට ගෙනගිය අතර ගුවන් යානය ඇතුළතත් එතැන් සිට රෝහල දක්වාත් ඔහු රැගෙන ගියේ විශේෂ රැකවරණය සහිත ගිලන්රථයක් යොදාගනිමිනි.

ලන්ඩන් නුවර රෝයල් ෆ්‍රී රෝහලේ ඔහු සඳහා විශේෂිත හුදකලා වාට්ටුවක් සකස්කර තිබුණි. 

ගුවන් තොටුපලේ සිට රෝහල දක්වා ඔහු රැගෙන ගිය අවස්ථාවේදී අමතර පරෙස්සමක් ලෙසට බ්‍රිතාන්‍ය පොලිසිය ගමන්මග සම්පුර්ණයෙන්ම මගීන් සහ වාහන වලින් හිස් කර තැබීමටද පියවර ගත්තේය.

විලියම් පූලි රැගත් විශේෂ ගුවන් යානය නොර්ත් හෝල්ට් හමුදා ගුවන් තොටුපලට ළඟාවීමේ සිට ඔහු රෝහල වෙත රැගෙනයාම දක්වා සවිස්තර වාර්තා සියලුම බ්‍රිතාන්‍ය මාධ්‍ය මඟින් විස්තරාත්මකව ප්‍රචාරය කරනු ලැබිය.

මෙම රෝගියාගේ පැමිණීම හේතුවෙන් ඉබෝලා වයිරසය බ්‍රිතාන්‍යයේ කිසිවෙකුටත් බෝවීමේ හැකියාවක් නොමැතිබව රෝහලේ වෛද්‍ය කණ්ඩායම අවධාරණය කර සිටියේය.

IBOLA1 IBOLA2 IBOLA3 IBOLA4 IBOLA5 IBOLA6 IBOLA7

 

 



අදහස් (0)

ඉබෝලාට බිය නොවු වීරයා ලන්ඩන් ගෙනෙයි

සෙනරත් Wednesday, 27 August 2014 11:03 AM

ඔබට ඉක්මන් සුවය පතනවා.(අ)

:       0       0

මංජු Wednesday, 27 August 2014 11:12 AM

ඔන්න මනුස්සයෝ. තම ජීවිතය ගැන හිතන්නේ නැතුව අනුන් ගැන හිතන දෙවියෝ වගේ මනුස්සයෙක්,ඒ වගේම රජයත් තමන්ගේ රටේ පුරවැසියා ගැන සලකන විදිය විශිෂ්ටයි. (ස)

:       0       0

ජයත් Wednesday, 27 August 2014 12:30 PM

මංජු ඔයාට පිස්සුද මංජු ඔය මොනවද මේ කියන්නේ අපේ රටේ වින්නඹු අම්මලාගේ පටන් නර්ස් ල දොස්තරලා ඔක්කොම රෝගීන් වෙනුවෙන කැපවෙලා ඉන්න විදිය පේන්නේ නැත්ද ? (අ) 1

:       0       0

ජයත් Wednesday, 27 August 2014 12:28 PM

මංජු ඔයාට පිස්සුද මංජු ඔය මොනවද මේ කියන්නේ අපේ රටේ වින්නඹු අම්මලාගේ පටන් නර්ස් ල දොස්තරලා ඔක්කොම රෝගීන් වෙනුවෙන කැපවෙලා ඉන්න විදිය පේන්නේ නැත්ද ? එයාල ඇරුනම අමාත්‍යාංශ ඇමතිතුමා ! පුහ් ! 1

:       0       0

නන්ද Thursday, 28 August 2014 03:06 AM

යහපත් මානවකයාට ඉක්මන් සුවය පතමි. (නි)

:       0       0

තබිත Thursday, 28 August 2014 03:32 AM

හෙද සේවයට හොඳම ආදර්ශය . ලංකාවට මේවගේ අය ගෙන් ඉගෙනගන්න බොහෝ දේ ඇත. (අ)

:       0       0

රොෂාන් Wednesday, 27 August 2014 08:07 AM

ඔබට හෑකි ඉක්මනින් සුව වේවා යාලුවා (නදී)

:       0       0

කොස්වත්ත Wednesday, 27 August 2014 08:31 AM

ඔබ ඇතුළු සියලුම රෝගීන්ට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරමි (නදී)

:       0       0

සැන්ඩ්‍රා Wednesday, 27 August 2014 03:24 PM

ඉක්මන් සුවය පතමි. (නි)

:       0       0

චාමික Wednesday, 27 August 2014 08:44 AM

නයිටින්ගේල් ප්‍රතිඥාව මදකට පැත්තකින් තියල ගුණාත්මක සෞඛ්‍ය සේවයක් හදන්න ගියපු නර්ස් නෝනලා මහත්තුරු, නියම නර්ස් මහත්තයෙක් දැකල නැති නම් ඔන්න පින්තූරේ ලංකාදීපෙන් බලාගන්න. නියම සෞඛ්‍ය සේවකයෝ කියන්නේ මෙහෙම මිනිස්සුන්ට. (නදී)

:       0       0

තිළිණි පෙරේරා Thursday, 28 August 2014 06:15 AM

ඔබට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා. ජේසු පිහිටයි. (අ)

:       0       0

සංජු Wednesday, 27 August 2014 04:47 PM

ලෝකේ පැති දෙකක මිනිස්සු මැරෙන විදිය.....එක කට්ටියක් උපරිම සැපට....තවත් කිසිම අහුහරණක් නැතුව දුක් විදලා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තානයේ ඇමෙරිකානුවන්ට අනතුරු
2024 නොවැම්බර් මස 28 6 0

පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.


බංග්ලාදේශ හින්දු පූජකයන් අත්අඩංගුවට ගැනීම වැරදියි
2024 නොවැම්බර් මස 28 5 0

බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ


ලෙබනන් වැසියෝ ආපසු නිවෙස්වලට
2024 නොවැම්බර් මස 28 3 0

ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්


පෘථිවිය චුට්ටක් ඇලවෙලා
2024 නොවැම්බර් මස 28 3 0

පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.


බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 305 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 244 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 572 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 774 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2165 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site