IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


ඉම්රාන් ඛාන් අලුත් අර්බුදයක

අතීතයේ පැවති අනියම් ආදර සබඳතාවයකින් තමන්ට දියණියක සිටින බව, නාම යෝජනා පත්‍රයේ සඳහන් කර නොතිබීම හේතුවෙන් පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අර්බුදයකට මුහුණ පා සිටී.

මෙම සිද්ධිය මුල්කොට ගනිමින් ඉම්රාන්ගේ දේශපාලන ජීවිතය අවදානමට ලක්ව ඇතැයි පාකිස්තාන පුවත් සේවා වාර්තා කර තිබේ.

බ්‍රිතාන්‍යයේ බිලියනපතිනියක වන සීතා වයිට් නම් කාන්තාවක් සමඟ අනියම් ආදර සබඳතාවක් ඉම්රාන් ඛාන් පවත්වා තිබේ.ඉම්රාන් ඛාන් ඉන් උපන් ඔහුගේ දියණියට හොර රහසේම පියෙකු වී ඇත.ටිරියන් ජේඞ් නම් මෙම දියණිය 27 හැවිරිදි වියේ පසුවෙයි

පාකිස්තාන මැතිවරණ නීතියට අනුව අපේක්ෂකයකු ඔහුගේ බිරිඳ සහ ඔහුගෙන් යැපෙන ළමුන් ගණන නාම යෝජනා පත්‍රයේ සටහන් කිරීම අනිවාර්ය කරුණකි.

2018 වසරේදී පැවති පාකිස්තාන මැතිවරණයේදී ඉම්රාන් ඛාන් තමාගේ බිරිඳ ජෙමිනා ඛාන්ට දාව පිරිමි පුතුන් දෙදෙනෙකු සිටින බව සඳහන් කර ඇතත් එහිදී ටිරියන් ජේඞ් පිළිබඳව සඳහනක් කර නොමැති බව පැවැසෙයි.

තමාට ආදර සබඳතාවයකින් උපන් දියණියක සිටින බව ප්‍රකාශයට පත් නොකිරීම හේතුවෙන් ඉම්රාන් ඛාන් පාකිස්තාන මහාධිකරණයට කැඳවා තිබේ.ඒ ඔහු දියණියක් සිටීම වසන් කරමින් පාකිස්තාන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් නීති සම්පාදකයකු වීම නුසුදුසු යැයි ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා පෙත්සමක් ගොනු කර තිබීම හේතුවෙනි.

වරදකරු වුවහොත් වසර පහක කාලයක් සඳහා මැතිවරණයකට තරඟ වැදිය නොහැකි අතර ඒ හේතුවෙන්  මාර්තු මස පැවැත්වෙන පකිස්තාන මැතිවරණයට තරඟ වැදීමේ අවස්ථාවද ඉම්රාන් ඛාන් හට අහිමි වීමට අවස්ථාවක් තිබෙන බව පැවැසෙයි.

(රොයිටර්)



අදහස් (0)

ඉම්රාන් ඛාන් අලුත් අර්බුදයක

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

බලයේ සිටින කැනඩා අගමැතිට ජනවරමක්
2025 අප්‍රේල් මස 29 1303 3

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු සහ කැනඩාව ඇමෙරිකාවේ ජනපදයක් බවට පත් කර ගැනීමේ තීන්දු තීරණ මධ්‍යයේ කැනඩාවේ මහ මැතිවරණය පැවැත්වුණු අතර, එ


පාකිස්තාන යූ ටියුබ් නාළිකා නවත්වයි
2025 අප්‍රේල් මස 28 173 0

ඉන්දු කාශ්මීරයේ පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්තාන ‘යූ ටියුබ්’ නාළිකා රැසක්, ඉන්දියාවේ තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත. ඒ, එම පාකිස්තාන ය


නව පාප්වහන්සේ තෝරා ගැනීම 5 හෝ 6 වැනිදා
2025 අප්‍රේල් මස 28 108 1

නව පාප්වහන්සේ තෝරාපත් කර ගැනීම සඳහා වන කාදිනල්වරුන්ගේ රහසිගත හමුව සහ ඡන්ද විමසුම ලබන 5 වැනිදා හෝ 6 වැනිදා පැවැත්වෙනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක ද


උතුරු කොරියාන් සෙබළු රුසියන් යුක්රේන යුද පිටියේ
2025 අප්‍රේල් මස 28 247 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී තමන්ගේ සහාය රුසියාවට ලබා දෙන බවත්, තම හමුදා රුසියන් හමුදා සමඟ එක් වී, යුක්රේන හමුදා සමඟ සටන් වදින බවත් උතුරු කොරියාව නිල වශයෙ


කැනඩා වැසියෝ ඡන්ද පොළට
2025 අප්‍රේල් මස 28 859 2

කැනඩාවේ පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ විය. ඒ, එරට පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහාය.


පාප් වහන්සේගේ දේහය මිහිදන් කෙරේ
2025 අප්‍රේල් මස 26 1573 0

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 98 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 27 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1060 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site