IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ඉරාකයේ නගර කීපයක බෝම්බ පිපිරේ:

ඉරාකයේ නගර කිහිපයක ඊයේ(30) සිදු වූ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් 13 දෙනකු ජීවිතක්ෂයට පත්ව 33 දෙනකු තුවාල ලබා ඇතැයි ප‍්‍රංශ පුවත්සේවය සඳහන් කරයි. මෙම ප‍්‍රචණ්ඩ කි‍්‍රයා රැල්ලත් සමඟ මේ මාසයේදී ඉරාකයේ සිදු වූ බෝම්බ පිපිරීම් සහ වෙඩිතැබීම් හේතුවෙන් මියගිය ගණන 233 දක්වාත් තුවාල ලැබූ ගණන 734 දක්වාත් ඉහළ ගිය බව එරට ආරක්ෂක අංශ පවසයි. බැග්ඩෑඞ් නුවරට උතුරින් පිහිටි ටාජි නගරයෙන් පළමු සිදුවීම වාර්තා වේ. එහිදී බෝම්බ හතරක් පුපුරා ගොස් ඇති අතර ඉන් හය දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව ඉරාක අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය. බකූබා නගරයේ ගමන් කරමින් සිටි පොලිස් රථ පෙළක් ඉලක්ක කරගෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වී ඇති බව ද වාර්තා වේ. ඊට පොලිස් නිලධාරීන් දෙදෙනෙක් බිලි වූහ. ඒ අතර බකූබා නගර සීමාවේදී ද තවත් කාර් බෝම්බයක් පුපුරාගොස් ඇති අතර ඉන් එක් අයකු ජීවිතක්ෂයට පත්ව ඇත. බැග්ඩෑඞ් නගරයේදී තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි පහරින් පොලිස් නිලධාරියකු ජීවිතක්ෂයට පත්විය. අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට එම ස්ථානයට පැමිණි ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසක් ඉලක්ක කරගෙන කාර් බෝම්බයක් ද පුපුරා ගොස් ඇත. එහිදී එක් අයකු ජීවිතක්ෂයට පත් වූ අතර හත්දෙනෙක් තුවාල ලැබූහ. බැග්ඩෑඩයට දකුණින් පිහිටි කුට් නගරයේදී ද කාර් බෝම්බයක් පුපුරා ගොස් ඇති අතර එම ස්ථානයේ සිටි පොලිස් කපිතාන්වරයකු සහ මේජර්වරයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. ඉරාකයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සංවිධානයේ සාමාජිකයන් 47ක් සහ තවත් සිරකරුවන් 102 දෙනකු ටික්රිට් නගරයේ පිහිටි සිරකඳවුරකින් පැන යාමෙන් අනතුරුව මෙම ප‍්‍රහාර එල්ල වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඉකුත් බ‍්‍රහස්පතින්දා ටික්රිට් සිරකඳවුරට මරාගෙන මැරෙන බෝම්බකරුවකු ප‍්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේදී එම රැඳවියන් පිරිස පලා ගොස් ඇත. ඉරාක රජයට එරෙහිව සටන් වැද සිටින අන්තවාදී පිරිස්  සිරකඳවුරු, පොලිස් ස්ථාන, හමුදා මූලස්ථාන සහ රාජ්‍ය ආයතන ඉලක්ක කරගෙන එල්ල කරන ප‍්‍රහාර දිනෙන් දින උත්සන්න වෙමින් පවතින බව ඉරාක ආරක්ෂක අංශ පවසයි.



අදහස් (0)

ඉරාකයේ නගර කීපයක බෝම්බ පිපිරේ:

සිල්වා Tuesday, 02 October 2012 02:51 AM

ඇමරිකාව කවදාද ජිනීවා මානව හිමිකම් කවුන්සලය ඉදිරියට ගෙනියන්නේ? (නි)

:       0       0

මධූ Monday, 01 October 2012 12:44 PM

මදී...........(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඇමෙරිකන් විශ්ව විද්‍යාලයක වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 18 992 1

ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ


චීනය ඇමෙරිකන් ගුවන් යානා එපා කියයි
2025 අප්‍රේල් මස 17 642 0

චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.


කොංගෝ බෝට්ටුවක් ගිනිගෙන ගිලී 50 ක් මරුට
2025 අප්‍රේල් මස 17 147 0

අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.


ඇමෙරිකන් තානාපති කාර්යාල වසා දැමීමේ තීරණයක්
2025 අප්‍රේල් මස 17 8430 7

ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම


චීන ජනපති මැලේසියාවේ
2025 අප්‍රේල් මස 16 163 0

ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි


හාවඩ් විශ්ව විද්‍යාලයට ජනපති ට්‍රම්ප්ගෙන් තර්ජන
2025 අප්‍රේල් මස 16 245 0

ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 537 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 298 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 447 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site