මධ්‍යම ඉරාකයේ ෂියා මුස්ලිම්වරුන් සහ දකුණු ඉරාකයේ පොලිස් නිලධාරීන් ඉලක්ක කර ගෙන ඊයේ(13) එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් 59 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බවත් 200කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත් එරට ආරක්ෂක අංශ නිලධාරියෙක් පැවැසීය. මෙම බෝම්බ ප්‍රහාර එල්ල වූයේ ෂියා මුස්ලිම්වරුන්ගේ ආගමික උත්සවයක් පැවැත්වෙන අවස්ථාවකදීය. මෙම ප්‍රහාර එල්ල වී ඇත්තේ බැග්ඩෑඞ්, හිලා, බාර්කා, සහ බලාඞ් යන නගරවලටය. හිලා නගරයේ අවන්හලක් ආසන්නයේදී කාර් බෝම්බ දෙකක් පුපුරායාමෙන් 19 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඒ අතරතුර බැග්ඩෑඞ් නගරයෙන් බෝම්බ පිපිරීමේ සිදුවීම් නමයක් සහ වෙඩි තැබීමේ සිදුවීම් දෙකක් වාර්තා වූ බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශ නිලධාරියෙක් පැවැසීය. ඊට අමතරව දියාලා පළාතේ බාර්කා නගරයේ සහ බැග්ඩෑඞ් නගරයට උතුරින් පිහිටි බලාඞ් යන නගරවල සිදුවූ බෝම්බ පිපිරීම්වලින් 9 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. ඉරාකය තුළ ප‍්‍රචණ්ඩකි‍්‍රයා වර්ධනයවීමට අල්කයිඩාවට සම්බන්ධ ඉස්ලාමීය සටන්කාමීන්ගේ ප්‍රහාර හේතු වී තිබේ. ඉස්ලාමීය සටන්කාමීන් මෙලෙස ශියා ආගමික උත්සව ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරනුයේ අන්තවාදී ගැටුම් ඇවිළවීමේ අරමුණින් බව විදෙස් විශ්ලේෂකයෝ පෙන්වා දෙති. සුන්නි අන්තවාදි ඉලක්කය වී ඇත්තේ ඉරාක වැසියන්ගෙන් බහුතරයක් වන ෂියා මුස්ලිම්වරුන්ය.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉරාකයේ නගර හතරකට ‘‘බෝම්බ වැසි’’ 59ක් මරුට
චමිල Thursday, 14 June 2012 06:12 PM
අලි බබා,ඔය කියන ඒවා හරියටම දන්නවද?ඇමෙරිකාව ගෑන මොනවද දන්නේ? කෝ සාක්ෂි?ලංකාවට ඇමෙරිකාව නෑත්නම් හෙට කන්නත් නෑ.ඇමරිකවෙන් ගිය මාසේ ගත්ත ණය කියද කියලා දන්නවද?කලින් ගත්ත ණය ගෙවල ඇති කියල හිතනවද?
ගාමිණි Thursday, 14 June 2012 06:36 PM
අලි බබා, ඒක එහෙමමයි
අලිබබා Thursday, 14 June 2012 02:14 PM
මෙය ෂියා සුන්නී ප්‍රශ්ණයක් නොවෙයි. මෙ දෙගොල්ලම ඉතා සමගියෙන් ඒ රටතුල ජීවත්වුවා. මෙ අයව භේදකරන්නේ ඇමරිකානුවා නමැති ත්‍රස්තවාදියාය. ඒ පසුපස ඉශ්‍රායලය නමැති පූසාද සිටී.තමන්ගේ අවිආයුධ වෙළදාමටත් තෙල්ටික සොරකමිකර ගැනීමටත් යොදන්නාවු එක් ක්‍රම වේදයකි...
චමිල් Friday, 15 June 2012 02:23 PM
චමිල 2012-06-14 18:12:05 අලි බබා,ඔය කියන ඒවා හරියටම දන්නවද?ඇමෙරිකාව ගෑන මොනවද දන්නේ? කෝ සාක්ෂි?ලංකාවට ඇමෙරිකාව නෑත්නම් හෙට කන්නත් නෑ.ඇමරිකවෙන් ගිය මාසේ ගත්ත ණය කියද කියලා දන්නවද?කලින් ගත්ත ණය ගෙවල ඇති කියල හිතනවද? මේ අනේ!!!! මේගැන ඔබත් දැනගෙන කතාකරන්න....... මෙතන ඇමරිකාවට ගැන පුරාජේරු කියන්නේ නැතිව .........
මංජු Thursday, 14 June 2012 05:41 PM
අලිබබාගේ කතාව හරි ඊශ්‍රායලය කඩේ යනවා ඇමරිකාවට