IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


ඉරාකයේ පොලිස් ඇකඩමියට බෝම්බ ප‍්‍රහාරයක්: 19 ක් මරුට

ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවරට නුදුරින් පිහිටි පොලිස් අභ්‍යාස විද්‍යාලයක් ඉදිරිපිට පෙරේදා (19) සවස කාර් බෝම්බයක් පුපුරා ගිය අතර එයින් ආධුනික පොලිස් භටයෝ 19 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ප‍්‍රහාරයට හසුවීමෙන් තවත් ආධුනික පොලිස් භටයන් 14 දෙනකු සහ පොලිස් නිලධාරීන් සිවු දෙනකු තුවාල ලබා රෝහල් ගත කෙරිණි. ප‍්‍රහාරය එල්ල වෙද්දී පුහුණු ඇකඩමියට පිවිසීමට එහි ගේට්ටුව අසල ආධුනික පොලිස් භටයන් පෝලිම් ගැසී සිටි බව වාර්තා වේ. බෝම්බකරු මෝටර් රථයකින් පැමිණ ගේට්ටුවේ හැපුණු බවත් ඒ සමඟම මහා පිපිරීමක් සිදුවූ බව තුවාල ලැබූවෝ පවසති. ඇමෙරිකා හමුදා ඉරාකයේ සංග‍්‍රාම මෙහෙයුම් අවසන් කොට ඉකුත් දෙසැම්බර් මාසයේදී පිටවී යෑමෙන් පසු ඉරාකයේ සිදුවූ දෙවැනි දරුණුතම බෝම්බ පිපිරීම මෙයයි. ඉකුත් ජනවාරි 27 වැනිදා ද බැග්ඩෑඞ් නුවර කාර් බෝම්බ පිපිරීමකින් 31 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 60 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. එය සුන්නි මුස්ලිම්වරුන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයකි. ඉරාකයේ මේ අයුරින් යළිත් වරක් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හිස එසවූයේ  සුන්නි මුස්ලිම් උප ජනාධිපති කරේක් අල් හෂේමී සහ ෂියා මුස්ලිම් අගමැති නූර් අල් මලිකි අතර අර්බුදයක් නිර්මාණය වී ඇති නිසාය. දැන් එය සුන්නි/ෂියා මුස්ලිම් ගැටුමක් තෙක් දුරදිග ගොස් ඇත. එම අර්බුදය හටගත්තේ ත‍්‍රස්ත කි‍්‍රයාවලට අනුබල දුන්නේ යැයි උප ජනාධිපති හෂේමීට චෝදනා එල්ල වීමත් ඔහු අත්අඩංගුවට ගන්නැයි ඉකුත් දෙසැම්බර් මාසයේදී ඉරාක අපරාධ අධිකරණයක් වරෙන්තු නිකුත් කිරීමත් සමඟය. අගමැති නූර් අල් මලිකි පවසන්නේ උප ජනාධිපතිවරයා රජයේ ඉහළ නිලධාරීන් සහ දේශපාලනඥයන් ඝාතනය කිරීමට අල් කයිඩා සටන්කාමීන් සමඟ කුමන්ත‍්‍රණය කළ බවය. උප ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබී නැති අතර ඔහු ඉරාක පාලනයට යටත් කුර්දිස්තානයට පලා ගිය අතර එහි සිටින සුන්නි මුස්ලිම්වරුන්ගේ ආරක්ෂාව ඔහුට ලැබෙයි.  



අදහස් (0)

ඉරාකයේ පොලිස් ඇකඩමියට බෝම්බ ප‍්‍රහාරයක්: 19 ක් මරුට

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ගගන සංචාරකයෝ ආපසු එති
2024 සැප්තැම්බර් මස 16 962 0

ඇමෙරිකා ‘ස්පේස් එක්ස්’ සමාගමේ, ‘පොලාරිස් ඩෝන්’ ගගන සංචාරය, සාර්ථකව අවසන් කරමින්, ඊට සහභාගී වූ සංචාරක ගගනගාමීහු සිවුදෙනා යළි පෘථිවිය බලා පැමිණියහ.


යුරෝපයටත් මහ වැසි: ජල ගැලීම්
2024 සැප්තැම්බර් මස 16 194 0

මහ වැසි හේතුවෙන්, මධ්‍යම සහ නැගෙනහිර යුරෝපා රටවල් රැසක පළාත් බොහොමයක් ජලයෙන් යටවී ඇති බවත්, එම රටවල වැසියන් ලක්ෂ ගණනක් පීඩාවට පත් ව ඇති බවත් විදෙස් මාධ්


හවුති සටන්කාමීන්ගෙන් පළිගන්නවා - නෙදන්යාහු
2024 සැප්තැම්බර් මස 16 2716 1

යේමනයේ, ඉරාන හිතවාදී ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. මිසයිලය පතිත වූයේ මධ්‍යම ඊශ්‍රායලයට අයත් ජනශුන්‍ය ප්‍රද


‘යාගී’ මියන්මාරයට: 100 ක් මරුට
2024 සැප්තැම්බර් මස 16 702 1

‘යාගී’ සුළි කුණාටුවෙන් මියන්මාරයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් නොකඩවා ඇද හැලෙන මහ වැසි, ජල ගැලීම් සහ නායයෑම් හේතුයෙන් මියන්මාර වසියන් 100 කට වැඩි ගණනක් ජ


ට්‍රම්ප්ට ආයෙත් වෙඩි තියන්න හදලා
2024 සැප්තැම්බර් මස 16 3832 0

යළිත් වරක්, ඇමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එයින් ට්‍රම්ප්ට කිසිදු අනතුරක් සිදු නොවුණු අතර, වෙඩි තැබීම කළ පුද්ගලයා


අපට අලුත් සඳක් ලැබෙන්නයි යන්නේ
2024 සැප්තැම්බර් මස 15 3549 7

පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වීමට නියමිත බව තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මේ අලුත් සඳ දින 53 ක් තිස්සේ ෙපෘථිවිය සමඟ සිටිනු ඇතැයි


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site