බැග්ඩෑඞ් නගරයේ ස්ථාන දෙකකට පෙරේදා(25) එල්ල වූ බෝම්බ ප‍්‍රහාර දෙකකින් 12 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර 39 දෙනකු තුවාල ලබා ඇතැයි ඉරාක හමුදා ප‍්‍රකාශකයෙකු පැවැසීය. උතුරින් පිහිටි හිලා ප‍්‍රදේශයේ පාපන්දු කි‍්‍රඩාංගනයක් අසල අටවා තිබූ කාර්බෝම්බයක් පුපුරායාමෙන් පුද්ගලයන් 8 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තිස් දෙදෙනකු තුවාල ලබා ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. අනෙක් බෝම්බය පුපුරා ගොස් ඇත්තේ බැග්ඩෑඞ් නගරයට දකුණින් පිහිටි බකූබා නගරයේදීය. මාර්ගයක් අසල අටවා තිබූ එම බෝම්බයට හසුවීමෙන් සිව් දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මෙම ප‍්‍රහාරයත් සමඟ ඉකුත් ජූනි 13 වැනිදායින් පසුව ප‍්‍රහාරයන්ට ලක්ව මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 171 දක්වා ඉහළ ගොස් ඇතැයි ඉරාක ආරක්ෂක අංශ සඳහන් කරයි. වත්මන් ඉරාක අගමැති නූරි අල් මලිකිගේ පාලනය සම්බන්ධයෙන් එල්ලවන චෝදනා දිනෙන් දින වැඩිවීමත් සමඟ රට තුළ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල ද වර්ධනයක් දැක ගත හැකි බව විදෙස් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
2025 දෙසැම්බර් මස 04
771
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉරාකයේ බැග්ඩෑඞ් නුවර බෝම්බ ප‍්‍රහාර දෙකක්