ඊශ්‍රායෙලයේ අධි ආරක්ෂිත කලාපයන්හි ඡායාරූප තමන් සතුව ඇතැයි ඉරානය කියයි. මේ ඡායාරූප ඔවුන් ලබාගෙන ඇත්තේ නියමුවකු රහිතව හැසිරවිය හැකි ඩ්‍රෝන යානයක් ආධාරයෙනි. ඩ්‍රෝන යානය ඊශ්රායෙල ආරක්ෂක අංශවල ප්‍රහාරයට ලක්ව විනාශවීමට පෙර එයින් සම්පේ‍්‍රෂණය කළ මේ ඡයාරූප ලබාගත හැකිවි යැයි ඉරාන ආරක්ෂක අංශ පවසයි. තමන්ගේම ඩ්‍රෝන යානයක් නිපදවීමට අවශ්‍ය තාක්ෂණ දැනුම ඉරානය ලබාගෙන ඇත්තේ අල්ලාගත් ඇමරිකා ඩ්‍රෝන යානයක් ආශ්රයෙන් බව සදහන් වෙයි. තමන්ගේ ගුවන් සීමාව ආක්‍රමණය කළ ඩ්‍රෝන යානයකට පහරදී විනාශ කළ බව ඊශ්රායෙලයද පිළිගෙන තිබේ. ඊශ්‍රායෙලය ඉරානයෙට එරෙහිව දැඩි පිළිවෙතක් අනුගමනය කරයි.ඒ ඉරානයේ ක්‍රියාත්මක වන න්‍යෂ්ඨික වැඩසටහන නිසාය.ඊශ්රායෙලයට අනුව ඉරානය සිය සැබෑ අරමුණු සගවාගෙන සිටී. ඉරානයට දැනට පනවා ඇති සම්බාධක හා සිදු කෙරෙන සාකච්ඡා නිසාවත් ඉරානය සිය න්‍යෂ්ඨික වැඩපිළිවෙළේ සැබෑ තොරතුරු අන් රටවල් සමග හුවමාරු කර නොගන්නේ නම් ඉරානයට පහර දෙන බවට ඊශ්‍රායෙලය දැනටමත් අනතුරු අගවා ඇත. (කො.වී)
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉරානය ඊශ්රයෙල ඡායාරූප හොරෙන් ගනී
ලක්ෂාන් Thursday, 01 November 2012 08:08 PM
ඉක්මනින් ඉවරයක් කරලා දාන්න ඕනි ඉරානය , හිතන් ඉන්න තරම් වැඩ බෑ ඉරානයට (ස)
අලියර් Tuesday, 30 October 2012 06:37 PM
ඊශ්‍රායලය කන්නේ ඉරානයෙන් තමයි. (නි)
මාලක Wednesday, 31 October 2012 01:47 PM
ඉරානය ලෝකෙට පිලිලයක් (ස)
මුතුකුඩ Wednesday, 31 October 2012 09:13 PM
මේ සියල්ල අනාගත ලෝක යුද්ධයකට සැලසුම්. (නි)
කමල් Tuesday, 30 October 2012 06:50 PM
තමන්ගෙම ඩෝන යානයක් නිපදවූ ඉරානයට අපෙන් සුභ පැතුම් (අ)
සුමුදු Thursday, 01 November 2012 12:48 PM
කොහොමද එහෙම උනේ
සරත් Thursday, 01 November 2012 10:03 PM
අනේ මන්ද
ජොන් Tuesday, 30 October 2012 01:39 PM
අනතුරු අගවනවා පමණයි පහරදෙන්නේ නැහැනේ.. අපිත් බලාගෙන ඉන්නෙ පහර දෙනකම්..!(නු)
ලලිත් කටාර් Tuesday, 30 October 2012 02:16 PM
තියෙනවානම් මොනවාද කියව කියවා ඉන්නෙ.?? උවමනාදේ කළානම් ඉවරයිනේ..!(නු)
මහින්ද Saturday, 03 November 2012 05:00 PM
අයියෝ සල්ලි
සෙනෙරත් Tuesday, 30 October 2012 03:25 PM
මේවා තමයි වැඩ,ඇමරිකාවේ ගිහිල්ලත් ෆොටෝ ගන්න ඕනි (ස)
ලාල් Wednesday, 31 October 2012 06:37 PM
ඉරානය ඉක්මණින්පාඩමක් ඉගෙනගනීවි. (නි)
ඉශාන් Thursday, 01 November 2012 02:38 PM
අයියෝ සල්ලි
ෂිරාස් Wednesday, 31 October 2012 11:46 AM
අශාන්, කට පරිස්සම් කරගන්න. (නි)
සමන් Thursday, 01 November 2012 10:22 AM
ජය වේවා ඇමරිකා (ස)
නසාර් Wednesday, 31 October 2012 07:12 PM
ඉරානය අත තිබ්බ ගමන් ලෝක විනාශය එනවා. (නි)
මලිත් Tuesday, 13 November 2012 12:03 PM
ඉරානය නැතිවෙලාම යේවා! (නි)
අසාන් Wednesday, 31 October 2012 01:03 AM
ඉරානයට නෙවෙයි ගහන්ට ඕනේ සෞදි අරාබියට...ඒ ගොල්ලෝ තමා ඔක්කොම විෂ බීජ හදන්නේ ..(අ)
රොෂාන් Friday, 02 November 2012 09:10 AM
අයියෝ සල්ලි
සාලිය Friday, 02 November 2012 08:57 AM
මොනවද මේ විකාර
ෂෙරීෆ් Thursday, 01 November 2012 07:39 PM
ලංකාවට නැහැ බැහැ නොකියා පිහිටට ඉන්නේ මුස්ලිම් රටවල් තමයි. (නි)
නාපාවල කටාර් Wednesday, 31 October 2012 12:44 PM
එකාධිපත්‍ය නැති කිරීමට ඉරානයට ශක්තිය ලැබේවා. (ස)