ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් වේවි යැයි බිය වූ හිටපු ඇමෙරිකා ජනපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්, ඔහුගේ පාලන සමයේදී, අන්තර් ජාලය හරහා එම න්‍යෂ්ටික කටයුතු අඩපණ කිරීමට සංකීර්ණ පරිගණක වයිරස නිර්මාණය කිරීමට උපදෙස් දුන් බව ඇමෙරිකා ආරක්ෂක අංශ පවසයි. න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් ඉරානයට ප‍්‍රහාරයක් එල්ල කරමින් මැද පෙරදිග අර්බුදයක් ඇති කිරීම වෙනුවට අන්තර් ජාලය හරහා සංකීර්ණ පරිගණක වයිරස යවා ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ පරිගණක සියල්ල අකි‍්‍රය කිරීම හිටපු ඇමෙරිකා ජනපති බුෂ් සහ ඔහුගේ පරිගණක විශ්ලේෂකයන්ගේ සැලැස්ම වී තිබේ. 2008 වසරේ දී බුෂ්ගෙන් පසු ඇමෙරිකාවේ ජනපති ධුරයට පත් බැරැක් ඔබාමා ද 2009 වසරේ දී එම පරිගණක වයිරස සැකසීමේ වැඩසටහන තවත් ඉදිරියට ගෙන යෑමට පියවර ගෙන තිබේ. එම වයිසර හේතුවෙන් අවස්ථා කීපයකදී ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට බාධා සිදුවූ බව ඉරානය ද පවසා තිබේ. මේ වනවිට ලෝකයට තර්ජනයක් වී ඇති පරිගණක වයිසරය නිපදවා ඇත්තේ ද ඇමෙරිකාවයි. ඒ, ඉරානයේ සහ මැදපෙරදිග රටවල රාජ්‍ය රහස් පිටපත් කර ගැනීමේ අරමුණ ඇතිවය.
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉරානයේ න්‍යෂ්ටික කටයුතු අඩපණ කරන්න ඇමෙරිකාව පරිගණක වයිරස හදලා
කාන්ස්බෝයි Tuesday, 05 June 2012 04:18 AM
හෙණ ගහන්න එපෑයැ දෙයියනේ
අලිබබා Monday, 04 June 2012 03:56 PM
ඇමරිකාවට වයිරස් දෙන්නපටන් ගත්කල කොහෙන් වදිනවාද කියා නොදනී.ජෝජ් බුෂ් සපත්තුපාර කාගෙන ගියාසේ ඔබාමාද හිස බේරාගෙන ගියොත් හොදයි.