IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ඉරාන ජනපති - විදෙස් ඇමැති මරුට

ඉරාන ජනාධිපතිගේ සහ විදේශ ඇමැතිගේ අවසන් දසුන් ...

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන්  සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු හෙලිකොප්ටර් අනතුරින් මියගිය බව ඉරාන විදේශ අමත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය.

අතුරුදන් වූ හෙලිකොප්ටරයේ සුන්බුන් අසර්බයිජානයත් ඉරානයත් අතර දේශසීමාවේ, කඳුකර ප්‍රදේශයකින් සොයා ගැනීමට දිවි ගලවා ගැනීමේ මෙහෙයුම්වල නියැලෙන රතු අඩකව සංවිධානය සමත් වූ අතර, යානය ඝන මීදුම හේතුවෙන් කඩා වැටෙන්න ඇති බව ඔවුහු අනුමාන කරති.

අසර්බයිජානයේ නැගෙනහිර සහ බටහිර පළාත් ඉරානය සතුය. ජනාධිපති රයිසි අතුළු පිරිස නැගෙනහිර අසර්බයිජානයට ගියේ එහි වේලි දෙකක් විවෘත කිරීමටය. අසර්බයිජාන ජනාධිපතිවරයා ද මෙම අවස්ථාවට සහභාගී විය.

අනතුරට පත් වෙද්දී, ඉරාන ජනාධිපති රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය අමීර්අබ්දුල්රහීන් රැගත් හෙලිකොප්ටර් යානය නැගෙනහිර අසර්බයිජානයේ සිට යළි ඉරානයේ  ටබ්රීස් නගරය බලා පියාසර කරමින් තිබුණි.

ඉරාන ජනාධිපති සහ විදේශ අමාත්‍යවරයා ගමන් කළ හෙලිකොප්ටරය සමඟ එහි ආරක්ෂාවට තවත් හෙලිකොප්ටර් යානා දෙකක් ගමන් කර ඇති අතර ඒවා ඝන මීදුම මැද ආරක්ෂිතව ගොඩබෑ බව ටබ්රීස් නගර බලධාරීහු පැවැසූහ.

63 හැවිරිදි ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි පසුගිය කාලයේ වඩාත් කතාබහට ලක්වුණු නායකයෙකි. පසුගිය දා උමා ඔය විවෘත කිරීමේ අවස්ථාවට එක් වූයේ ද රයිසිය. ජනාධිපති රයිසි මෙන්ම, ඉරාන විදේශ අමාත්‍ය අමීර්අබ්දුල්රහීන් ශ්‍රී ලංකා රජයේ මිතුරෝ වූහ.

(ප්‍රෙස් ටීවී)



අදහස් (32)

ඉරාන ජනපති - විදෙස් ඇමැති මරුට

පුරවැසියා Monday, 20 May 2024 09:48 AM

හෙලිකොප්ටර් දෙයියෝ මෙහෙටත් වඩීවා

:       165       97

SAMMonday, 20 May 2024 05:38 PM

ඝන මීදුම පවතින වේලාවන් තුලදී හෝ වෙනත් කාලගුණික තත්වයන් පවතින අවස්ථාවන් වලදී විවෘත කිරීම හෝ වෙනත් කාරනා සදහා සහභාගී වීම අවශ්‍ය කටයුතු උවත් අත්‍යවශ්‍ය මූලිකත්වය දියයුතු කරුණක් නොවේ. ඉරාන ජනාධිපති සහ විදේශ අමාත්‍යවරයා එම ප්‍රදේශයට නොගොස් තාක්ෂනය මගින් මෙම අවස්ථාවට සහභාගී වීමට හැකියාව තිබිණි.

:       1       0

ලුම්බිණි Monday, 20 May 2024 10:06 AM

ප්‍රගතිශීලී නායකයෙක් ඉරානයට ලැබේවා!

:       62       117

ජයනාත් Monday, 20 May 2024 10:16 AM

ඉරාන ජනතාව වෙත බලවත් සංවේගය පල කරමු ! කිසියම් ප්‍රහාරය ක් නම් අතිශය බිහිසුණු තත්ත්වයක් මැද පෙරදිග ඇති වෙන්න ඉඩකඩක් තියෙනවා .

:       6       53

පිටරටවැසියා Monday, 20 May 2024 10:37 AM

ලංකාවේ පාලකයන්ටත් රටට-ජනතාවට කරනලද සහ කරමින් පවතින යුග මෙහෙවරට, දිව්‍යලෝකයට යන්නට ඉක්මන් වරම් ලැබේවා ලැබේවා ලැබේවා !!!

:       30       19

MarisipalaMonday, 20 May 2024 05:50 PM

ඔවුන් යනවිට ඔවුන් යනපාරේ පාවඩ දමමින් ඔවුන් සමගම ඔවුන් යනතැනකට යන්න නුඹටත් වාසනාව ලැබේවා !!!

:       0       0

Maharoof Monday, 20 May 2024 10:38 AM

යුදෙව් මෙහෙයුමක් වගෙයි. පස්සෙ තොරතුරු ලැබෙයි. අල්ලාහු ආක්බාර්!

:       8       58

Lakmal Monday, 20 May 2024 10:46 AM

අනේ ,රනිල් රාජපක්ෂත් ඔය වගේම හෙලිකොප්ටර් එකක අවසන් ගමන් යැවේවා

:       64       28

Shaan Monday, 20 May 2024 10:47 AM

ඊළඟට, පුටින්

:       88       16

Bunny Preena Monday, 20 May 2024 11:08 AM

බොහෝම කණගාටුදායක පුවතක්. ඔවුන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.

:       9       77

Nimal Monday, 20 May 2024 11:08 AM

නිවන් සුව ලැබේවා !

:       8       90

සෙනෙවිරත්න Monday, 20 May 2024 12:01 PM

එඩිතර නායකත්වය ,අපගේ උපහාරය, සැබෑ මිතුරෙකු අහිමිවිය. මේ රටේ බොල් පිළිම සමඟ බලන කල මොවුන් රන් පිළිම වේ.

:       8       50

උපුල් Monday, 20 May 2024 12:13 PM

ඔහුගේ නික්මයාම පිළිබඳ අපටත් කම්පනයක් ඇතිවුණා. ඔහු පැතූ ලොව ගොඩනැගීමට ඉරානයට හැකිවේවා..!

:       5       44

Amararatne Opatha Monday, 20 May 2024 12:15 PM

නිවන්සුව ලැබේවා...!

:       2       36

Nirul Monday, 20 May 2024 12:16 PM

පුරවැසියන්ගේ ඇත්ත නම සේපාල අමරසිංහ කියලාමයි මට හිතෙන්නේ

:       0       8

ranjith Monday, 20 May 2024 12:19 PM

රටේ ජනතාවට ආදරේ කරන නායකයෝ

:       5       38

වසන්ත Monday, 20 May 2024 12:24 PM

දෙදෙනාගේ අවසන් දසුන් දැක්කම එකාට එකෙක් නැතුව හිටියද කියලා පේන්නෙ හිතෙනවා බලන්නකො විදෙස ඇමතිවරයා රවාගෙන අහක බලාගෙන ඉන්නෙ තරහෙන් පුපුරමින් නේද කියලා

:       37       5

නිහාල් Monday, 20 May 2024 04:46 PM

නෑ එයා ඉන්ස්ටර්ග්‍රෑම් දාන්න පොටෝ එකක් ගන්න ගමන් ඉන්නේ...!

:       1       2

Ariyathilaka Monday, 20 May 2024 12:24 PM

1897 දී ලංකාද්වීපයේ මුහුදු බඩ පළාත් අල්ලා ගත් මහා බ්‍රිතාන්‍යයෝ 1815 මාර්තු 02 වෙනි දින (හෝ ආසන්න දිනයක) ජෝන් ඩොයිලි විසින සකසන ලද “උඩරට ගිවිසුම” නම් අනීතික කූට ලියවිල්ල මගින් ලංකා භූමිය ම තම පාලනයට නතු කර ගත්හ. මෙරට පාලනයට කිසිදු හිමි කමක් නැති බ්‍රිතාන්‍යයෝ එදවස පටන් සම්බුදුරදුන්ගේ ශාසනයට පටහැනි ලෙස මෙරට පාලන බලය හැසිර වූහ. “ඉර නොබසින අධිරාජ්‍ය” යනුවෙන් හැදින්වූ මහා බ්‍රිතාන්‍යයට, අවසානයේ ඉරු බසින තැනට පත් විය. උඩරට ගිවිසුමේ 2 වෙනි සහ 3 වෙනි වගන්තිවලින් ලක් කිරුළේ උරුම කරුවන්ට සහ ලක් කිරුළට උරුම අයිතිආසිකම් ඇති ඥාති හෝ උරුම ගෝත්‍රවලට ලංකා භුමියේ ජීවත් විම සහ ඇතුල් වීම වළක්වා එංගලන්ත රජ කුලය පමණක් බබළවා සිටීමට කටයුතු කළහ. අවසානයේ වූයේ කුමක් ද? ඉරු නො බසින අධිරාජ්‍යය පල්ලම් බැස්සේ ය. අද වන විට එකී රජ පවුල පොල්කට්ටක පමණට ලඝු විය. ලංකා රාජ්‍යය, භූමියෙන් කුඩා බව සැබෑ ය. ඒත් අධ්‍යාත්මයෙන් මහත් විශාල ය. සම්බුදු රදුන්ට මේ ලංකා භූමිය පූජා වී තිබීම ත් සම්බුද්ධ ශාසනය මේ ලක් දෙරණේ පිහිටීම ත් නිසා ය. මේ ලංකා භූමිය කෑලි කඩා පාලන ඒකක සෑදීමට, කැසකවන සහ එයට අනුබල දෙන ලොකු කුඩා

:       8       41

AriyathilakaMonday, 20 May 2024 07:26 PM

සංශෝධනය විය යුතු. "1797 දී ලංකාද්වීපයේ මුහුදු බඩ පළාත් අල්ලා ගත් මහා බ්‍රිතාන්‍යයෝ 1815 මාර්තු 02 වෙනි දින (හෝ ආසන්න දිනයක) ජෝන් ඩොයිලි විසින සකසන ලද “උඩරට ගිවිසුම” නම් අනීතික කූට ලියැවිල්ල මගින් ලංකා භූමිය ම තම පාලනයට නතුකර ගත්හ. "

:       0       0

Ariyathilaka Monday, 20 May 2024 12:26 PM

සැමට දැන ගැනීමට, නිතර සිහි එළවා ගැනීමට සුදුසු කියමනක් ඇත. එනම්;- “දෙවියන් පා තැබීමට බිය වන තැන්හි මෝඩයෝ පිනුම් ගසති” යනුවෙනි.

:       19       4

SuriyathilakaMonday, 20 May 2024 01:24 PM

හරියටම ඔයා මෙතන කරන වැඩේ වගේ නේද?

:       21       8

ගමේ එකාලා Monday, 20 May 2024 12:31 PM

අපේ රටේ එහෙම ආරන්චියක් අහන්න නැත්තේ දූෂිත දේශපාලුවෝ දැන් වැඩිපුර එළියට බහින්ඩවත් බය හින්දා වෙන්ඩෑ..?

:       20       10

Vithana Monday, 20 May 2024 01:08 PM

ජේවීපී එක නම් මේ ආරංචියෙන් සතුටු වෙනවා ඇති... මොකද ඇමරිකාවේ වුවමනාවට උමා ඔයට විරුද්ධ වෙච්චි අයනේ...!

:       23       59

fairoos Monday, 20 May 2024 01:16 PM

ඉතාම කනගාටුවයි ලංකාවේ සමඟ ළඟින් හිටපු නායකයෙක්

:       2       44

NANDALAL DE SILVA - France Monday, 20 May 2024 02:26 PM

මොහුගේ පාලන කාලයේදී යුක්තිය, සමානාත්මතාවය වෙනූවෙන් නිරායුධ සාමකාමී උද්ඝෝෂණ මුළු ඉරානය පුරාම පවත්වා රාජ්‍ය වධක, මිනීමරු හමුදාවෙන් දසවද විද, මරණයට පවා පත්වී, තමන් අදහන දෙවියන් ළගට ගිය ඉරාන අසරණයන් ලගටම අද්භූත මරණයකට ලක්වූ රටෙ මිනීමරු ජනාධිපතිවරයාත් ගෙන්වා ගැනීම දෛවයේ සරදමක් නොවේද ??? මෙලොවින් තවත් දරුණු මිනීමරු "රාජ්‍ය නායකයෙක්" තුරන් වුණා කියා, මුළු ලෝකයම සැනසුම් සුසුම් හෙලනු ඇත... ඉරානයට, ත්‍රස්තවාදයට උඩ ගෙඩි නොදෙන, සාමකාමී, සුබවාදී අනාගතයක් උදාවේවා...

:       46       18

විපරමා Monday, 20 May 2024 03:10 PM

අහින්සක ඉරානුවන්ට කළ අපරාධවලට පඩිසන් දුන්නා...

:       54       14

Perera Monday, 20 May 2024 03:19 PM

ලංකාවේ ජනාධිපතිට ඔහොම වාසනාවක් නෑ නේ..

:       38       18

Ahmed (Gulf) Monday, 20 May 2024 04:20 PM

මෙම ජෝකර්ට අවශ්‍ය වී ඇත්තේ ඊශ්‍රායලය පෘථිවි සිතියමෙන් අතුගා දැමීමටයි, නමුත් සර්වබලධාරී දෙවියන් වහන්සේ පවසන්නේ, මගේ දරුවා ඊශ්‍රායලය ස්පර්ශ කරන ඕනෑම කෙනෙක්; ඔහු මගේ ඇසේ ඇපල් ගෙඩිය ස්පර්ශ කරයි, සර්වබලධාරී දෙවියනි, යෙහෝවා දෙවියනි.

:       0       0

නිහාල් Monday, 20 May 2024 04:41 PM

අපිට නැති වාසනාව..

:       18       3

chandana Monday, 20 May 2024 05:56 PM

එහෙ නැතිද චන්ද දිනලත් නැතිව වේලි වේලි ඉන්න කෙනෙක් ගෙනත් ජනපති කරලා පැසී මොකක් හරි අංචියක් ඇදලා දිගටම ඒ තනතුරේ තියාගන්න ක්‍රමයක් ?

:       0       0

සෙනෙවිරත්න Monday, 20 May 2024 05:57 PM

මෙතනට දේශපාලනය අදින විතාන වගේ පිලිකා රටට ශාපයක්

:       1       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 56 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 53 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


ප්‍රංශයට අධික හිම පතනයක්
2024 නොවැම්බර් මස 23 65 0

ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.


නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 2807 2

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


රුසියන් හමුදා බැලැස්ටික් මිසයිලවලින් පහර දෙයි
2024 නොවැම්බර් මස 22 5627 2

රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.


ට්‍රම්ප් නම් කළ නීතිපති මැට් ගේට්ස් ධුරය එපා කියයි
2024 නොවැම්බර් මස 22 188 0

ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2010 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site