ඊශ්‍රායලය ප්‍රහාරයක් එල්ල කළත්, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන අඩපණ කිරීමට දැන් ප්‍රමාද වැඩි යැයි ඇමෙරිකා හමුදාපති ජෙනරාල් මාටින් ඩෙම්සි පවසයි. ඇමෙරිකානු හමුදාපති මේ බව කියා සිටියේ ලන්ඩන් නුවර පැරාලිම්පික් උළෙලට සහභාගී වූ අවස්ථාවේදීය. ඊශ්‍රායලය පවසන්නේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ලෝකයට තර්ජනයක් හෙයින් ඉරානයට පහර දිය යුතුයි කියාය. ඇමෙරිකාව ඊශ්‍රායලයට එරෙහිව පනවා ඇති ආර්ථික සහ වෙළෙඳ සම්බාධකවලින් ඉරානය මට්ටු කළ නොහැකි යැයි ද ඊශ්‍රායලය තරයේ කියා සිටී. ඉරාන න්‍යෂ්ටික වැඩසටහන මේ වනවිට ඉතා ඉහළ මට්ටමක පවතින බවත්, ප්‍රහාරයක් එල්ල කිරීමෙන් එය කඩාකප්පල් කළ නොහැකි බවත්, එසේ ප්‍රහාරයක් එල්ල කළහොත් ඉරානය කඩිනමින් ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන යළි ආරම්භ කරනු ඇති බවත් ජනරාල් ඩෙම්සි අවධාරණය කරයි. නොවැම්බර් මස පැවැත්වෙන ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ඇමෙරිකාවේ වෙසෙන යුදෙව්වරුන්ගේ ඡුන්ද දිනා ගැනීමට නම්, ජනපති බැරැක් ඔබාමාට ඊශ්‍රායලයේ හිත දිනා ගැනීමට සිදුවෙයි.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉරාන න්‍යෂ්ටික වැඩසටහන අඩපණ කරන්න දැන් ප්‍රමාදයි
ප්‍රවීන් Monday, 03 September 2012 03:00 PM
ඔය කියුවට හොයන්න ගියාම නැහැනේ (ස)
බණ්ඩාර Monday, 03 September 2012 04:55 PM
අපේ නවීන ආයුධ පරීක්ෂා කරන්න ඉරානය හොද තැනක් කියලයි මට නම් හිතෙන්නේ. (නි)
ජගත් Monday, 03 September 2012 11:09 AM
ඒක තේරුම් ගත්ත එක හොඳයි..(ස)
ජගත් Monday, 03 September 2012 11:02 AM
ඒක තේරුම්ගත්ත එක හොදයි...(ස)
හිරා Monday, 03 September 2012 05:28 PM
මේක න්‍යෂ්ඨික යුද්ධයක් කියලා කවුද කියන්නේ? (නි)
රම්සි Monday, 03 September 2012 12:08 PM
ඇමරිකාව බයයි...(ස)
ද සිල්වා Monday, 03 September 2012 12:49 PM
ඉරාන ජනපති අතේ මොන වැරදි තිබුණත් කවදාවත් ජනතාවගේ මුදල් අයථා අන්දමින් වියදම් කරන්නේ නැහැ (නි)
සිල්වා Tuesday, 04 September 2012 01:17 PM
මේ දෙගොල්ලන්ම වැරදිලා. ඇමරිකාව කවදාවත් ඊශ්‍රායලයට සම්බාධක පනවන්නෙ නෑ. (ස)
රිස්වාන් Monday, 03 September 2012 12:48 PM
නයාට ගහලා පොල්ල වරද්ද ගන්න එපා. (නි)
සේනානායක Monday, 03 September 2012 12:55 PM
කයිවාරුව විතරයි (ස)..
රිෂාඩ් Monday, 03 September 2012 09:25 PM
ලෝකයට ත්‍රස්තවාදය ඇති කරලා, ත්‍රස්තවාදය බෝ කරලා , දැන් එනවා කයිවාරු ගහන්න. (නි)
අමිල කටුනායක Monday, 03 September 2012 11:07 PM
ඉරාකය විනාශ කරලා ඉවරයි. මේ අය කපටියි වගෙයි. (නි)
නුවන් Monday, 03 September 2012 02:08 PM
ඇමෙරිකාව ඊශ්‍රායලයට එරෙහිව පනවා ඇති ආර්ථික සහ වෙළෙඳ සම්බාධකවලින් ඉරානය මට්ටු කළ නොහැකි ඇයි..?
සන්ජීව Monday, 03 September 2012 02:09 PM
ඉරානය ඕන ගේමකට ලෑස්ති උනේ ඇමරිකන් මෝඩයෝ ඉරාකෙට ගහපු දවස් වල. මේක තේරුම් ගන්න බැරි මැටි හරක් මුළු ලෝකෙම නැති ප්‍රශ්න ගොඩකට ඇදල දන්නා හදනවා.
අසිත Monday, 03 September 2012 02:24 PM
නුවන්ට නුවණ තිබේ. එක් කෙනෙක් ප්‍රතිචාර දැම්මහම තමයි අනෙක් අයටත් දාන්න හිතෙන්නේ. (නි)
සිල්වා Monday, 03 September 2012 02:36 PM
ඇහුවොත් න්‍යෂ්ටික අවි නැහැ... (දී)