IMG-LOGO

2024 ජුලි මස 04 වන බ්‍රහස්පතින්දා


ඉරානයට, සිරියාවට, උතුරු කොරියාවට නඩු

ඇමෙරිකන් අධිකරණයක්, ඉරානයට, සිරියාවට සහ උතුරු කොරියාවට නඩු පවරා තිබේ.

මෙම නඩු පැවැරීම සිදු කර ඇත්තේ, පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ගාසා තීරයේ හමාස් සටන්කාමීන්, දේශසීමාහරහා ඊශ්‍රායලයට පහර දුන් අවස්ථාවේදී, ප්‍රහාරයට ගොදුරු වුණු වින්දිතයන් සහ එම වින්දිතයන්ගේ ඥාතීන් එකමුතු වෙමිනි. 

හමාස් සටන්කාමීන්ට අවි ආයුධ ලබා දෙමින් ඔවුන් ශක්තිමත් කරනවා යැයි එම වින්දිතයන් සහ ඔවුන්ගේ ඥාතීන් ඉරානයට, සිරියාවට සහ උතුරු කොරියාවට චෝදනා කරමින්, අවම වශයෙන් ඇමෙරිකන් ඩොලර් බිලියන 4 ක වන්දි මුදලක් ද ඉල්ලා ඇත.

ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර, ෆෙඩරල් අධිකරණයක් හමුවේ මෙම නඩුව ගොනු කර ඇත්තේ ‘අපහාස විරෝධී ලීගය’ නමැති ඇමෙරිකාන කේන්ද්‍රකොටගත් රාජ්‍ය නොවන සංවිධානයයි. 

විදෙස් රටවල් තුනකට එරෙහි පැනැවූ විශාලතම නඩුව මෙය යැයි ද පැවැසෙයි. ඔක්තෝබර් 7 වැනිදා එල්ල වුණු හමාස් සටන්කාමීන්, ප්‍රහාරයට ලක්වුණු වින්දිතයන් සම්බන්ධ කර ගනිමින්, ‘අපහාස විරෝධී ලීගය’ සංවිධානය නඩ පැවැරීමක් කර ඇත්තේ යුදෙව් සංවිධාන ද හවුල් කර ගනිමිනි.

හමාස් සටන්කාමීන්ට අවි ආයුධ දෙමින් ඔවුන් ශක්තිමත් කරන්නේ ඉරානය, සිරියාව සහ උතුරු කොරියාව යැයි ඇමෙරිකන් බුද්ධි අංශ නිරන්තරයෙන් චෝදනා නගා තිබේ. ඊට අමතරව, මෙම රටවලින් හමාස් සටන්කාමීන්ට මූල්‍ය සහාය ද ලැබෙන බවටත්, මෙම රටවල් ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන බවටත් චෝදනා එල්ල වී තිබේ.



අදහස් (0)

ඉරානයට, සිරියාවට, උතුරු කොරියාවට නඩු

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ගලේ සිරවී තිබුණු කඩුව අතුරුදන්
2024 ජුලි මස 04 7635 12

ප්‍රංශ නගරයක ගල් බිත්ති විවරයක සිර කළ ඓතිහාසික වටිනාකමකින් යුත් පුරාණ අසිපතක් අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.


ඉන්දීය විදේශ ඇමැති ජගත් මහ ලේකම් හමුවෙයි
2024 ජුලි මස 04 46 0

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, කසක්ස්තානයේ අස්තානා අගනුවරදීය.


චීන-රුසියන් ජනපතිවරු ෂැංග්හයි සමුළුවට
2024 ජුලි මස 04 96 0

කසක්ස්තානයේ අස්තානා අගනුවර පැවැත්වෙන ෂැංග්හයි සහයෝගීතා සංවිධානයේ, 14 වැනි රාජ්‍ය නායක සමුළුවට සහභාගී වන චීන ජනාධිපති ෂී ජින්පින් සහ රුසියන් ජනාධිපති


ජනපති සටනින් ඉවත් වෙන්නේ නෑ - බයිඩන්
2024 ජුලි මස 04 1252 8

කවුරු මොනවා කීවත්, නොවැම්බර් පැවැත්වෙන ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වන බවත්, තමන් කිසිම අවස්ථාවක ජනපති සටනින් ඉවත් නො


අවුරුදු 51,200 ක් පැරණි ලෙන් චිත්‍ර ඉන්දුනීසියාවෙන්
2024 ජුලි මස 04 1702 3

පුරාවිද්‍යාඥ කණ්ඩායමකට මෙම චිත්‍රය හමුවි ඇත්තේ ඉන්දුනීසියාවට අයත් දකුණු සුලවේසී දූපතේ පෙංග්කෙප් පළාතේ වනාන්තරයේ පිහිටි හුණුගල් ලෙනකිනි.


බ්‍රිතාන්‍ය මැතිවරණය හෙට
2024 ජුලි මස 03 1502 3

මෙවර මැතිවරණයේ දී වැඩි වාසි ඇත්තේ වසර 14 ක් තිස්සේ බ්‍රිතාන්‍යයට නායකත්වය දුන් කොන්සවර්ටිව් පක්ෂයට නොව, ප්‍රතිවාදී විපක්ෂය වන කම්කරු පක්ෂයටය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 620 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1611 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3481 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site