IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ඉරාන ජනපතිවරණය ජූනි 28 වැනිදා

ජනාධිපති ඊබ්‍රහීම් රයිස් අභාවයෙන් පසු, නව ජනාධිපතිවරයකු තෝරා ගැනීමට හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව, ඉරාන අන්තර්වාර ජනාධිපති ලෙස කටයුතු කරන අහ්මද් වහීදි මාධ්‍ය හමුවක් කැඳවමින් පැහැදිලි කළේය.

ඉරාන ව්‍යවස්ථාවට අනුව, ධුරයේ සිටින ජනාධිපතිවරයා මියගියහොත් හෝ ඔහුට ධුරයෙන් ඉවත් වීමට සිදුවුවහොත් දින 50 ක් ඇතුළත හදිසි ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුය.

ඒ අනුව මැයි 30 වැනිදාත් ජූනි 3 වැනිදාත් අතර දිනයකදී ජනාධිපතිවරණය පැවැත්වීම කළ යුතු බව මැතිවරණ බලධාරීන් පෙන්වා දී තිබුණි.

එසේ වුවත්, මැතිවරණ බලධාරීන් සහ ඉරාන භාරකාර මණ්ඩලය මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පසු ජනාධිපතිවරණය ජූනි 28 වැනිදා පැවැත්වීමට තීරණය කෙරුණු බව ඉරාන මාධ්‍ය පවසයි.  හදිසි මැතිවරණයක් පැවැත්වෙන බව අන්තර්වාර ජනාධිපති අහ්මද් වහීදි මාධ්‍ය හමුවේ දැනුවත් කළේ ඉන් අනතුරුවය.

ඊබ්‍රහීම් රයිසි, ඉරාන විදේශ ඇමැති අමීර් අබ්දුල්ලහීන් ඇතුළු පිරිස හෙලිකොප්ටර් අනතුරින් මියගියේ පසුගිය 19 වැනිදාය. එය හදිසි අනතුරක් බව ඉරාන හමුදාව සිදු කළ විමර්ශනයකින් අනාවරණය වී ඇත. ඉරානයේ තීන්දු තීරණ ගැනීම් සියල්ල සිදු කරන්නේ උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනිය. 

ඉරාන ජනාධිපති ධුරය සඳහා සුදුසු අපේක්ෂකයන් තේරීම සිදු කරන්නේ ඉරාන භාරකාර මණ්ඩලයයි. මෙම භාරකාර මණ්ඩලය සඳහා සාමාජිකයන් පත් කිරීම සිදු කරන්නේ ද උත්තරීතර නායක අල් කමේනි ය. ඉරාන භාරකාර මණ්ඩලය නම් කරන, උත්තරීතර නායක අල් කමේනි ට හිතවත් ජනාධිපති අපේක්ෂකයන් ජනාධිපතිවරණය ඉදිරිපත් වෙයි. මහජන ඡන්දයෙන් ජනාධිපතිවරයා තෝරා ගැනීම සිදුවෙයි.

(ප්‍රෙස් ටීවී)



අදහස් (0)

ඉරාන ජනපතිවරණය ජූනි 28 වැනිදා

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉම්රාන් අනතුරු අඟවයි
2024 සැප්තැම්බර් මස 08 30 0

චෝදනා රැසක් සම්බන්ධයෙන් වරදකරු වී, බන්ධනාගාරගතව සිටින පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් පාකිස්තාන රජයට අනතුරු අඟවා ඇත.


ත්‍රස්ත ප්‍රහාරයක් සැලැසුම් කළ තරුණයෙක් කොටු වෙයි
2024 සැප්තැම්බර් මස 08 20 0

නිව් යෝර්ක් නගරයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ කැනඩාවේ වාසය කරන පාකිස්තාන ජාතික තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකන් ආරක්ෂක අංශ සමත් වී


බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1963 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 215 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3500 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 868 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 678 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site