IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ඉරාන ජනාධිපති මියයෑම: විමර්ශන වාර්තාව එළියට

ඉරාන ජනාධිපති රයිසි ගමන් ගත් හෙලිකොප්ටරය අනතුරට පත්වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වුණු අතර, එම විමර්ශනයට අදාල විමර්ශන වාර්තාව එළිදැක්විණි. 

හෙලිකොප්ටර් අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කළේ ඉරාන සන්නද්ධ හමුදාවය. ඉරාන ජනාධිපතිවරයා, විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිස මියගියේ ඔවුන් රැගෙන අසර්බයිජානයේ සිට යළි ඉරානයට පියාසර කරමින් තිබුණු හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙනි.

හෙලිකොප්ටරය අසර්බයිජානයේ සිට ඉරානයට පියාසර කරන්න වූයේ තවත් හෙලිකොප්ටර් දෙකක් ද පිරිවරා ගනිමිනි. අනෙක් හෙලිකොප්ටර් යානා දෙකට කිසිදු අනතුරක් සිදු  නොවුණු අතර අනතුර සිදුවූයේ ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිස සිටි හෙලිකොප්ටරයයි.

විමර්ශන වාර්තාව හරහා ඉරාන සන්නද්ධ හමුදාව, පෙන්වා දී ඇත්තේ, ජනාධිපති රයිසි ඇතුළු පිරිස ගමන් කළ ‘බෙල්’ වර්ගයේ හෙලිකොප්ටර් යානය ගිනිගෙන කඳුකර ප්‍රදේශයට කඩා වැටුණු බවය. එම අවස්ථාවේ, ඝන මීදුම් තත්ත්වයක් ද පැවැතිණි. හෙලිකොප්ටරය කිසිම අවස්ථාවක නියමිත ගමන් මාර්ගය වෙනස් නොකළ බවත්, ඊට වෙඩි ප්‍රහාරයක් හෝ මිසයිල ප්‍රහායක් හෝ එල්ල නොවුණු බවත් ඉරාන සන්නද්ධ හමුදාව තහවුරු කර තිබේ.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

ඉරාන ජනාධිපති මියයෑම: විමර්ශන වාර්තාව එළියට

Ahmed (Gulf) Sunday, 26 May 2024 02:06 AM

දෙවියන් වහන්සේගේ ශුද්ධ ජාතිය සම්බන්ධ කිරීම සඳහා දෙවියන් වහන්සේගෙන් දඬුවම්

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1935 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 215 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3496 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3074 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site