IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ඉරාන භූමි කම්පාවලට හේතුව න්‍යෂ්ටික අත්හදා බැලීම්

(විමුක්ති එස් රොද්‍රිගු)

මීට දින කීපයකට, පසුගිය ඔක්තෝබර් 5 වැනිදා රාත්‍රී 10.45 ට පමණ, ඉරානය රික්ටර් මාපකයේ 4.6 ක් ප්‍රබල භූමි කම්පාවකින් දෙදරා ගියේය. 

භූමි කම්පාවේ අපිකේන්ද්‍රය සටහන් වූයේ ඉරානයේ, සෙම්නාන් පළාතේ, ඇරඩාන් නගරයට නුදුරින් කිලෝ මීටර් 10 ක් භූගතවය. එම භූමි කම්පාවේ ප්‍රබලත්වය, කිලෝ මීටර් 110 ක් දුරින්, ඉරානයේ ටෙහෙරාන් අගනුවරට ද දැනුණු බව පැවැසෙයි.

ඊශ්‍රායලය සැක පළ කර ඇත්තේ, ඉරානය දෙදෙරා ගිය එම භූමි කම්පාවට හේතුව ඉරාන විප්ලවීය හමුදා, රහසේ භූගතව න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් කළ නිසා බවය. ඉරානය න්‍යෂ්ටික අවි අත්හදා බලන්නේ ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින් යැයි ද ඊශ්‍රායලය වැඩි දුරටත් චෝදනා කර ඇත.

ඉරානය සහ ඇමෙරිකාව අතරේ අර්බුදකාරී තත්ත්වයක් පවතින්නේ ද ඉරාන න්‍යෂ්ටික වැඩසටහන මුල්කොට ගනිමිනි. ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන ආරම්භ කර ඇත්තේ, රටේ බලශක්ති අර්බුදයට පිළියමක් ලෙසය. කෙසේ නමුත් ඊශ්‍රායලය චෝදනා කරන්නේ, ඉරානය ඔවුන්ගේ එම න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී රහසේ න්‍යෂ්ටික අවි නිපදවන බවටය.

මේ අතර පසුගිය දා ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ‘වරුසාව’ ට ප්‍රතිචාර දැක්වීමක් ලෙස, ඉරානයට ප්‍රහාරයක් එල්ල කර, ඉරාන රෙජීමය අඩපණ කිරීමට පියවර ගන්නා බව ඊශ්‍රායලය පවසා ඇත. 



අදහස් (0)

ඉරාන භූමි කම්පාවලට හේතුව න්‍යෂ්ටික අත්හදා බැලීම්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරාන භූමි කම්පාවලට හේතුව න්‍යෂ්ටික අත්හදා බැලීම්
2024 ඔක්තෝබර් මස 08 2966 0

මීට දින කීපයකට, පසුගිය ඔක්තෝබර් 5 වැනිදා රාත්‍රී 10.45 ට පමණ, ඉරානය රික්ටර් මාපකයේ 4.6 ක් ප්‍රබල භූමි කම්පාවකින් දෙදරා ගියේය.


හිස්බුල්ලා සටන්කාමීන් හෆියා නගරයට පහර දෙයි
2024 ඔක්තෝබර් මස 08 142 0

ලෙබනනයේ හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයේ තෙවැනි විශලතම නගරය ලෙස සැලකෙන හයිෆා වෙත ප්‍රබල මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය.


හර්යානා - ජම්මු කාශ්මීර් මැතිවරණ ප්‍රතිඵල එළියට
2024 ඔක්තෝබර් මස 08 60 0

ඉන්දියාවේ හර්යානා සහ ජම්මු කාශ්මීර් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ ප්‍රතිඵල නිකුත් කෙරුණි. හර්යානා ප්‍රාන්තයේත්, ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේත් ප


‘මිල්ටන්’ ඇමෙරිකාව කලඹයි
2024 ඔක්තෝබර් මස 08 33 0

පැයට කිලෝ මීටර් 285 ක වේගයකින්, ‘මිල්ටන්’ නමැති ප්‍රචණ්ඩ සුළි කුණාටුව, ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදය හරහා හමා ගියේය.


මාලදිවයිනට එන්නැයි අගමැති මෝදිට ඇරැයුම්
2024 ඔක්තෝබර් මස 08 18 0

මාලදිවයිනේ නිල සංචාරයකට පැමිණෙන්නැයි මාලදිවයින ජනාධිපති මොහොමඩ් මුයිසු, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ඇරැයුම් කළ අතර, අග්‍රාමාත්‍ය නරේන්ද්‍


පැහැරගත් 63 ක් තවමත් හමාස් ප්‍රාණ ඇපයේ
2024 ඔක්තෝබර් මස 08 746 0

මීට වසරකට පෙර, 2023 ඔක්තෝබර් 7 වැනිදා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට කඩා වැදී, පහර දී ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරයට රැගෙන ගිය ඊශ්‍රායල වැසියන් 251


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39446 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25708 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 350 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1164 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site