මතභේදයට තුඩු දී ඇති ඊජිප්තුවේ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට තමා තීරණය කළ බව එරට ජනපති මොහොමඞ් මොර්සි ඊයේ(2) ප්‍රකාශ කළේය. ඒ අනුව ජනමත චිචාරණය එළඹෙන 15 දා පැවැත්වීමට නියමිතය. එහිදී ජනාධිපති මොර්ස් පසුගියදා තමා වෙත පවරාගත් අසීමිත බලතල පිළිබඳව ජනතා අදහස් විමසනු ඇත. ජනපති මොර්සි ඉකුත් මාසයේදී විපක්ෂ විරෝධතා මැද අධිකරණය අභිබවා තමන්ට තීරණ ගැනීමේ හැකියාව ලබාදෙන විශේෂ බලතල තමන් යටතට පවරා ගත්තේය. අනතුරුව ඊට අදාළව ව්‍යවස්ථාවක් ද කෙටුම්පත් කෙරුණු අතර එය සම්මත කර ගැනීමට එරට රජය කටයුතු කරමින් සිටී. ජනපති මොර්සි ගත් කි‍්‍රයාමාර්ගයට විරෝධය පළ කරමින් දහස් ගණන් විපක්ෂ කි‍්‍රයාකාරීන් ඉකුත් සිකුරාදා කයිරෝ අගනුවර තහීර් චතුරස්රයට රැුස්ව විරෝධතා පෙළපාළි ගිය අතර පොලිසිය යොදවා එම පිරිස් මර්දනය කිරීමට එරට රජය කි‍්‍රයා කළේය. ඊට ප්‍රතිචාර දක්වමින් ජනපති මොර්සිගේ ආධාරකරුවෝ දහස් ගණනක් ඊයේ(2) කයිරෝ නුවරට රැස්ව තම නායකයාට සහාය පළ කරමින් පෙළපාළි ගියහ. මේ අතර ජනාධිපතිවරයාගේ බලතල පවරා ගැනීමට විරෝධය පළ කරමින් එරට නීතීඥවරුන් ද පසුගිය සතියේ වැඩවර්ජනයක නිරත වූහ. විනිසුරුවරුන් එක හඬින් කියා සිටින්නට වූයේ ජනපති මොර්සිගේ නව රජය බලයෙන් ඉවත් විය යුතුයි කියාය. ඉකුත් වසරේදී දිගු කලක් ඊජිප්තුව පාලනය කළ ජනපති හොස්නි මුබාරක්ගේ පාලනය පෙරළා දැමීමට කටයුතු කළේද වත්මන් ජනපති මොර්සි ප්රමුඛ මුස්ලිම් සහෝදරත්ව පක්ෂයයි.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඊජිප්තුවේ ජනමත විචාරණයක්
අජිත් Monday, 03 December 2012 12:33 PM
ඒකත අපේ වගේද දන්නේ නැහැ (දී)