IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ඊජිප්තුව යළි රත්වෙයි

හමාස් සංවිධානය හා ඊශ‍්‍රායලය අතර සටන් විරාමයක් ප‍්‍රකාශයට පත්කිරීමට මැදිහත් වූ ඊජිප්තුවේ ජනාධිපති මොහොමඞ් මුර්සි ඊට පසුවද එනම් පසුගිය සතියේ බ‍්‍රහස්පතින්දා නිකුත් කළ නිවේදනයකින් රටතුළ තවත් සටනකට ආරම්භයක් ගත්තේය. මීට වසර දෙකකට පමණ පෙර හොස්නි මුබාරක් බලයෙන් පලවා හැරීමෙන් දියත් වූ විප්ලවය ආරක්ෂාකර ගැනීමේ අරමුණෙන් ප‍්‍රකාශයට පත්කරනලද මෙම ආඥාව තුළින් ඔහු ඊජිප්තුවේ නව පාරෝ කෙනෙකු බවට පත්වීමට උත්සාහ කරන්නේ යැයි චෝදනා කරන විපක්‍ෂ කණ්ඩායම නැවතත් තහ්රිර් චතුරශ‍්‍රය තම සටන් බිම කරගැනීමට උත්සාහ කරති. පසුගිය සතියේ සඳුදා සිට තහ්රිර් චතුරශ‍්‍රයේ විරෝධතා ව්‍යාපාරයට එක්වූ තරුණ ශිෂ්‍ය කණ්ඩායම් එහි කඳවුරු බැඳගෙන සිටින අතර මුර්සි පාලනයෙන් ඉවත්කරන තෙක් තම අරගලය ඉදිරියට ගෙන යන බවට සපථ කළහ. පසුගිය සති අන්තය වන විට මෙම විරෝධතා ඊජිප්තුවේ ප‍්‍රධාන නගර සියල්ලටම පාහේ පැතිරීමෙන් හටගත් අරගලවලින් සියයකට අධික පිරිසක් තුවාල ලැබූබවද වාර්තාවේ. ප‍්‍රකෝපයට පත් පිරිස් මුස්ලිම් සහෝදරත්වයේ නිදහස හා යුක්තිය පක්‍ෂ කාර්යාලවලට කඩා වැදී දේපලවලට හානි පැමිණවූහ. හොස්නි මුබාරක් ගේ පාලනයට එරෙහිව මතු වූ විරෝධතාව සිහිපත් කෙරෙන මෙම උද්ඝෝසණ වලට ආගම්වාදී නොවන පක්‍ෂවල මෙන්ම ක‍්‍රිස්ත‍්‍රියානි ආගමිකයන්ගේද සහාය ලැබෙන බව පෙනේ. නොබෙල් සාම ත්‍යාගලාභී එල් බරාදි සඳහන් කරන ආකාරයට ඊජිප්තුව නැවතත් ඒකාධිපතිවාදය කරා යන මෙම නියෝග ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය සම්පූර්ණයෙන්ම වසා දමයි. එමනිසා බටහිර රටවල සහාය ජනාධිපති මුර්සිට නොලැබෙනු ඇතැයි බලාපොරොත්තුවන එල් බරාදි ඊජිප්තුව ආගම්වාදී පාලනයකට නතුකිරීමට විරුද්ධ වන සියලූදෙනා මෙම විරෝධතාවට එක්විය යුතුයැයි කීවේය. ජනාධිපති ආඥාව නිකුත් කිරීමෙන් පසුවද යුරෝපා සංගමයද මේ ගැන සිය කනස්සල්ල ප‍්‍රකාශ කරමින් සාමකාමී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාමාර්ගයකින් මතු වී ඇති ගැටලූවලට විසඳුම් සොයා ගන්නා ලෙස ඉල්ලීමක්ද කර ඇත. එක්සත් ජනපදය මුබාරක්ගේ පාලනයට එරෙහිව ජනතා විරෝධය එල්ල වූ මුල් අවස්ථාවේදී මෙන්ම විවෘත ප‍්‍රකාශයක් කිරීමෙන් වැළකී සිටින නමුත් ඊශ‍්‍රායලය සමග ඇති කරගත් සටන් විරාමයට හානිකර පියවර නොගන්නා බවට සහතිකයක් ජනාධිපති මුබාරක්ගෙන් අපේක්‍ෂා කරනු ඇත. දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට දහයකට ආසන්න අයවැය පරතරයකට මුහුණ දී සිටින ජනාධිපති මුබාරක්ට එක්සත් ජනපදයේත් යුරෝපා සංගමයේත් සහාය වැදගත් වන්නේ අන්තර් ජාතික මූල්‍ය අරමුදලෙන් අනුමත කර ඇති ඩොලර් කෝටි 480ක ණය මුදල ලබා ගැනීම සඳහාය. පසුගිය සතියේ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මිය හමුවීමෙන් පසුව නිකුත් කළ මෙම ආඥාවලින් මූලික වශයෙන් අදහස් වන්නේ දැනට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවක් මගින් කෙටුම්පත් කරන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එල්ල විය හැකි නීතිමය බාධක ඉවත් කිරීමය. මීට පෙර පාර්ලිමේන්තුවේ පහළ මණ්ඩලය අධිකරණ නියෝගයක් අනුව විසුරුවා හරින ලද අතර එය නැවත කැඳවීමට ජනාධිපති මුර්සි ගත් උත්සාහයද ව්‍යර්ථ විය. ඉන්පසු ජනාධිපති මුර්සිගේ විධායක බලතල අනුව පත්කරන ලද ව්‍යවස්ථා සභාවේ වැඩ කටයුතු නතරකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට අයැදුම් ගණනාවක් ඉදිරිපත්ව ඇත. මෙම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ වැඩ කටයුතු මුස්ලිම් සහෝදරත්වයේ බලපෑමට යටත් ආගම්වාදී කොටස්වල කැමැත්ත අනුව සිදු වන්නේ යැයි චෝදනා කරමින් ක‍්‍රිස්ත‍්‍රියානි හා ආගම්වාදී නොවන පිරිස් පසුව ඉන් ඉල්ලා අස්වූහ. වෙනත් ආගමික හා සමාජ කණ්ඩායම්වල අයිතීන් නොසලකා ෂාරියා නීතිය ව්‍යවස්ථා ගතකිරීමේ ප‍්‍රයත්නයක් පවතින්නේ යැයි ඔව්හු චෝදනා කරති.  ඒ අනුව මුබාරක්ගේ පාලන සමයේ පත්කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණය මෙම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසුරුවා හැරීමට පියවර ගතහොත් ජනාධිපති මුර්සිට අත්වන්නේ බරපතළ පසුබෑමකි. ඔහුගේ ආඥාව අනුව අධිකරණයට මෙම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසුරුවා හැරීමට නියෝගයක් නිකුත් කළ නොහැකිය. ඒ සමගම ජනාධිපති මුර්සි ගන්නා තීරණ හා නියෝග බලරහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට නියෝග කිරීමටද නොහැකි බව මෙම ආඥාවේ සඳහන්වේ. මීට පෙර අවස්ථාවක මුබාරක් විසින් පත්කරන ලද නීතිපති ඉවත්කිරීමට ජනාධිපති මුර්සි පියවර ගත් නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත්වීම නිසා එය කළ නොහැකි විය. එහෙත් පසුගිය බ‍්‍රහස්පතින්දා නිකුත් කළ ආඥාවෙන් නීතිපතිවරයා තනතුරෙන් ඉවත්කර ඇති අතර ඒ සඳහා ඔහු සුදුසු පුද්ගලයෙක් පත් කර ගනු ඇත. මේ සියල්ලට අමතරව විප්ලවය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය කුමන හෝ පියවරක් ගැනීමටද ජනාධිපති මුර්සිට බලය පැවරෙන නිසා ඔහුට මෙම බලතල නව පාර්ලිමේන්තුවක් තේරී පත්වන තෙක් භාවිත කළ හැකිය.  පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා ව්‍යවස්ථාදායක බලතල ද විධායක ජනාධිපතිවරයාට හිමි වූ නිසා මෙම නියෝගය තුළින් ඔහුට අධිකරණ බලතලද හිමි වන්නේ යැයි විපක්‍ෂ කණ්ඩායම චෝදනා කරති. අනෙක් අතට ජනාධිපතිට මුර්සිගේ දේශපාලන පදනම වන මුස්ලිම් සහෝදරත්වය දකින ආකාරයට මෙම නියෝගය තුළින් මුබාරක් පාලන සමයේ ක‍්‍රියාත්මක වූ නීතිරීති හා පාලන තන්ත‍්‍රය වෙනස් කිරීමටත් නව පාලන තන්ත‍්‍රයක් ගොඩනගා ගැනීමටත් අවස්ථාවක් උදාවේ.  ඊට විරුද්ධවන්නේ ‘‘විප්ලවයට’’ අකමැති පැරණි පාලනයේ අනුගාමිකයන් පමණි. ආගමික කණ්ඩායමක් වන සලෂිස්ට්වාදීහු ද ජනාධිපති මුර්සිගේ නියෝගය ඊජිප්තුවේ ඉස්ලාමීය පාලනයකට අවශ්‍ය පසුබිමක් ලෙස ඊට සහාය දක්වති. මෙම ආඥාව අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කරන ලද ”පෙර නොවූවිරූ ප‍්‍රහාරයක්” ලෙස හඳුන්වන උත්තරීතර අධිකරණ කවුන්සලය, අධිකරණයේ බලතල උල්ලංගණය කෙරෙන සියලූ නීති ප‍්‍රතික්ෂේප කරන බව ප‍්‍රකාශ කොට නීතිපති ඉවත්කිරීමට ජනාධිපති මුර්සි ගත් තීරණය නොපිළිගන්නා බවද සඳහන් කරති. ඒ අනුව දින කිහිපයක් තිස්සේම උසාවි වැඩ කටයුතු අඩාල වුවත් ජනාධිපති අධිකරණයට බලපාන ප‍්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් බව ප‍්‍රකාශ කිරීමත් සමග නැවත අධිකරණ කටයුතු ආරම්භ වන බවද වාර්තා විය. මෙම සාකච්ඡා තුළින් කිසියම් සම්මුතියකට පැමිණීමට අවස්ථාවක් ඇති වුවත් ජනාධිපති මුර්සිගේ මූලික අවශ්‍යතාව එනම් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්පාදනය බාධාවකින් තොරව පවත්වා ගැනීම දෙවැනි කරනු ඇතැයි සිතිය නොහැක. ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තුළ වෙනත් දේශපාලන මත ධාරාවන්ට ඉඩ සැලසීම සඳහා විපක්‍ෂ හා ක‍්‍රිස්තියානි නියෝජනයකට ඉඩ සැලසීමට ඔහු සූදානම්ය. එහෙත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සිට ඉන් ඉවත් වූ නියෝජිතයින්ගේ ප‍්‍රධාන චෝදනාව වන්නේ එම මණ්ඩලය තීරණ ගැනීමේදී වෙනත් අදහස්වලට ගරු නොකිරීමයි. එම නිසා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ නියෝජනය පුළුල් කිරීමට අමතරව ඔවුන් සමග ප‍්‍රතිපත්ති එකඟතාවකට පැමිණීමටද ජනාධිපති මුර්සිගේ නිදහස හා යුක්තිය පක්‍ෂයට සිදුවනු ඇත. කෙසේ වුවත් මෙම ආඥා නිකුත් කිරීමත් සමග මුස්ලිම් සහෝදරයන්ගේ වැඩපිළිවෙළ අනුමත නොකරන සියලූ දේශපාලන ප‍්‍රවණතා තුළ මහත් සැකයක් මෙන්ම බියක්ද හටගෙන ඇති බව පෙනේ. විසුරුවා හරින ලද පාර්ලිමේන්තුවේ මෙන්ම  ඉහළ මන්ත‍්‍රී මණ්ඩලයේද බහුතරය වන මුස්ලිම් සහෝදරත්වය හා බැඳුන නිදහස හා යුක්තිය පක්‍ෂය ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීම අරමුණු කරගෙන  ක‍්‍රියාත්මක වන බව බොහෝ දෙනා අදහස් කරති. කොප්ටික් ක‍්‍රිස්ත‍්‍රියානි ආගමිකයින්ට පහරදීම මෙන්ම සලෆිස්ට් වැනි ආගමික අන්තවාදීන් සමග සම්බන්ධතා පැවැත්වීම මෙම අදහස සනාථ කෙරෙන සාධක සේ සැලකිය හැකිය. අනෙක් අතට දැඩි ඇමරිකන් විරෝධී ස්ථාවරයක සිටි මුස්ලිම් සහෝදරත්වය පාලන බලය හිමිකර ගැනීමෙන් පසු ක‍්‍රමයෙන් ඉන් බැහැර වන බවද පැහැදිලිය.  බලයට පත්වීමට පෙර ඇමරිකාවේ බලපෑම යටතේ ඊශ‍්‍රායලය සමග ඇතිකර ගත් සාම ගිවිසුම ප‍්‍රතික්ෂේප කොට නිදහස් පලස්තීනයක් වෙනුවෙන් පෙනී සිටින බවට සහතික වූ නමුත් දැන් එවැනි අවධාරණයක් කරන්නේ නැත. ඊශ‍්‍රායලය සමග ඇති සාම ගිවිසුම ගරු කිරීමටත්, ඊශ‍්‍රායලයේ  බලපෑම නිසා ගාසා තීරයට ඇති දොරටු වසා තැබීමටත් ජනාධිපති මුර්සි එකඟ වූයේය. පසුගිය සතියේදී ඔහුගේ සෘජු මැදිහත්වීමෙන් පසුව ගාසා තීරයේ සටන් විරාමයකට එකඟතාවක් ඇති වුවද එහි කොන්දේසි වඩාත් හිතකර වන්නේ පලස්තීනුවන්ට නොවන බවද සඳහන් වේ. නිදසුනක් වශයෙන් එම සටන් විරාමය යටතේ හමාස් සංවිධානය නිරායුද කිරීමට පියවර ගතයුතුය. ඒ අනුව ගාසා තීරයට ගෙන යමින් තිබූ රොකට් අවි තොගයක් ඊජිප්තු බලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බවද වාර්තාවේ. මෙවැනි පසුබිමක් යටතේ මුස්ලිම් සහෝදරත්වයේ රැඩිකල් මතවාදය පෙරටු කර ජනාධිපති මුර්සිට බලවේග ගණනාවක් තුලනය කිරීමට සිදුව ඇත. එක අතකින් ඊජිප්තුව ඉස්ලාමීය රාජ්‍යයක් බවට පත්විය යුතු යැයි විශ්වාස කරන ආගමික කණ්ඩායම් සැනසිය යුතුය. අනෙක් අතට ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහ පාලනය වෙනුවෙන් පෙනී සිටින මුබාරක්ගේ පාලනය පෙරලා දැමීමට පුරෝගාමී වූ තරුණ ශිෂ්‍ය මෙන්ම කම්කරු කොටස්වල ඉල්ලීම්වලටද සවන් දිය යුතුය.  ඔහුට බලවත්ම අභියෝගය වන්නේ වෘත්තියවේදීන් ඇතුළු සමාජයේ  මධ්‍යම පාන්තික කොටස්ය.  වැඩවර්ජන තහනම් කර ඇති ඔහු කම්කරු ජන කොටස්වල අයිතින් ගැන උනන්දු වන්නේ යැයි කිව නොහැකිය. එහෙත් ආගම්වාදී නොවන ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් වෙනුවෙන් පෙනී සිටින මධ්‍යම පාන්තික වෘත්තීයවේදීන් ඔහුට අමතක කිරීම පහසු නොවේ. යුරෝපා සංගමය හා එක්සත් ජනපදයේ සහාය ලබන එල්බරාදි වැනි ඉහල මධ්‍යම පාන්තික ජන කොටස්වල ජාත්‍යන්තර බලපෑම ද බෙහෙවින් වැදගත්ය. අධිකරණයෙන් දැනට එල්ල වී ඇති අභියෝගයට පදනම් වන්නේද මධ්‍යම පන්තිය පවතින අවිශ්වාසයයි. බලයේ රැඳී සිටීම සඳහා ජනාධිපති මුර්සිට හා ඔහු නියෝජනය කරන මුස්ලිම් සහෝදරත්වයට එකඟතා ඇති කරගැනීමට සිදු වන්නේ එල් බරාදී වැනි කණ්ඩායම් නියෝජනය කරන සමාජ කොටස් සමගය. එමනිසා සමහර රැඩිකල් ප‍්‍රතිපත්ති අතහැර මුබාරක් අනුගමනය කළ ආකාරයේ බටහිර අභියෝගයක් නොවන ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ග ගැනීමට ඔහුට සිදුවනු ඇත. පසුගිය සතියේ නිකුත් කළ ආඥාවේ සමහර කරුණු සංශෝධනය කිරීමට තමන් සූදානම් යැයි ජනාධිපති මූර්සි ප‍්‍රකාශ කළේ එවැනි සම්මුතියකට සූදානම් බවට ඉඟිකිරීමක් වශයෙනි. මෙය ඔහුගේ මුස්ලිම් සහෝදරත්වයේ සමහර කොටස්වලට ප‍්‍රියජනක නොවන නමුත් වෙනත් විකල්පයක් ද නැත. එහි ප‍්‍රතිඵලය වන්නේ හොස්නි මුබාරක්ගේ ඒකාධිපති පාලනය යටතේ පැවති ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ග වෙනත් මුහුණුවරකින් ඉදිරිපත්වීම පමණි.

සටහන: මහින්ද හත්තක
මුර්සිට විරෝධය පා මහාධිකරණය ඉදිරිපිට පැවති මහජන විරෝධතා මුර්සිට විරෝධය පා මහාධිකරණය ඉදිරිපිට පැවති මහජන විරෝධතා මුර්සිට විරෝධය දක්වන කාන්තාවෝ හිලරි ක්ලින්ටන් මොහොමඞ් මුර්සි ඊජිප්තුවේ විනිශ්චකාරවරුන්ගේ රැස්වීමදා..



අදහස් (0)

ඊජිප්තුව යළි රත්වෙයි

ෂෙරිෆ් Sunday, 02 December 2012 10:28 AM

අයියෝ ඊජිප්තුව

:       0       0

මුතුකුඩ Friday, 30 November 2012 11:28 PM

මධු, ලංකාවත් එක්කද? (නි)

:       0       0

ධර්ෂණ Saturday, 01 December 2012 02:11 AM

සිතල කරන්න අපි මොප්කද්ද කරන්න ඕනේ (දී)

:       0       0

මධු Friday, 30 November 2012 12:42 PM

දේශපාලනය.....

:       0       0

රිෆායා Tuesday, 04 December 2012 10:25 PM

ඒකාධිපත්‍ය නැති කර යුතුයි (ස)

:       0       0

මධූ Friday, 30 November 2012 02:49 PM

ඒකාධිපතුන් පන්නා දැමිය යුතුයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 337 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 615 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 116 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 102 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


ප්‍රංශයට අධික හිම පතනයක්
2024 නොවැම්බර් මස 23 115 0

ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.


නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 2814 2

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 729 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2030 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site