ඇමෙරිකන් සංචාරය අවසන් කිරීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊජිප්තුවේ නිල සංචාරයකට ගියේය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඊජිප්තුවට ගියේ ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසීගේ ඇරැයුමක් පිළිගනිමිනි.
ඉන්දියාව සමඟ වෙළෙඳ ගනුදෙනු කිහිපයකටත්, පුනර්ජනනීය බලශක්ති කටයුතු, තොරතුරු තාක්ෂණය සහ ඖෂධ ක්ෂේත්‍රයට අදාල ගනුදෙනු කීපයකටත් ඊජිප්තු ජනාධිපතිවරයාත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාත් අතරේ අත්සන් තැබුණි. මෝදි සහ අල් සීසී අතර හමුව පැවැත්වූයේ කයිරෝ අගනුවර ජනාධිපති මන්දිරයේය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු මෙසේ ඊජිප්තුවට පැමිණ, ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීම කළේ වසර 26 කට පසුව වීම ද විශේෂත්වයකි. මෝදි සහ ඊජිප්තු ජනාධිපති අල් සීසී අතරේ සමීප මිත්‍රත්වයක් පවතී. පසුගිය ඉන්දීය නිදහස් දින උළෙලේ විශේෂ ආරාධිතයා වූයේ ද අල් සීසී ය. මීළඟ ‘ජී20’ සමුළුව පැවැත්වෙන්නේ, ඉන්දියාවේය. අල් සීසී, විශේෂ ආරාධිතයකු ලෙස ‘ජී20’ සමුළුවට සහභාගී වනු ඇතැයි ද පැවැසෙයි.
අග්‍රාමාත්‍ය මෝදි ඊජිප්තුවේ සමීප මිතුරකු බව පෙන්වා දෙමින්, ‘ඕඩර් ඔෆ් ද නයිල්’ සම්මානය මෝදිට පිරිනැමීමට ද ජනාධිපති අල් සීසී කටයුතු කළේය. ඊජිප්තු රජයෙන් පිරිනැමෙන ඉහළතම ගෞරව සම්මානය මෙය යැයි පැවැසෙයි.
ඊජිප්තු සංචාරයේ දී මෝදි, කයිරෝ අගනුවර පිහිටි, 11 වැනි සියවසේ ඉදි කෙරුණු අල් හකීම් දේවස්ථානය නැරැඹීමටත්, හෙලියෝපොලිස් පොදුරාජ්‍ය මණ්ඩලීය යුද සුසාන භූමියට ගොස් උපහාර දැක්වීටත් අමතක නොකළේය. ලෝක පුදුමයක් ලෙස ද සැලකෙන ගීසාහි පිරමීඩ නැරැඹීමට ද මෝදි ගියේය.
අල් හකීම් දේවස්ථානය වර්ග කිලෝ මීටර් 13,560 ක භූමියක ඉදිකර තිබේ. අතීතයේ මෙම දේවස්ථානය ඉදි කිරීමේ දී ඉන්දියාවේ බෝරාවරුන්ගේ ද සහාය ලැබී තිබේ. 1970 වසරේ සිට මෙම මුස්ලිම් දේවස්ථානය නඩත්තු කරන්නේ ද බෝරා ප්‍රජාව යැයි පැවැසෙයි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි
ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛව ධනවත් රටවල් විසින් අරමුදල් කප්පාදු කිරීම හේතුවෙන්, මාරාන්තික රෝගවලට එරෙහිව ලෝකයේ දරුවන් එන්නත් කිරීම අඩාල වන බව එක්සත්
ලිංගික අපයෝජනයන්ට එරෙහිව ප්‍රසිද්ධියේ හඬනැගූ සමාජ ක්‍රියාකාරිනියක ලෙස ප්‍රකට අමෙරිකාවේ වර්ජිනියා ජිෆ්රේ මියගොස් ඇතැයි පැවැසෙයි.
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඊජිප්තු ගිය මෝදිට උණුසුම් පිළිගැනීමක්