ඊජිප්තු ජනාධිපති වරණයෙන් ජයග්‍රහණය කළ මුස්ලිම් සහෝදරත්වය නමැති දේශපාලන පක්ෂයේ නායක මොහොමඞ් මොර්සි ඊයේ (25) ජනතාව අමතමින් කියා සිටියේ නව රජයක් පිහිටුවීමට තමන් යුහුසුළුව කටයුතු කරන බවය. ඊජිප්තු මැතිවරණ කොමිසම ප්‍රකාශ කර ඇත්තේ මොර්සි සියයට 51.73 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජයග්‍රහණය කළ බවය. මොර්සිගේ ප්‍රතිවාදියා වූයේ හිටපු ඊජිප්තු ජනපති හොස්නි මුබාරක්ගේ රජයේ අගමැතිවරයකු වූ අහමඞ් ෂෆීක්ය. දරදඬු පාලනයක දීර්ඝ ඉතිහාසයක් ඇති ඊජිප්තුවේ ප්රජාතන්ත්රවාදී ඡන්දයකින් ජනාධිපතිවරයකු පත් වූ පළමු අවස්ථාව මෙයයි. වෘත්තියෙන් ඉන්ජිනේරුවරයකු වන මොර්සි සිය දේශපාලන දර්ශනය හේතුවෙන් හිටපු ජනාධිපති හොස්නි මුබාරක්ගේ රජයේ දේශපාලන සිරකරුවකු ව සිටි අයෙක් ද වෙයි. මුස්ලිම් හෝ කි්රස්තියානි හෝ වේවා තමා සියලූම ඊජිප්තු වැසියන්ගේ ජනාධිපති යැයි මොර්සි රූපවාහිනිය ඔස්සේ ඊජිප්තු ජනතාව අමතමින් පැවැසීය. මොර්සි ජයග්‍රහණය කළ බව ඊජිප්තු මැතිවරණ කොමිසම නිල වශයෙන් නිවේදනය කළ අවස්ථාවේදී මොර්සිගේ ආධාරකරුවන් දහස් ගණනින් කයිරෝ නුවර තරීර් චතුරස්රයට රැස්වී පී‍්‍රතිඝෝෂා කළ බව වාර්තා වේ. ජනතා විරෝධතා හමුවේ පසුගිය වසරේ මාර්තු මාසයේදී හොස්නි මුබාරක් බලය අත්හැරියේ හමුදා පාලක මණ්ඩලයකට පාලනය පවරා දෙමිනි. මොර්සිගේ බලතල අඩු කිරීමට එම හමුදා පාලක මණ්ඩලය උත්සාහ කරන බවට මේ වනවිට චෝදනා එල්ල වෙමින් පවතී. එම නිසා ඊජිප්තුවේ යළිත් වරක් ගැටුම් හටගැනීමේ අවදානමක් ඇතැයි දේශපාලන විචාරකයෝ බිය පළ කරති.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඊජිප්තු නව ජනපති මොර්සි රජයක් පිහිටුවන්න සූදානම්
ආ Tuesday, 26 June 2012 01:41 PM
ඊස්රායලය වෙව්ලනවලු.....
මධු Tuesday, 26 June 2012 02:31 PM
ගහල බලමු ද ඊශ්ට්රයල් වල ට ? වෙව්ලනවද නැද්ද බලන්න ?
අමරා Wednesday, 27 June 2012 09:30 AM
නීතිගරුක හොද නායකයෙක් වේවා!
සුසිල් Wednesday, 27 June 2012 10:59 AM
මම ඉන්නෙත් ඊශ්‍රායෙල්.ඔය කියන මිනිස්සු ඊශ්‍රායෙල් ගැන දන්නෙවත් නෑ
සුසිල් Wednesday, 27 June 2012 12:02 PM
ලංකාවේ කෆීර් ගුවන් යානා දැන් ඊශ්‍රායලයෙන් ගෙන්නපුවා තියෙන්නේ.ඊශ්‍රායලයේ ඒවා දැන් කටුගෙට දාලා
කෝලිත Wednesday, 27 June 2012 12:18 AM
අපරාදේ රටේ විනාශය
ෂෙරීෆ් Wednesday, 27 June 2012 10:16 PM
ඒකාධිපති වාදය තුරන් වී සැමටම ප්‍රජාත්‍රන්තවාදය උදා වේවා!
ප්‍රසන්න Wednesday, 27 June 2012 02:26 PM
ලංකාවෙත් තව ටික කාලයකින්, කෆීර් යානා ටික ගෞරවනීය විදිහට කෞතුකාගාරයක තැන්පත් කරන්න ඉඩ තියනවා, යුද්දෙදි ඒවායෙන් ලැබුනේ කියාගන්න බැරි තරම් සහයෝගයක්, ඇමෙරිකාව එපා කියද්දී ඒවා අප රටට ලබාදුන්, මා සේවය කරනා ඉශ්රායලයටත් මගේ ආචාරය...