IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ඊජිප්තු පුරාණය තවත් ඈතට යයි

ඊජිප්තුවේ පාරාවෝ රජවරුන් විසින් සොහොන් කොත් තැනීමට වසර දහස් ගණනකට පෙර පවා ඉපැරණි රජදරුවන් විසින් සොහොන් කොත් තනා ඇතැයි දැන් පුරාවිද්‍යාඥයන්ගේ මතය වී තිබේ.

මේ නවතම මතය ඉදිරිපත් වී ඇත්තේ වසර 5600 ක් පමණ පැරණි සොහොන් කොත් සොයා ගැනීමත් සමගිනි. මෙය ඊජිප්තුව එක්සත් කිරීමටත් පෙර තැනූ සොහොන් කොතක් බව පිළිගැනීමයි. එය සොයාගෙන ඇත්තේ දකුණු ඊජිප්තුවෙනි. පුරාණ ඊජිප්තුවේ පළමු රාජවංශිකයන් වන පාරාවෝ රජ පෙළපත ක්‍රිස්තු පූර්ව 3100 සහ ක්‍රිස්තු පූර්ව 2890 අතර පාලනය ගෙනගොස් ඇත. මේ කාලයේ ඊජිප්තුවේ ඉහළ සහ පහළ යන කොටස් නාමාර් රජු විසින් එක් කරන ලදැයි විශ්වාසයක් තිබේ.

ඊජිප්තු ඉතිහාසයේ පළමු රාජවංශය පිළිබඳ යම් තොරතුරක් ඇතත් මේ බොහෝ මතයන්ට පාදක වී ඇත්තේ ස්මාරක හා වස්තූන් කිහිපයක් රජවරුන්ගේ නම් වලින් හැඳින්වීමයි.

අලුතෙන් සොයාගත් සොහොන් කොත සාදා ඇත්තේ ඊජිප්තුවේ පළමු රාජ වංශයේ ආරම්භකයා යැයි මෙතෙක් සිතා සිටි නාමර් රජුගේ පාලනයට ද පෙර යැයි ඊජිප්තුවේ පුරාවස්තු සම්බන්ධ අමාත්‍යාංශය පවසයි.

ලුක්සර් සහ අස්වාන් නගර අතර පිහිටි කොන්අල්ආමර් ප්‍රෙද්ශයේ හයිරකොන්පොලිස් භූමියේ තිබිය දීය. පුරාවිද්‍යාඥයන්ගේ මතය වී තිබුණේ මේ නගරය පූර්ව රාජවංශික නගර මධ්‍යස්ථානය සහ ඉහළ ඊජිප්තුවේ අගනුවර වන්නට ඇති බවයි.

යට රැවුලක් සහිත ඇත්දළ වලින් කරවූ මිනිස් රුවක් ද සොහොන් කොතේ අයිතිකරුගේ බෙහෙත් ගැල්වූ සිරුර ද තිබිණි. පුරාවිද්‍යාඥයන් පවසන්නේ මේ හිමිකරු ගැටවර වියේ දී මිය යන්නට ඇති බවයි. කෙසේ වෙතත් මේ මමි කරන ලද ගැටවරයා රාජකීය පවුලක සාමාජිකයකු බව නම් ස්ථිරව ම කිව හැකි කරුණකි.

මමිය සමග තිබී පිහි, පනා ඇතුළු උපකරණය කිහිපයක් ද හමුවී ඇත. විවිධ රටවල් නියෝජනය කරමින් පැමිණ සිටින පුරාවිද්‍යා කණ්ඩායමේ ප්‍රධානී රෙනී ෆිඩ්මන් පවසන්නේ මේ සොහොන් කොත ආරක්සා කැර ඇති ආකාරයට පූර්ව රාජවංශයේ පූජා විධි සම්බන්ධයෙන් අලුත් තොරතුරු ලැබෙන බවයි. පූර්ව රාජවංශයේ පාරාවන් වනව නාර්මර් සහ රා යන රජවරුන්ගේ සොහොන් කොත් හිරුකොන්පොලිස් වල තිබී මීට පෙර සොයාගෙන තිබිණි. පළමු රාජවංශය පිළිබඳ ටිකක් දැන සිටිය ද මේ සොයාගැනීමත් සමග සැඟවී ඇති තොරතුරු ඊටත් වඩා බොහෝ විශාල විය හැකියැයි මතයක් ද පවතී.

පුරාවිද්‍යාඥයන්ගේ මතය වන්නේ මේ සොහොන් කොත සාදා ඇත්තේ පළමු රාජ වංශයේ ආරම්භකයා වන නාමාර් රජුගේ පාලනයටත් පෙර සිට බවයි.

 



අදහස් (0)

ඊජිප්තු පුරාණය තවත් ඈතට යයි

වික්‍රම‍ Monday, 12 May 2014 12:45 AM

පූර්ව රාජ වංශයේ රා කියන රජුත් ශ්‍රී ලංකාවේ මහා රාවණා රජුත් අතර බොහෝ විට සම්බන්ධයක් තිබෙන්න පුළුවන්. (නි)

:       0       0

ජීවක Sunday, 11 May 2014 02:06 AM

සිංහල රජෙක් වගේ? (නි)

:       0       0

රවීන් Tuesday, 13 May 2014 05:43 PM

මට නම් අපේ හිටපු ජනාධිපතිවරයෙක්ව මතක් වුණා... (නි)

:       0       0

ඉම්රාන් (පාකිස්තානය) Tuesday, 13 May 2014 12:03 PM

ශුද්ධ වූ කුරාණය කියවා ඇති අපි මේ කතා කොහෙත්ම විශ්වාස කරන්නෙ නැහැ. (නි)

:       0       0

කේ. Tuesday, 13 May 2014 12:07 PM

ඒකට අපේ අය? (නි)

:       0       0

සුජීව Monday, 12 May 2014 10:09 PM

අනුන්ගේ පෞරාණික වස්තු අාරක්ෂා කරන්න ලංකාෙවේ අය හරි දක්ෂයි. (ස)

:       0       0

අබ්දුල් Tuesday, 13 May 2014 12:45 PM

අල්කුරානයේ පාරාවෝ පිළිබඳ වසර 1400 කට පෙර පවසා තිබෙනවා. මෙම පාරාවෝ පරම්පරාවේ රජකෙනෙකු ගැනත් කියා තිබෙනවා. (නි)

:       0       0

දිමුතු Sunday, 11 May 2014 11:07 AM

පිරිමිද සහ මමී කරණය සහ තවත් වටිනා දේවල් ගැන BBC රුපවාහිනී නාලිකාවෙන් හැදු වටිනා වැඩසටහන් මාලාව ඔබත් සිංහල උපසිරසි සමඟම බාගත කරනගෙන නැරඔීමට එන්න මෙම පහත ලින්කුවෙන් http://www.baiscopelk.com/tv-series/egypt/ (ස)

:       0       0

ලලිත් අපොන්සු Sunday, 11 May 2014 01:00 PM

අැත්ත කිවුවහම කාටත් කේන්ති යනවානේ. (ස)

:       0       0

ලලිත් අෙපාන්සු Sunday, 11 May 2014 01:46 PM

මේ මුහුණ ලංකාවේ හිටපු රාජ්‍ය නායකයකුගේ වගේ (ස)

:       0       0

මොහොමඩ් Wednesday, 14 May 2014 01:33 PM

සමහර තැන්වල ලියා තිබෙනවා ඒ විදියට සත්තු මැරුවාම සත්තුන්ට රිදෙන්නෙ නෑතිලු.(නදී)

:       0       0

ගාමිණී Monday, 12 May 2014 12:21 PM

කුමක් කිවුවත් ලංකාවේ ඉන්න බොහෝ අය හිතන්නේ ඒවායේ උරුමය ලංකාවේ කියලයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 250 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 208 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 588 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 76 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 84 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 509 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site