ඊශ‍්‍රායලයට විදිය හැකි මධ්‍ය දුර බැලැස්ටික මිසයිලයක් සාර්ථකව අත්හදා බැලීමට ඉරාන විප්ලවීය හමුදාව ඊයේ (3) සමත් විය.
ඉරාන හමුදාව ‘ෂහාබ් 3’ නමැති එම මිසයිලය අත්හදා බැලූවේ එරට කාවීර් කාන්තාරයේ ආරම්භ කෙරුණු යුද අභ්‍යාසයක් අතරතුරේදීය.
‘ෂහාබ් 3’ මිසයිලයට කිලෝ මීටර් 2,000 දුර යෑමේ හැකියාව ඇති අතර එයට පහසුවෙන්ම ඊශ‍්‍රායලයේ ඉලක්කවලට ළඟා විය හැක. ඊශ‍්‍රායලය ඇත්තේ ඉරානයේ සිට කිලෝ මීටර් 1,000 ක දුරිනි.
ඉරානයේ යුද අභ්‍යාසය සජීවි ලෙස වාර්තා කළ එරට ‘අල් අලාම්’ පුවත් සේවය කියා සිටියේ ‘ෂහාබ් 1’ සහ ‘ෂහාබ් 2’ යනුවෙන් කෙටි දුර මිසයිල දෙකක් ද සාර්ථකව අත්හදා බැලූ බවය. එම මිසයිලවලට කිලෝ මීටර් 300 ක් හෝ 500 ක් දුරට යා හැකිය.
ඊට අමතරව ඉරාන හමුදාව සහ විද්‍යාඥයන් එක් වී නිර්මාණය කළ නියමුවන් රහිත බෝම්බ හෙළන ඩ්‍රෝන යානා දෙකක් ද අත්හදා බැලූ බව වාර්තා වේ.
නියමුවන් රහිත ඩ්‍රෝන යානා තාක්ෂණය ඉරාන හමුදාවට අලූත් දෙයකි. ඩ්‍රෝන යානා භාවිත කරන්නේ ඇමෙරිකාවයි. ඇමෙරිකාව ඔත්තු නිරීක්ෂණයට පමණක් නොව ප‍්‍රහාර සඳහා ද ඩ්‍රෝන යානා යොදා ගනී.
පසුගිය වසරේ ඉරාන ගුවන් සීමාවට ඇතුළු වී ඔත්තු බැලූ ඇමෙරිකා ඩ්‍රෝන යානයක් තම පාලනයට නතු කර ගැනීමට ඉරානයට හැකිවිය. එම යානය ආපසු ඉල්ලා සිටිය ද ඇමෙරිකාවට එය දීම ඉරානය ප‍්‍රතික්ෂේප කළේය.
ඉරානය දැන් ඔවුන්ගේ ඩ්‍රෝන යානා නිර්මාණය කරන්නේ ඇමෙරිකා යානයේ තාක්ෂණය යොදා ගනිමින් යැයි ඇමෙරිකා රජය සැක කරයි.
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට විරෝධය පළකරමින් යුරෝපා රටවල් පනවා තිබූ සම්බාධක ආරම්භ වූයේ ද පෙරේදා (2) සිටය. එම සම්බාධක අනුව යුරෝපා රටවල් ඉරානයෙන් තෙල් ආනයනය නැවැත්වීමට තීරණය කර තිබේ. සෙසු රටවල් සමඟ ඉරානය පවත්වන වෙළෙඳ ගනුදෙනුවලට එම සම්බාධක බාධාවක් වෙයි.
ඇමෙරිකාවත්, යුරෝපා රටවලූත් මේ අයුරින් ඉරානයට එරෙහි සම්බාධක පැනැවීමේ ප‍්‍රධාන අරමුණ වන්නේ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන අවලංගු කිරීමය. ඉරානය තරයේ ප‍්‍රතික්ෂේප කළත් බටහිර රටවල් චෝදනා කරන්නේ ඉරානය පරමාණු බෝම්බ නිපදවන බවටය.
ඊශ‍්‍රායලය පවසන්නේ සම්බාධක යොදා ඉරානය මට්ටු කළ නොහැකි බවත් ඉරානයට හමුදා ප‍්‍රහාරයක් එල්ල කළ යුතු බවත්ය. ලෝකයේ ත‍්‍රස්තවාදය පතුරුවන්නේ ඉරානය යැයි ද ඊශ‍්‍රායලය චෝදනා කරයි.
ඊශ‍්‍රායලය ඇමෙරිකාවේ මිතුරෙකි. ඇමෙරිකාවෙන් ලැබුණු න්‍යෂ්ටික මිසයිලවලින් ඊශ‍්‍රායලය ශක්තිමත්ය. ඉරානයට මිසයිල ප‍්‍රහාරයක් යැවීමට ඊශ‍්‍රායලයට හැකියාව ඇත. කෙසේ නමුත් ඉරානය පවසන්නේ ඊශ‍්‍රායලය මිහිතලයෙන් අතු ගා දැමීමට ඔවුන්ට හැකියාව ඇතැයි කියාය.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඊශ‍්‍රායලයට විදිය හැකි බැලැස්ටික මිසයිලයක් ඉරානය අත්හදා බලයි
නාලක Thursday, 05 July 2012 08:47 PM
ඉරානය ගැහුවොත් ලෝකෙම ඉවරයි
චන්දන Wednesday, 04 July 2012 02:35 PM
ඊස්‍රායලයට ෂොට් එකක් දෙනනම ඕනි...