ජනපති ඔබාමාගේ ඊශ්‍රායල සංචාරය නිම වීමට පෙර ඔහු වෙනුවෙන් ඊශ්‍රායල ජනපති සයිමන් පෙරේස් විශේෂ භෝජන සංග්‍රයක් පැවැත් වූ අතර එහිදී සිවිල් වැසියකුට පිරිනැමෙන ඉහළතම ගෞරව සම්මානය ඔබාමාට පිරිනැමීමට ද කටයුතු කළේය.
ඊශ්‍රායලය වෙනුවෙන් ඇමෙරිකාව කවදත් කැපැවී කටයුතු කළ බවත් සමීප මිතුරකු ලෙස ජනපති ඔබාමා ඊශ්‍රායලය වෙනුවෙන් කරන සේවය ප්‍රශංසනීය බවත් ඊශ්‍රායල ජනපතිවරයා එම අවස්ථාවේදී කියා සිටියේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඊශ්‍රායලයේදී ඔබාමාට ගෞරව පදක්කමක්
හමීඩ් Saturday, 23 March 2013 11:27 AM
මුන් දෙන්නා තොලොන්චි වෙන තරමට ලෝකෙටම හොදයි.(නදී)
මුතුකුඩ Saturday, 23 March 2013 08:21 PM
තුස්තවාදයේ සැබෑ ස්වරූපය.(නදී)
මංජුල Saturday, 23 March 2013 12:51 PM
ඔබාමාට ජයවේවා. ලංකාවට මොකාක් හරි සහනයාක් කරන්න කෝ මහත්තයෝ (දී)
සකී Saturday, 23 March 2013 12:46 PM
අපේ අය ඇමරිකාවට බැන බැන එහෙට හේත්තුවෙලා දියුණු වෙච්ච දකුණු කොරියාව, ඊස්රායලය , ජපානය වගේ රටවල්වල රැකියාවලට බඩගානවා (ස)
මිහිරංග Sunday, 24 March 2013 02:17 PM
කොහෙට හේත්තු වෙලා හරි කමක් නැහැ රටක් දියුණු වෙනවා නම්. අපේ මිනිස්සු දන්නේ දියුණු වෙච්ච අයට ගරහන්න මිසක් මොන රටකට හේත්තු වෙලා හරි දියුණුවෙන්න නෙවෙයි. ඊශ්‍රායලය මුස්ලිම් විරෝධී රටක් මිසක් අපේ රටට විරෝධී වෙලා නැහැ. (නි)
නිලා Saturday, 23 March 2013 12:47 PM
සුභපැතුම් ඔබාමා (දී)
දිල්ෂානි Sunday, 24 March 2013 12:14 AM
මම ඔය දෙන්නටම කැමතියි. හමීඩ් ඔයා හරි නරකයි.(නදී)
සම්පත් සුජීව අල්විස් Sunday, 24 March 2013 04:44 AM
සිංහල අපිට පිහිටට ඉන්න එකම ජාතිය යුදෙව්වෝ. අපි මොන රටකටත් වඩා ඊශ්‍රායලය සමග තියෙන සම්බන්ධය වැඩි කරගත යුතුයි.(නදී)
හේවාවිතාරණ Saturday, 23 March 2013 02:48 AM
එතකොට ඇමරිකාවේ ඉන්න අනෙකුත් මිනිස්සු සිවිල් වැසියෝ නෙමෛයිද?(නදී)
සමිපත් Saturday, 23 March 2013 04:04 AM
මෙයාට පලදවන්න තිබුනේ පදක්කමක් නෙමෙයි අංතට්ටුවක්.(නදී)
පාර්වතී Sunday, 24 March 2013 05:00 PM
තව කී කාලයක් මෙහෙම සටන් පාඨ කිය කියා ඉන්න බලාපොරොත්තු වෙනවද දන්නෙ නැහැ. එක්කෝ ඔය කියන රුසියාව හරි චීනය හරි අපිව ගොඩදාන්න ඕනෑ. ඒත් ඒක එහෙමත් නැහැ. (නි)
පාලින්ද Sunday, 24 March 2013 05:09 PM
ජයවේවා... අපෙනුත් සුභපැතුම් ඔබට (දී)
සමන් Saturday, 23 March 2013 04:13 PM
ඇමරිකන් නායක ඔබාමා (දී)
රීටා Sunday, 24 March 2013 08:46 AM
දැන් අපි ඇමරිකාවට හේත්තු නොවුනා කියලා ඇති යහපතක් වෙලා නැහැ. මිනිස්සු දුක් වින්දා විතරයි. කොහාට හරි කමක් නැහැ හේත්තු වෙලා රට දියුනු වෙනවා නම්. පුරාජේරැකාරයෝ කෑගහයි.(නදී)
පාල Saturday, 23 March 2013 04:50 PM
එහෙම නෙමෙයි හමීඩි, ලෝකේ වෙන රටවල ජාතිවාදය, ආගම්වාදය, කම්මැලිකම නැතිවෙන තරමට ලෝතය හොද වෙයි.(නදී)
පැතුම් Saturday, 23 March 2013 04:51 PM
සකි, ඊශ්‍රායලේ කොහෙට හේත්තු වෙලා දියුණු උනත්, මැද පෙරදිග කුණු හෝදලා තුට්ටු දෙකක් ගන්නවට වඩා ඊශ්‍රායල් වල ඉතා හොඳ රැකියාවක් කරලා ලක්ෂ 11/2ක් පඩිය ගන්නවා. (නදී)
ප්‍රදීපා Saturday, 23 March 2013 04:57 PM
සකි, තමන්ගේ නූගත්කම ප්‍රදර්ශනය කරන්න එපා.(නදී)
චන්ද්‍රා Saturday, 23 March 2013 08:06 AM
ඔහොම යන් ඔහොම යන් (ස)
වරුණ Saturday, 23 March 2013 08:18 AM
ඕක දෙන්නේ ගෞරවයකට නෙමෙයි..... (ස)
සමීර Sunday, 24 March 2013 06:15 PM
ඊශ්‍රායලයත් ලිබියාව, සිරියාව වගේ වෙච්ච දවසට තේරෙයි හැමෝටම. (නි)
රංජන් Saturday, 23 March 2013 06:34 PM
ඕක දෙන්නේ ආදරයට නෙමෙයි. යටි අරමුණකට. බලන්න තව ටික දවසකින් පලස්තීනයට බෝම්බ දමයි.(නදී)
ටුආන් Sunday, 24 March 2013 08:44 PM
සම්පත් කියන දේ නිවැරදියි. (නි)