IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


ඊශ‍්‍රායලය නැවතත් සිය අවි බලය පෙන්වයි

ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සිය ආරක්ෂාවට තර්ජනයක් වන නිසා එරට ආක‍්‍රමණය කළ යුතුයැයි තර්ජනය කරන ඊශ‍්‍රායලය  පසුගිය සිකුරාදා සිට දින හතරක් තිස්සේ ගාසා තීරයට ගුවන් ප‍්‍රහාර එල්ල කරමින් සිය යුද ශක්තිය නැවතත් ප‍්‍රදර්ශනය කළේය. ගාසා තීරයේ සිට දකුණු දිග ඊශ‍්‍රායලයට එල්ල වූ රොකට් ප‍්‍රහාරවලට ප‍්‍රතිචාර වශයෙන් එල්ල කළේ යැයි සඳහන් වන මෙම ගුවන් ප‍්‍රහාර වලින් ගාසා තීරයේ පුද්ගලයන් 24ක් මියගොස් ඇති නමුත් රොකට් ප‍්‍රහාර වලින් ඊශ‍්‍රායලයේ කිසිවකු මියගොස් නැත. එක පුද්ගලයකුට තුවාල සිදුව ඇතත් එය බරපතළ නොවන බවද සඳහන්වේ. ඉන් පසුව ඊජිප්තුවේ මැදිහත් වීමෙන් සටන් විරාමයක් ප‍්‍රකාශයට පත් වුවද ඒ නිසා ඊශ‍්‍රායල් ගුවන් ප‍්‍රහාර නතර කෙරෙනු ඇතැයි ද කිව නොහැක. 2008-2009 ශීත සමයේදී ඊශ‍්‍රායලය මෙවැනි සටන් විරාම ප‍්‍රකාශ කළ ද ඉලක්ක කර ගත් පුද්ගලයන් ඝාතනය කිරීම සඳහා ගුවන් ප‍්‍රහාර එල්ල කිරීම නතර කළේ නැත. එවැනි අවස්ථා හමාස් සංවිධානයේ ප‍්‍රකෝප කිරීම් නිසා යැයි හේතු යුක්ති කිරීම ඊශ‍්‍රායලයට සුපුරුදු කාර්යකි. පසුගිය සිකුරාදා සිට දියත් වූ මෙම ගුවන් ප‍්‍රහාරවලට ආසන්නතම හේතුව ලෙස දක්වන්නේ ගාසා තීරය පදනම්ව ක‍්‍රියාත්මක වන ජනතා විරෝධතා කමිටුවේ මහ ලේකම් සුහයිර් අලි ක්වේසි සහ ඔහුගේ ආරක්ෂකයා ගමන් කළ මෝටර් රථයකට ඊශ‍්‍රායෙල් ගුවන් යානාවකින් පහරදී ඔවුන් මරා දැමීමත් සමඟය. පසුගිය වසරේ මෙම කණ්ඩායම එල්ලකළ ප‍්‍රහාරයකින් ඊශ‍්‍රායෙල් හමුදා භටයන් අට දෙනකු මියගොස් 25කට තුවාල  සිදුවිය. ඊට ප‍්‍රතිචාර වශයෙන් ඊශ‍්‍රායලය එල්ලකළ ගුවන් ප‍්‍රහාරයකින් ජනතා විරෝධතා කමිටුවේ ලේකම් මියගිය අතර සුහයිර් එම තනතුරට පත්වූයේ ඉන් පසුවය. පසුගිය සිකුරාදා එල්ල කළ ප‍්‍රහාරයෙන් පසුව ගාසා තීරයේ සිට ඊශ‍්‍රායෙලයට රොකට් වෙඩි ප‍්‍රහාර 143ක් එල්ල කර ඇතැයි ඊශ‍්‍රායලය ප‍්‍රකාශ කර ඇති නමුත් ඉන් බරපතළ හානියක් සිදුව ඇති බව වාර්තා නොවේ. ඊශ‍්‍රායෙල් හමුදාව ප‍්‍රකාශ කරන ආකාරයට ජනාකීර්ණ ප‍්‍රදේශ ඉලක්ක කරගත් රොකට් වෙඩි 63ක්ම වළක්වා ඇති අතර එසේ කිරීමට නොහැකිව  ඇත්තේ රොකට් වෙඩි නමයකට පමණි. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මෙම පහරදීම් සම්බන්ධයෙන් ජනතා විරෝධතා කමිටුව හා ඉස්ලාමීය ජිහාඞ් සංවිධානය හෙළා දුටුවත් ඊශ‍්‍රායල් ප‍්‍රහාර ගැන සුපුරුදු ආකාරයට කිසි සඳහනක් කෙළේ නැත. ඊශ‍්‍රායෙලය 2008-09 කාලයේදී ගාසා තීරය ආක‍්‍රමණය කිරීමේදීත් ඉන් පසුව ලෙබනනයේ දකුණු දිග ප‍්‍රදේශය ආක‍්‍රමණය කිරීමේදීත් යුද අපරාධ වශයෙන් සැලකිය හැකි සිද්ධීන් ගණනාවක් වාර්තා වුවද එජා සංවිධානය ඒ ගැන කිසිදු පියවරක් ගත්තේ නැත. ගාසා තීරය ආක‍්‍රමණය කිරීමේදී සිදුව ඇති දේපල හා ජීවිත හානි ගැන විමර්ශනය කොට වාර්තා කිරීමට පත්කළ ග්ලැඞ්ස්ටන් කමිටුවේ නිර්දේශ ගැන ද එජා ආරක්ෂක මණ්ඩලය කිසිදු පියවරක් ගත්තේ නැත. ඒ ඊශ‍්‍රායලයේ හා එක්සත් ජනපදයේ විරුද්ධත්වය නිසාය. පසුගිය දින හතරක කාලය තුළ එල්ල කළ ප‍්‍රහාර  ගැනද   එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ ආරක්ෂක මණ්ඩලය කිසිදු පියවරක්  ගන්නා බවක් දක්නට නැත. ඊශ‍්‍රායලයට තම සිතැඟි ආකාරයට කුමන  රටකට හෝ ප‍්‍රහාර එල්ලකිරීමට ඇති හැකියාවත් ඉන් ජාත්‍යන්තරව එල්ල විය හැකි විරෝධය නොසලකා සිටීමට ඇති හැකියාවත් නොරහසක් බවද අද එය වැදගත් වන්නේ අරාබිකරයේ පවතින උණුසුම්කාරී තත්ත්වය යටතේය. සිරියාවේ අසාඞ්ගේ රජය විපක්ෂ කණ්ඩායම් මර්දනය කිරීමට ප‍්‍රචණ්ඩත්වය යොදා ගැනීම හෙළා දකින  එජා මහලේකම් එම ප‍්‍රහාරවලින් ජනතාව ආරක්ෂා කිරීමට සන්නන්ධ මැදිහත්වීම් පවා අනුමත කරයි. එහෙත් එම මිණුම් දණ්ඩ පලස්තීන ඊශ‍්‍රායෙල් ගැටුමට අදාළ නොවේ. එම නිසා පසුගිය සිකුරාදා සිට  ඊශ‍්‍රායලය ගාසා තීරයට එල්ල කළ ගුවන්  ප‍්‍රහාරවලින් නිරුවත් වන්නේ ඊශ‍්‍රායෙලයේ ආක‍්‍රමණශීලී ප‍්‍රතිපත්තිය පමණක් නොවේ. ජාත්‍යන්තර සාමය හා සංහිඳියාව පවත්වා ගැනීම සඳහා වූ එක්සත් ජාතීන් වැනි සංවිධානවල පවතින පක්ෂග‍්‍රාහී ස්වභාවය හා සම්මත මිණුම් දඬු නොසැලකීමයි. එය එක්සත් ජාතීන්ගේ අරමුණු හා පරමාර්ථ හා සැසදෙන්නේ නැති බව විශේෂයෙන් සඳහන් කළ යුතු නොවේ.

සටහන - මහින්ද හත්තක
ඊශ‍්‍රායල් ජනාධිපති සීමන් අගමැති නෙතන් යාහු පහරදීමට ලක්වූ ගාසා තීරයේ අනාථ කඳවුර



අදහස් (0)

ඊශ‍්‍රායලය නැවතත් සිය අවි බලය පෙන්වයි

ප්‍රදීප් Thursday, 10 July 2014 01:22 PM

මේ ගහන රොකට් වල හැටියට රොකට් 20ක් වැටුණොත් ඊශ්‍රායලයෙන් බාගයක්වත් විනාශ වෙනවා. මොවුන්ගේ තාක්ෂණය නිසා බේරී සිටිනවා යැයි කිවහැකියි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඇමෙරිකන් විශ්ව විද්‍යාලයක වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 18 925 1

ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ


චීනය ඇමෙරිකන් ගුවන් යානා එපා කියයි
2025 අප්‍රේල් මස 17 504 0

චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.


කොංගෝ බෝට්ටුවක් ගිනිගෙන ගිලී 50 ක් මරුට
2025 අප්‍රේල් මස 17 123 0

අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.


ඇමෙරිකන් තානාපති කාර්යාල වසා දැමීමේ තීරණයක්
2025 අප්‍රේල් මස 17 8391 7

ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම


චීන ජනපති මැලේසියාවේ
2025 අප්‍රේල් මස 16 153 0

ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි


හාවඩ් විශ්ව විද්‍යාලයට ජනපති ට්‍රම්ප්ගෙන් තර්ජන
2025 අප්‍රේල් මස 16 235 0

ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 312 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 251 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site