IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ඊශ‍්‍රායෙල විපක්ෂය අගමැතිට බැට දෙයි

ඊශ‍්‍රායෙල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉරානයට බෝම්බ හෙළීමේ උමතුවකින් කටයුතු කරතියි ඊශ‍්‍රායෙල විපක්ෂ නායක ෂවුල් මොෂාස් චෝදනා කරයි. ඔහු මේ බව සදහන් කළේ ඊශ‍්‍රායෙල පාර්ලිමෙන්තු මැතිවරණය මුල් කරගෙන පැවැත්වෙන ඡන්ද හමුවක් අමතමිනි. නෙතන්යාහු දුර දිග සිතා බැලීමකින් තොරව කටයුතු කරන බවත් මෙ නිසා ඊශ‍්‍රායෙලයට අත්වන්නේ විනාශය බවත් ඔහු අනතුරු අගවයි. බෙන්ජමින් නෙතන්යාහු ඉරානයේ න්‍යෂ්ඨික වැඩසටහනට දැඩි සේ විරෝධය දක්වන්නෙකි. ඉරානය සිය වැඩසටහනේ සැබෑ අරමුණු සගවාගෙන සිටීන බවත් අවශ්‍ය වුවහොත් ඉරානයට ප‍්‍රහාර එල්ල කිරීමට ඊශ‍්‍රායෙලය පසුබට නොවන බවත් හෙතෙම වරක් පැවැසීය. ඊශ‍්‍රායෙල පාර්ලිමෙන්තුව” මැතිවරණයක් පැවැත්විය යුතුයැයි බහුතර කැමැත්තෙන් තීරණය කළේ පසුගිය ඔක්තෝබර් මාසයේදීය.ඒ අනුව එළැඹෙන ජනවාරි යේදී මැතිවරණය පැවැත්වෙනු ඇත. අගමැති නෙතන්යාහු මෙවරද පහසුවෙන්ම ජයගනු ඇති බවට ලකුණු පළ විය. මේ නිසා කලබල වී ඇති විපක්ෂය මහා පරිමාණයෙන් සිය ඡන්ද ව්‍යාපාර කටයුතු කරගෙන යන අයුරු මේ දිනවල දැකගත හැකියි.



අදහස් (0)

ඊශ‍්‍රායෙල විපක්ෂය අගමැතිට බැට දෙයි

මොහොමඩ් Sunday, 04 November 2012 05:08 PM

බල්ලෝ බිරුවට කඳු පහත් වෙන්නේ නෑනේ අසිනි (ස)

:       0       0

නාපාවල කටාර් Saturday, 03 November 2012 11:44 PM

මැදපෙරදිගින් ලැබෙන විදේශ විනිමයත්, කටාර්වල ශ්‍රී ලාංකිකයන්ගෙන් 75%ක් සිංහල වීමත්, යුද්ධ කාලයේදී මුස්ලිම් රටවල් දීපු සහයෝගයත්, ඉන්පසු එක්සත් ජාතීන් විසින් අප රට වැරදිකරු කර සිටියදී මුස්ලිම් රටවල් අප සමග එකට සිට අප වෙනුවෙන් ඡන්දය දී සෑම මොහොතකම අපට ආධාර කරන ඉරානය වගේ රටකට විරුද්ධව කෙසේනම් කටක් අරින්නද ? (නි)

:       0       0

සමන් Monday, 05 November 2012 12:03 PM

නාපාවල, යුද්ධ කාලෙදි අපට උදවු කරපු රටවල් අතර ඊශ්‍රායලයත් ඉන්නවා. අපේ රටේ අය රැකියා කරන්නෙ මැදපෙරදිග විතරක් නෙමෙයි. අර අපි පැරදුණු මානව හිමිකම් ප්‍රශ්නෙදි ඡන්දය දීමෙන් වැළකී සිටි මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් 6 සහ අපට විරුද්ධව ඡන්දය දුන් මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් 2 අපට පක්ෂව ඡන්දෙ දුන්නා නම් ඇත්තටම ඇමරිකා යෝජනාව පරද්දන්නත් තිබුණා. අපිට උදවු නොකරන මුස්ලිම් කට්ටියත් ඉන්න නිසා බය නැතිව කට අරින්න. (නි)

:       0       0

වශිම් Friday, 02 November 2012 07:31 PM

ලෝකයේ මේ මොනවාද වෙන්නේ

:       0       0

නිමාලි Sunday, 04 November 2012 03:59 AM

ලෝකය ගැන හොයන්න කලින් අපි අපේ ප්‍රශ්න විසදා ගනිමු

:       0       0

මහේෂ් Monday, 05 November 2012 12:11 PM

ලංකාවට අල්ලපු රටම අපිට ඡන්දය දුන්නේ නැහැ. ඒත් මුස්ලිම් රටවල් 6ක්ම උදවු කළානේ. (නි)

:       0       0

මාධව Tuesday, 06 November 2012 01:50 AM

අයියෝ සල්ලි කණගාටුයි

:       0       0

නිමල් Saturday, 03 November 2012 04:13 PM

ඉස්සෙල්ලම සෞදි අරාබියට තමයි පහර දෙන්න ඕනි. ඒ කට්ටිය තමයි ලෝකේ වටේටම ත්‍රස්තවාදය පැතිරුනේ (ස)

:       0       0

මුතු Friday, 02 November 2012 09:24 PM

ඉරානයට ගහන්න කියන්නකෝ. බලන්න ‍මොකද වෙන්නේ කියලා. අසනි ඔයා‍ගේ ටිකිරි මොලයට ඕවා වැටෙහන්නේ නෑ. (ස)

:       0       0

වසීම් Saturday, 03 November 2012 04:21 PM

අසනී අනේ ඔය කියන කතාවේ සාධාරණයක් තියෙනවද?ජාති වාද අවුසන්න ගොඩක් අය ඉන්නවා එකෙන් ඔයත් එක්කෙනෙක් (ස)

:       0       0

නදීෂා Sunday, 04 November 2012 10:16 PM

අයියෝ සල්ලි

:       0       0

මුතු Friday, 02 November 2012 10:07 PM

බෙන්ජමින්ලා වගේ මිනිසුන් නිසා තමයි ලෝකේ ප්‍රශ්ණ වැඩි වෙලා තියෙන්නේ (ස)

:       0       0

සමන් Monday, 05 November 2012 01:59 PM

මහේෂ්, ඉතිං ඔයා මොනවද කියන්න හදන්නෙ. (ස)

:       0       0

මාර්ක් Saturday, 03 November 2012 06:02 PM

මල්ලි මොකෝ සෞදියට ගහනකොට ඔච්චර බය ? බලාගෙන ඉන්නකො මොකද වෙන්නේ කියලා.සෞදිය කියන්නේ ගේමක් නැති රටක්. ඒක නිසා ඇමෙරිකාවට එචර වුවමනාවක් නැහැ එහෙට ගහන්න. ඔය අය තමා මුළු ලෝකයටම පිළිකාවක් වෙලා තියන්නේ. කොහොමත් ඔය ජාතිය අවස්ථාවාදී නිසා ලෝකෙන්ම වැනසිලා යායුතු කොටසක් කියලයි මම නම් කියන්නේ. එතකොට අනෙක් ජාතීන්ට සමගියෙන් ඉන්න පුළුවන් (නි)

:       0       0

නාපාවල කටාර් Monday, 05 November 2012 02:40 PM

සමන් මහත්තය ,ඊශ්‍රායලය අපට උදව් කල නිසාද කොටි ලඟ තිබී හසුවුණු ඊශ්‍රායලයේ නිෂ්පාදිත දියයට සිට ගුවනට එල්ල කළහැකි අධි බලැති ආයුධ සහ ගොඩබිමේ සිට ප්‍රහාර එල්ලකලහැකි අධි බලැති ආයුධ හමු උනේ .අපි ගෙයි ගෙම්බෙක් විය යුතු නැහැ. ගෙයි ගෙම්බව මොනතරම් අඩත්තේට්ටම් කරලා එලියට විසිකලත් ගෙයි පැත්ත හැරිලා තමයි වැටෙන්නේ. (ස)

:       0       0

මොහොමඩ් Saturday, 03 November 2012 03:44 AM

අසිනි, මම හිතන්නේ ඔයා මැද පෙරදිග රටක පිගන් හෝදන්ඩ ගිහින් ඒ ගෙදර හොද නැතිව ආපු කෙනෙක් වෙන්න ඕන,එකනේ මේ රටවල් එක්ක මෙච්චර තරහ, (ස)

:       0       0

මුතුකුඩ Sunday, 04 November 2012 02:26 PM

නාපාවල මහතා, ඔබට ඒය වැටහුණාට සමහර ජාතිවාදී අදහස් තියෙන අයගේ මොළය තියෙන්නේ ඇළේ. ඒවා තේරුම් ගන්න තරම් මොළ කළදක් ඒ අයට නැහැ. (නි)

:       0       0

සමන් Monday, 05 November 2012 03:36 PM

නාපාවල කටාර් ,ඔය කියන ඊශ්‍රායලයේ නිශ්පාදිත ආයුධ හමුවුන බවට විස්තරයක් මම අසා නැහැ.විවිධ රටවල නිපදවූ උපකරණ එල්ටීටීඊය සතුව තිබුණා. එක්තරා රටක නිශ්පාදිත ආයුධ ඔවුන් සතුව තිබුණු පමණින් නිෂ්පාදිත රට කෙලින්ම සම්බන්ධ බව කියන්න බැහැ. රුසියාවේ නිශ්පාදිත ඉග්ලා මිසයිල කොටි ළග තිබීමෙන් අපට කියන්න පුලුවන්ද පුටින් ඒවා ප්‍රභාකරන්ට විකුණුවා කියලා. (නි)

:       0       0

අසනි Friday, 02 November 2012 04:31 PM

ඉස්සෙල්ල ඉරානයට ..ඊට පස්සේ සෞදි අරාබියට... එටකොට තම එයාලව කොන්ට්‍රෝල් කරන්ට පුළුවන් .. සෞදිය ඉතින් ඇමෙරිකාව නිසා යහතින් ඉන්නවා...එත් බනින්නෙම ඇමරිකාවට .වාසි පැත්තට නේ කොහොමත් ඔය ජාතිය කෙරකෙන්නේ..(ස)

:       0       0

අසිත Sunday, 04 November 2012 02:43 PM

ඊශ්‍රායලය බුදුන් තෙවරක් වැඩම කළ දේශයක්. (නි)

:       0       0

සමන් Saturday, 03 November 2012 10:24 AM

මොහොමඩ්, 25% පමණ ලාංකික ගෘහ සේවිකාවන් මුස්ලිම්. (2001 දී). ලංකාවේ 9% පමණ ජීවත් වන මුස්ලිම් අය 25% ක් කාන්තාවන් මැදපෙරදිග යවනවනම් අසනි ගෘහ සේවිකාවක් වීමේ සම්භාවිතාවට වඩා වැඩි සම්භාවිතාවක් තියෙනවා ඔයාගෙ සහෝදරියක් එහෙම වෙන ඵක.කඩේ සීනි කිරන ගමන් පොඩ්ඩක් හිතල බලන්න ඒ ගැනත්. (ස)

:       0       0

චන්දන Saturday, 03 November 2012 09:41 PM

අයියෝ සල්ලි

:       0       0

සමන් Monday, 05 November 2012 04:29 PM

නාපාවල ,රුසියාවේ නිෂ්පාදිත ඉග්ලා මිසයිල කොටි ලඟ තිබුණා. රුසියාව කොටින්ට ආයුධ වික්කද? (ස)

:       0       0

පහන් Tuesday, 06 November 2012 05:11 PM

ආදර්ශයට ගන්න එපා කවුරුවත්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

නව වෙළෙඳ ගිවිසුමක්: ඉන්දු ඇමෙරිකා සාකච්ඡා
2025 අප්‍රේල් මස 22 42 0

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු හමුවේ, ඇමෙරිකාවත් ඉන්දියාවත් අතරේ ද්වී පාර්ශ්වීක නව වෙළෙඳ ගිවිසුමක් ගැන සාකච්ඡා පැවැත්වෙයි.


මීළග පාප්තුමා ගැන ඉගියක්
2025 අප්‍රේල් මස 22 82 0

ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ අවසන් කටයුතු ලබන 26 වැනිදා පැවැත්වෙන බව වකිතානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන අතර, නව පාප්වරයකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරි දි


පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 635 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


ඇමෙරිකන් විශ්ව විද්‍යාලයක වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 18 997 1

ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ


චීනය ඇමෙරිකන් ගුවන් යානා එපා කියයි
2025 අප්‍රේල් මස 17 662 0

චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.


කොංගෝ බෝට්ටුවක් ගිනිගෙන ගිලී 50 ක් මරුට
2025 අප්‍රේල් මස 17 148 0

අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 573 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 304 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 457 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site