දින 8 ක ගගන සංචාරයකට ගොස්, මාස 9 ක් තිස්සේ ජාත්‍යන්තර අභශවකාශ නැවැතුම්පොළේ කොටු වී සිටි ඇමෙරිකන් නාසා ගගනගාමීන් වන සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් හෙට (17) යළි පෘථිවියට පැමිණීමට නියමිතය.
28 හැවිරිදි සුනීතා විලියම්ස් සහ 61 හැවිරිදි බුච් විල්මෝර් දෙදෙනා පසුගිය වසරේ ජූනි මාසයේ අභ්‍යවකාශයේ රඳවා ඇති ජාත්‍යන්තර අභශවකාශ නැවැතුම්පොළට ගියේ, ‘බෝයිං’සමාගම නිර්මාණය කළ‘ස්ටාර්ලයින්’ අභ්‍යවකාශ කැප්සියුලයෙනි.
‘ස්ටාර්ලයින්’ කැස්පියුලය අභ්‍යවකාශ නැවතුම්පොළට සම්බන්ධ වුණු අතර, එහි දෝෂයන් හටගත්තේ, සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් දින 8 කට පසු ආපසු පෘථිවියට පැමිණීමට සූදානම් වෙද්දීය.
පසුව යානය කිසිවකු නොමැතිව ආපසු ගෙන්වා ගැනීමට බෝයිං සමාගම සමත් වුණු අතර, විලියම්ස් සහ විල්මෝර් දෙදෙනා මාස 9 ක් තිස්සේ අභ්‍යවකාශ නැවතුම්පොළට කොටු වී සිටියහ.
නාසා ආයතනය ‘ස්පේස් එක්ස්’ සමාගමේ ‘ඩ්‍රැගන්’ ගගන කැප්සියුලයක් මේ වනවිට ගගනගාමීන් සිවු දෙනකු සමඟ අභ්‍යවකාශ නැවැතුම්පොළට යවා ඇත. ‘ඩ්‍රැගන්’ ගගන කැප්සියුලයක ඉඩකඩ ඇත්තේ ගගනගාමීන් සිවුදෙනකුට පමණි.
හෙට (17) දිනයේ අභ්‍යවකාශ නැවැතුම්පොළට ගිය ගගනගාමීන් සිවු දෙනාගෙන් රුසියන් සහ ඇමෙරිකන් ගගනගාමීන් දෙදෙනා විලියම්ස් සහ විල්මෝර් සමඟ හෙට (17) ඇමෙරිකාවේ වේලාවෙන් සවස 5.57 ට පමණ ආපසු පෘථිවය බලා පැමිණෙනු ඇති අතර, පැරෂූට් ආධාරයෙන් සුපුරුදු පරිදි ඩ්‍රැගන් කැප්සියුලය මුහුදට පතිත වනු ඇතැයි නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
අත්දැකීම් බහුල නාසා ගගනගාමීන් දෙදෙනකු වුවත්, සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් දෙදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මේ වනවිට පෘථිවියේ සිටින වෛද්‍යවරුන් බිය පළ කර ඇත. ඔවුන් ආපසු පැමිණි සැණින් රෝහල්ගත කිරීමට වෛද්‍ය කණ්ඩායම් කීපයක් සූදානමින් සිටින බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
නියමුවන් හෝ වෙනත් කිසිවකු නැතිව, භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ අරමුණින් නිර්මාණය කළ කුඩා සැහැල්ලු ගුවන් යානයක්, සිය පළමු පියසැරිය සාර්ථකව අවසන් කළේය.
පෙනහළු ආසාදනයකට ලක් වී, මාසකට වැඩි කාලයක් තිස්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇතැයි වතික
යේමනයේ ක්‍රියාත්මක හවුති සටන්කාමීන්ට, ඇමෙරිකන් හමුදා දිගට හරහට ගුවන් ප්‍රහාර එල්ල කරයි. ඊයේ (16) වනවිට, ඇමෙරිකන් හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මියගිය ගණන 53
එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමුඛ සෙසු ජගත් සංවිධාන ගෝලීය අර්බුද අවුළුවනවා යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි චා්දනා කරයි. ඉන්දීය අග්‍රාමාත්‍ය
ගිනිකොනදිග යුරෝපයට අයත් රාජ්‍යයක් වන උතුරු මැසිඩෝනියාවේ, කොකානී නමැති නගරයේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගත්තේය.
රුසියන් යුක්රේන යුද්ධය නතර කිරීම සම්බන්ධයෙන්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ හමුවක් මෙම සතිය ඇතුළත පැ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
උඩු ගුවනේ සිරවී සිටින ගගනගාමීන් ආපහු එනවා