කාන්තාවන්ටත් උඩුකය නිරුවතින් සිටීමේ අයිතිය ඇතැයි යන්න මුල් කරගෙන සංවිධානය කර තිබූ විරෝධතාවක් පසුගියදා බ්‍රසිීලයේ ඉපනෙමා වෙරළ තීරයේදී පැවැත්විනි.
රැස්ව සිටි මාධ්‍යවේදීන් හා ඡායාරූප ශිල්පීන් ඉදිරියේ කාන්තාවෝ රැසක් තම උඩුකය ඇගලූම් උනා දැමූහ.
පසුව ඡායාරූප ශිල්පීන් හා මාධ්‍යවේදීන් පැවසුවේ තමන් මිීට වඩා සහභාගීත්වයක් දැකීමේ අපේක්ෂාවෙන් පැමිණි බවයි.නමුත් එය ඔවුන්ගේ රාජකාරි වලට බාධාවක් කරගත් බවක් නම් නොපෙනුනි.
බ්‍රසීලය ලිංගිකත්වය හා සම්බන්ධ පෙරළිකාර නීති ඇතිකිරීම සම්බන්ධයෙන් නම්දරා සිටින රටකි.විශේෂයෙන් එරට සැනකෙළි දිනයන්හිදී නිරුවතටද ඉඩක් ලබා දී එයද විනෝදාස්වාද මාධ්‍යයක් බවට පත්කර ගැනීමට බ්‍රසීල ජාතිකයින්ට නීතියෙන්ම අවසර ඇත.නමුත් අවස්ථාව කුමක් වුවත් ප්‍රසිද්ධියේ කාන්තාවන් උඩුකය නිරුවතින් සිටීම එරට දණ්ඩ නීති සංග්‍රහයෙන්ම තහනම් කර ඇත්තකි.
විරෝධතාවේ පසු විපරමක් සිදුකර ඇති විචාරකයින් පවසන්නේ විරෝධතාවට සහභාගී වූ කාන්තාවන් සංඛ්‍යාව සැළකීමේදී ඇතැම් කාන්තාවන්ට උඩුකය නිරුවතින් සිටීමේ අයිතිය ඇතිකර ගැනීමට අවශ්‍ය වුවත් බොහෝ අය එවැන්නකට අකමැති බවත් පෙනෙන බවයි.‘
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උඩු කය නොවැසීමේ අයිතියට සටනක්
දයා අලහකෝන් Sunday, 22 December 2013 03:51 PM
මෙවැනි අයගේ නම් උඩුකය වහන්නම වෙනවා. (ත)
නිමල් පෙරේරා Monday, 23 December 2013 08:20 AM
පොටෝ ගන්න විදියෙන්ම පේනවා පිරිමි මොන තරම් උනන්දුවක් දක්වනවද කියලා. (නදී)
සාරසී Sunday, 22 December 2013 03:59 PM
ඔයා හරි රන්දික, එංගලන්තේ අය අපේ ඇඳුම් එහෙට අරගෙන ගියා. (ත)
කුමාරිහාමි Tuesday, 24 December 2013 02:42 PM
ඉස්සර කොහොම වුනත් දැන් අපේ කාන්තාවෝ රට තනපට බැඳලා ඊට උඩින් හැට්ටේ ඇඳලා සාරිය පොටවල් කීපයක් එක පිට එක එන්න නවපු සාරිපොට උඩුකයට දාල රෙදිපොටවල් දහයකින් විතර උඩුකය වහනවා. අපේ රටේ සමහර ප්‍රදේශ උෂ්ණාධික වුනාට අපිට ප්‍රසිද්ධියේ උඩුකය නිරාවරණය කිරීම ගැලපෙන්නේ නැහැ.(නදී)
රිස්වාන් ඩුබායි Sunday, 22 December 2013 04:06 PM
කෝ.... තව පින්තුරු ටිකක් දැම්මොත් නේද හොද ? (ත)
චරිත සමීර ගුණසිංහ Monday, 23 December 2013 08:40 AM
එහෙම වුනොත් මාර වැඩේ.(නදී)
අබරන් Wednesday, 25 December 2013 10:44 AM
කාන්තාවන්ගෙ සියුම් දේවල් කාටත් පේන්න තියන්න හොද නෑ.(නදී)
රන්දික විකුම් Sunday, 22 December 2013 04:53 PM
එංගලන්තේ මිනිස්සු ලංකාවෙ ඇදුම් ගත්තා. ලංකාවෙ අපේ අය එංගලන්තෙ යල් පැනපු වික්ටොරියානු ඇදුම් රටාව ගත්තා . (ත)
ලක්මාල් සේනතුංග Sunday, 22 December 2013 04:59 PM
නිරුවත් කාන්තාවට ආබරණයක්.. කළාත්මක ඇසකින් බලන්න පුරුදුවෙන්න... (ත)
අංජන Sunday, 22 December 2013 05:19 PM
ඔහෝම්ම ම යටි කයත් නිරාවරණය කරන්න නීති ගෙනාවොත් මොකද? එතකොට මිනිසා සහ සත්වයා අතර වෙනස හොයාගන්නම බැහැනේ. (ත)
සරත් Monday, 23 December 2013 10:31 AM
ගැහැණියකගේ නිරුවත පෙරේත කමින් නොබලා සරලව දැක්මක් ඇති කරගන්න පුළුවන් නම් නිරුවත ගැටළුවක් නෙමෙයි. නිරුවත හරිම අලංකාර දෙයක්. දැක්ම තමයි වෙනස් කරගන්න ඕනෑ.(නදී)
මොහාන් - දමාම් Sunday, 22 December 2013 05:29 PM
උණවටුන පැත්තට හවසට ගියානම් බලන්න පුළුවන් (ත)
ආරියසේන Sunday, 22 December 2013 06:25 PM
පුරාණයේ අපට සුපුරුදු දේවල්,ඒ හැටි ගාණක් නැහැ.(දිල්)
ලංකාසිරි Monday, 23 December 2013 11:15 AM
නිරුවත වනාහි කාමයේ දොරටුවයි. එය ප්‍රසිද්දියේ රඟ දැක්වීම නොහොබිනා ක්‍රියාවකි. ආදරයේ ප්‍රතිපලයක් ලෙස නිරුවත එළිදැක්වුවත් එය ලෝක වාසි සියලුම දෙනාට ප්‍රදර්ශනය කිරීමට තැත් කිරීම මානසික ආබාදයකි.(නදී)
පෙරේරා Sunday, 22 December 2013 07:06 PM
තව ෆොටෝ නැද්ද ? (ත)
ප්‍රියන්ත Tuesday, 24 December 2013 08:36 AM
ටික ටික වානර යුගයට ගමන් කරනවා නේද? (නදී)
ජගත් Sunday, 22 December 2013 07:11 PM
සෞදියෙත් ළඟදීම බලන්න පුළුවන් (ත)
කුමාරිහාමි Monday, 23 December 2013 11:46 AM
උඩුකයට අඳින්නේ උඩුකය වහන්න විතරක් නොවේ. ලැම පහත් වෙලා නම් ඔසවා තියන්නත් උඩුකය ඇඳුම් භාවිතා වෙනවා.(නදී)
රොෂාන් Tuesday, 24 December 2013 09:00 AM
වෙන රටවල සංස්කෘතිය අපේ රටට ගැලපෙන්නේ නැහැ. අපිට තියෙන්නෙ ශිෂ්ඨ සංස්කෘතියක්.(නදී)
බණ්ඩාර Monday, 23 December 2013 12:23 PM
සීගිරි ලලනාව මොනතරම් ලස්සනද? උෂ්ණ රටකට ඇදුම් ඕනි අඩුවෙන්. (ත)
ධානා Tuesday, 24 December 2013 09:22 AM
විපුලගේ කතාව හරියටම හරි. නොපෙනී තියනකන් හැම දේකම වටිනාකමක් තියනවා.(නදී)
චතුර Tuesday, 24 December 2013 09:27 AM
මෙය නිතරම පෙනෙන්නට තිබුනොත් එහි අගය අඩුවෙනවා.(නදී)
නාමලී Tuesday, 24 December 2013 09:29 AM
නයිට් රේස් වගේ අපිත් මේ වගේ දේවල් ඉදිරියේදී කරනවා.(නදී)
කුමාරි Monday, 23 December 2013 02:24 PM
මට නම් කියන්න තියෙන්නේ විලි ලැජ්ජා නැති කම මහ මුදලි කමටත් වැඩිය ලොකුයි කියලා විතරයි.(නදී)
බන්දුල පෙරේරා Tuesday, 24 December 2013 10:26 AM
ඩුප්ලිකේට් බන්දුල කැමති උනාට මම නම් කැමති නැහැ. ඕක ඇරගෙන යන්න දුන්නම ඔන්න තරුණ ගැණු ලමයි විතරක් යනවා නම් කමක් නැහැ. ඒ වුනාට එයාල විතරක් නෙමෙයිනේ. මැදි වියේ සහ වයසක ආච්චිලත් යන්න ගත්තොත් එහෙම මොන දෙවියන්ට කියන්නද?(නදී)
සුමංගල - ඇල්පිටිය Sunday, 22 December 2013 11:39 AM
සීගිරි ලලනාවක් ඇත්තටම දකින්න පොඩි ආසාවක් තිබුනා.(නදී)
දිල්ශානි Tuesday, 24 December 2013 12:12 PM
අපිටත් සැප පහසුයි මේක. උඩට අඳින්න ඕනෙත් නෑ. හැබැයි පිරිමි මේ දේ දකින හැටි තමයි හිතන්න ඕනේ.(නදී)
විපුල Monday, 23 December 2013 04:30 PM
මට නම් හිතෙන විදියට ඕක එළියේ දා ගෙන හිටියොත්, අගයක් නැතිවෙලා යනවා, ඕක හංගගෙන ඉන්නකම් තමයි මේ ඔක්කොම.(නදී)
බන්දුල පෙරේරා. Monday, 23 December 2013 05:37 PM
මම නම් කැමතියි.(නදී)
රොහාන් Tuesday, 24 December 2013 01:13 PM
හැම වෙලාවේම දකිද්දී අගයත් නැති වෙනවා.(නදී)
ලක්ෂමන් ජයවර්ධන Sunday, 22 December 2013 02:12 PM
හරි ශෝක්නෙ සුමංගල. මමත් කියන්නේ එහෙම හොඳා. රජ කාලේ පුලුවන්නම් ඇයි දැන් බැරි නේද? (නදී)
කාෂ්‍යප Monday, 23 December 2013 06:34 PM
උඩු කය නිරුවත්ව සූර්යාලෝකයෙන් කැන්සර් නැති කර ගන්න පුළුවන්.(නදී)
දම්ම Sunday, 22 December 2013 02:38 PM
ලංකාවේ අපි කවද මේවගේ සුබ දසුන් දකින්නද? බිතු සිතුවම් බලාවත් සැනසෙමු...(ත)
කලන Saturday, 28 December 2013 08:23 AM
ප්රජාතන්ත්රවාදය කියන්නේ වැඩි දෙනාගේ කැමැත්ත. නමුත් සැමවිටම ප්රජාතන්ත්රවාදය නිවැරදි දේ නොවන බවට මේක උදාහරණයක්. බලන්න අපේ රටේ පිරිමින්ගෙන් ඡන්ද විමසීමක් කලොත් තරුණ ගැහැණුන්ගේ උඩුකය වැසීම තහනම් කරීමේ පනතකට අනිවාර්යෙන් 90% ඡන්දය හිමිවෙනවා මේ කොමෙන්ට් අනුව. ඔන්න ප්‍රජතන්තර්වාදය.(නදී)
බණ්ඩාර - කුවේට් Sunday, 22 December 2013 02:50 PM
කාන්තාවගේ වටිනාකම අඩුවේවි කියා සිතනවා. නමුත් ආඩම්බර කමත් අඩුවේවි (ත)
නිලූ Monday, 23 December 2013 08:33 PM
රජකාලේ ලලනාවෝ උඩුකය නිරුවත්ව හිටියේ නෑ. තනපටයක් කියා එකක් තිබුණා. දැ වගේ මානසික ලෙඩ්ඩු ඒ කාලේ හිටියේ නෑ. (ත)
සුමංගල පැරිස් Sunday, 22 December 2013 03:06 PM
අපොයි. (ත)
රන්දික විකුම් Sunday, 22 December 2013 03:09 PM
රජ කාලෙ ලාංකික කාන්තාව උඩුකය නිරුවත් හිටියනම්, දැන් එහෙම කළා කියලා සිංහල සංස්කෘතිය හානියක් වෙන්නෙ කොහොමද? මුළු සිරුරම වැහෙන කාන්තා ඇදුම් සංකල්පෙ අපිට ආවෙ එන්ගලන්තෙ වික්ටොරියා සංස්කෘතියෙන්..(ත)
ෂෙරිෆ් Sunday, 22 December 2013 03:16 PM
ස්වාසිලන්තේ හැම වසරකම ප්‍රසිද්දියේ එරට රජතුමා ඉදිරියේ උඩු කය නිරුවතින් තරුණියන් දෙදහකට ආසන්න පිරිසක් නැටුමක් ඉදිරිපත් කරනවා, ඉන් හොඳම නිරුවත තමයි රජතුමා සහේට අරගන්නේ. (ත)