න්‍යෂ්ටික අවි අත්හදා බැලීමේ කටයුතු තාවකාලිකව නවතා දැමීමට තීරණය කළ උතුරු කොරියා රජය, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නිරීක්ෂකයන්ට එරටට පැමිණ න්‍යෂ්ටික කටයුතු අධීක්ෂණය කරන ලෙස ඊයේ (1) ආරාධනා කළේය. උතුරු කොරියාව එසේ තීරණය කළේ ඇමෙරිකා රජය උතුරු කොරියාවට ටොන් 2,40,000 ක ආහාර සහනාධාරයක් ලබා දීමට කැමැත්ත පළ කිරීමෙන් පසුවය. එම ආහාර සහනාධාරය ලබා ගැනීමට නම් තම න්‍යෂ්ටික අවි නිපදවීමේ කටයුතු සීමා කිරීමට උතුරු කොරියාවට සිදුවෙයි. වසර ගණනාවක් තිස්සේ උතුරු කොරියාවට නායකත්වය දුන් කිම් ජොංග් ඉල් ඉකුත් දෙසැම්බරයේ දී මියගිය අතර, ඔහුගෙන් පසු නායකත්වය උරුම වූයේ කිම් ජොංග් ඉල්ගේ පුතු කිම් ජොං උන්ටය. න්‍යෂ්ටික කටයුතු සහ න්‍යෂ්ටික මිසයිල අත්හදා බැලීමේ කටයුතු තාවකාලිකව නවතා දැමීමට තීරණය කළේ කිම් ජොංග් ඉල් සහ ඔහුගේ නව රජයයි. ඉරානය මෙන් නොව උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන යටතේ ප‍්‍රසිද්ධියේම න්‍යෂ්ටික අවි නිපදවයි. මිසයිල අත්හදා බැලීමේ කටයුතු ද විටින් විට සිදු කරයි. උතුරු කොරියාවේ න්‍යෂ්ටික කටයුතු සම්බන්ධව සාකච්ඡා කිරීමේ අරමුණින් ඇමෙරිකාව, බටහිර රටවල් සහ එක්සත් ජාතීන්ගේ පරමාණු ශක්ති ඒජන්සිගේ නියෝජිතයෝ කිම් ජොංග් ඉල්ගේ රජය සමඟ අවස්ථා කිහිපයකදී සාකච්ඡා කළහ. එහෙත් එම සාකච්ඡා අසාර්ථක වූ අතර අන්දමින් උතුරු කොරියා රජය, හිතුවක්කාර ඔවුන්ගේ න්‍යෂ්ටික කටයුතු දිගටම කරගෙන ගියේය. 2009 වසරේදී පරමාණු ශක්ති ඒජන්සියේ නියෝජිතයන්ට උතුරු කොරියාවට පැමිණීමද තහනම් කෙරුණි. ඉන්පසු උතුරු කොරියාවට දිගට හරහට සම්බාධක පැනවූ අතර එය රටක් ලෙස හුදෙකලා කෙරුණි. ”මා හිතන්නේ උතුරු කොරියා නව නායකයා සහ ඔහුගේ රජය ගත් තීරණය ඉතා නිවැරැදියි. ඔවුන් හරි මාර්ගයට වැටී ඇති බව අපට පෙනෙනවා.” යැයි ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර පැවැති සෙනෙට් මණ්ඩල රැස්වීමකදී කියා සිටියාය.
ඇමෙරිකා ‘ස්පේස් එක්ස්’ සමාගමේ, ‘පොලාරිස් ඩෝන්’ ගගන සංචාරය, සාර්ථකව අවසන් කරමින්, ඊට සහභාගී වූ සංචාරක ගගනගාමීහු සිවුදෙනා යළි පෘථිවිය බලා පැමිණියහ.
මහ වැසි හේතුවෙන්, මධ්‍යම සහ නැගෙනහිර යුරෝපා රටවල් රැසක පළාත් බොහොමයක් ජලයෙන් යටවී ඇති බවත්, එම රටවල වැසියන් ලක්ෂ ගණනක් පීඩාවට පත් ව ඇති බවත් විදෙස් මාධ්
යේමනයේ, ඉරාන හිතවාදී ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. මිසයිලය පතිත වූයේ මධ්‍යම ඊශ්‍රායලයට අයත් ජනශුන්‍ය ප්‍රද
‘යාගී’ සුළි කුණාටුවෙන් මියන්මාරයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් නොකඩවා ඇද හැලෙන මහ වැසි, ජල ගැලීම් සහ නායයෑම් හේතුයෙන් මියන්මාර වසියන් 100 කට වැඩි ගණනක් ජ
යළිත් වරක්, ඇමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එයින් ට්‍රම්ප්ට කිසිදු අනතුරක් සිදු නොවුණු අතර, වෙඩි තැබීම කළ පුද්ගලයා
පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වීමට නියමිත බව තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මේ අලුත් සඳ දින 53 ක් තිස්සේ ෙපෘථිවිය සමඟ සිටිනු ඇතැයි
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ප්රමුඛ පෙළ ශ්රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය
උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් තාවකාලිකව අත්හිටුවයි