නොවැම්බර් පස් වැනිදා පැවැත්වීමට නියමිත ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන උප ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනාගේ විවාදය නිව්යෝක් නුවරදී පැවැත්විණි.
ඇමෙරිකා ජනාධිපතිවරණයක් පැවැත්වෙද්දී, ප්‍රධාන පක්ෂ දෙකේ ජනාධිපති ධුර අපේක්ෂකයන් දෙදෙනා අතරේත්, ඔවුන් දෙදෙනාගේ සහායකයන් වන උප ජනාධිපතිවරුන් දෙදෙනා අතරේත් සජීවී විවාද පැවැත්වීම සම්ප්‍රදායයි.
කෙසේ නමුත්, ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා අතරේ විවාදය මෙන් නොව, උප ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා අතරේ විවාදය සඳහා වැඩි අවදානයක් යොමු වන්නේ ද නැත. එසේ වුවත්, සම්ප්‍රදායට අනුව විවාදය පැවැත්වෙයි.
මෙවර ජනාධිපතිවරණයට රිපබ්ලිකන් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂකයා ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ට්‍රම්ප් ඔහුගේ දෙවැනියා ලෙස තෝරාගෙන ඇත්තේ ජේ.ඩී. වෑන්ස්ය. ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා කමලා හැරිස්, ඔහුගේ දෙවැනියා ලෙස තෝරාගෙන ඇත්තේ ටිම් වොල්ට්ස් ය.
40 හැවිරිදි ජේ.ඩී. වෑන්ස් සහ 60 හැවිරිදි ටිම් වොල්ට්ස් අතරේ මිනිත්තු 90 ක් තිස්සේ පැවැති විවාදය, සජීවීව සී.බී.එස්. පුවත් නාළිකාව ඔස්සේ විකාශය කෙරුණි. ජේ.ඩී. වෑන්ස්, ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිවලට අනුවත්, ටිම් වොල්ට්ස්, කමලා හැරිස්ගේ ප්‍රතිපත්තිවලට අනුවත් අදහස් පළ කළහ.
(ඒ.එෆ්.පී.)
ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි ඒජන්සිය, ඉරානයෙන් සහ උතුරු කොරියාවෙන් ‘ඔන්ලයින්’ ඔත්තුකරුවන් බඳවා ගන්නා බව විදෙස් මාධ්‍ය පවසයි.
නොවැම්බර් පස් වැනිදා පැවැත්වීමට නියමිත ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන උප ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනාගේ විවාදය නිව්යෝක් නුවරදී පැවැත්විණි.
සිංගප්පූරුවේ හිටපු අමාත්‍ය එස්. ඊශ්වරන්ට මාස 12 ක සිරදඬුවමක් නියම විය.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උප ජනපති අපේක්ෂකයන්ගේ විවාදය