ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන එක්වදෝරයේ, විපක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක ෆර්ඩිනැන්ඩෝ විලාවිසෙන්සියෝ වෙඩි තබා ඝාතනය කෙරුණි. විලාවිසෙන්සියෝ, වෙඩි ප්‍රහාරයට ලක්වූයේ ක්විටෝ අගනුවර, මැතිවරණ රැලියක් අතරතුරේය.
වෙඩි තැබීම කළ පුද්ගලයා කොටු කර ගැනීමට පොලිසිය පසුව සමත් වූ අතර, එහිදී පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එම තැනැත්තා ද ජීවිතක්ෂයට පත්විය.
වෙඩි ප්‍රහාරයට ලක් වුණු 59 හැවිරිදි ෆර්ඩිනැන්ඩෝ කඩිනමින් රෝහල්ගත කිරීමට කටයුතු කළත්, ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටියේ යැයි පැවැසෙයි.
ෆර්ඩිනැන්ඩෝ විලාවිසෙන්සියෝ ඝාතනය සම්බන්ධයෙන් කම්පා වෙමින්, එක්වදෝර් ජනාධිපති ගුලියේර්මෝ ලාසෝ, ට්විටර් ගිණුම ඔස්සේ පවසා ඇත්තේ එය සහාසික අපරාධයක් බවත්, ඝාතකයන් සොයා දැඩි දඬුවම් ලබා දීමට පියවර ගන්නා බවත්ය. ට්විටර් සමාජ මාධ්‍ය ජාලය දැන් හඳුන්වන්නේ ‘එක්ස්’ යන නමිනි.
ගුලියේර්මෝ ලාසෝ, එක්වදෝරයේ ජනාධිපති ධුරය හොබවන්නේ 2021 වසරේ සිටය. විලාවිසෙන්සියෝට වෙඩි තැබීම සම්බන්ධයෙන්, ජනාධිපති ලාසෝ, ආරක්ෂක අංශ ප්‍රධානීන් හමුවී විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීය.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි
ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛව ධනවත් රටවල් විසින් අරමුදල් කප්පාදු කිරීම හේතුවෙන්, මාරාන්තික රෝගවලට එරෙහිව ලෝකයේ දරුවන් එන්නත් කිරීම අඩාල වන බව එක්සත්
ලිංගික අපයෝජනයන්ට එරෙහිව ප්‍රසිද්ධියේ හඬනැගූ සමාජ ක්‍රියාකාරිනියක ලෙස ප්‍රකට අමෙරිකාවේ වර්ජිනියා ජිෆ්රේ මියගොස් ඇතැයි පැවැසෙයි.
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
එක්වදෝර ජනපති ධුර අපේක්ෂකයා ඝාතනය කෙරේ