එක්සත් ජාතීන්ගේ මීළඟ මහ සමුළුවේදී සිරියානු රජයට එරෙහිව යෝජනාවක් ගෙන ඒමට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් මෙන්ම අරාබි ලීගය ද සූදානම් වෙයි.
එම යෝජනාව සකස් කර ඇත්තේ අරාබි ලීගයට අයත් රටවල්ය. සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් චෝදනා කරන්නේ, අරාබි ලීගය එම යෝජනාව සකස් කර ඇත්තේ ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල අවශ්‍යතාවන් සපුරා ගැනීමට කියාය.
මීට පෙර අවස්ථා දෙකකදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සිරියාවට එරෙහිව යෝජනා දෙකක් ගෙන ඒමට උත්සහ කළේය. කෙසේ නමුත් රුසියාව සහ චීනය මැදිහත් වී එම යෝජනා පරාජය කළේය.
එක්සත් ජාතීන්ගේ මණ්ඩලය එම අවස්ථා දෙකේදීම උත්සහ කළේ සිරියාවට එරෙහිව හමුදා ප‍්‍රහාරයක් එල්ල කිරීමටය.
ලිබියාවට කළාක් මෙන් සිරියා රජය පෙරළා දැමීමට හමුදා ප‍්‍රහාරයක් එල්ල කිරීමෙන් වළකින්නැයි රුසියාව සහ චීනය ඇමෙරිකාව ප‍්‍රමුඛ සෙසු බටහිර බලවතුන්ට අනතුරු අඟවා ඇත.
මේ අතර පෙරේදා (14) රුසියාවේ මොස්කව් නුවර සංචාරයකට පැමිණි ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු එරට ජනපති ව්ලැඩිමීර් පුටින් හමුවී සිරියානු අර්බුදය සම්බන්ධයෙන් දීර්ග වශයෙන් සාකච්ඡා පැවැත්වීය.
ඇමෙරිකාවේ හිතවතා වන ඊශ‍්‍රායලය සිරියානු කැරැලිකරුවන්ට සහාය දෙයි. රුසියාව සහාය දෙන්නේ සිරියානු රජයටය. සිරියානු අර්බුදය සාර්ථකව විසඳීමට නොහැකි වී ඇත්තේ ලෝකය බල කඳවුරු දෙකකට වෙන් වී සිටීමටය.
සිරියානු අර්බුදය විසඳීම සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ද මොස්කව් නුවරදී පසුගියදා ජනපති පුටින් හමුවී සාකච්ඡා කළේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදී සිරියා රජයට එරෙහිව යෝජනාවක්
මර්සි ලංකා Monday, 20 May 2013 12:01 AM
අපගේ ආසියාවේ වගේම අරාබිකරයේද ඔවුන්ගේ එකමුතුවක් නැත. බටහිර බලවතුන් නිසිසේ මේ රටවල් සුරාකෑමට එකිනෙකා කොටවා තමන්ගේ අරමුණ ඉටු කර ගනී. දුප්පත් වුණාට ඕක තමයි වෙන්නේ. (නි)