IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


එබෝලා වෛරසයට එන්නතක් සූදානම්

මාරාන්තික එබෝලා වෛරසයට එරෙහිව සොයාගත් එන්නතක් සැප්තැම්බරයේ සිට රෝගීන්ට ලබාදීමට ඇමෙරිකාවේ ජාතික ආසාත්මික හා බෝවන රෝග පිළිබඳ විද්‍යායතනය අවසර ඉල්ලා ඇත.

එබෝලා රෝගයට එන්නතක් සොයා ගැනීම සඳහා එම විද්‍යායතනය වසර කිහිපයක් පරීක්ෂණ පවත්වා ඇත. ඔවුන් විසින් සොයාගත් එන්නත වෙනත් ක්ෂීරපායී සතුන්ට ලබාදීමේ දී සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බව ඔවුන් සිය පර්යේෂණ වාර්තා මගින් ඉදිරිපත් කැර තිබේ.

ඇමෙරිකාවේ ජාතික අසාත්මික හා බෝවන රෝග පිලිබඳ විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනී ෆවුසි පවසන්නේ ජාතික සෞඛ්‍ය විද්‍යායතනය මගින් මෙම එන්නත සඳහා  ආහාර සහ ඹෟෂධ පරිපාලනයේ අනුමැතිය ඉක්මණින් ඉල්ලා ඇති බවයි.

එබෝලා වෛරසය ගැන ප්‍රවෘත්තිය ප්‍රකාශයට පත්කල දිනයේදී ම රෝග පාලන සහ වලක්වා ලීමේ මධ්‍යස්ථානය විසින් ගයනා, ලයිබීරියා සහ සියරා ලියොන් යන රටවලට  සංචාරය කිරීමේ  රතු නිවේදනය දෙවන මට්ටමේ සිට තුන්වන මට්ටම දක්වා ඉහළ දැමීය. මෙම ඒජන්සිය තුන්වන මට්ටමේ රතු නිවේදන නිකුත් කැර ඇත්තේ මීට කලින් අවස්ථා දෙකකදී පමණි. ඒ සාර්ස් රෝගය වසංගතයක් සේ පැතිර ගිය  2003 දී සහ 2010 ඇතිවූ හයිටි භූමිකම්පාව අවස්ථාවේදීය.

රෝග වලක්වා ගැනීමේ මධ්‍යස්ථානය මගින් අතිරේඛ පුද්ගලයන් 50 ක් මෙම රටවල් තුනට යවා ඇති බව එහි අධ්‍යක්ෂක වෛද්‍ය ටොම් ෆ්‍රීඩෙන් කියයි. ඔවුන්ගේ කාර්යය වී ඇත්තේ රසායනාගාර පරික්ෂණ වේගවත් කිරීම, රෝගය වැළදීමට හැකි රෝගීන් සොයා ගැනීම සහ දේශීය සෞඛ්‍ය ක්‍රම ශක්තිමත් කිරීමයි. 

Ebolla vaccine (3) Ebolla vaccine (1)

 



අදහස් (0)

එබෝලා වෛරසයට එන්නතක් සූදානම්

පිටබැද්දර ජයා Monday, 04 August 2014 05:39 AM

මේ වෛරස් හරියට අපේ කුඹුරු වලට හැදෙන අට අනුවක් රෝග වගෙයි මොකද ලෙඩේ හැදෙන කොටම බෙහෙත් පිටිපස්සේ . වෛරස් කියන්නෙත් මාර බිස්නස් එකක්නේ දැන් බැලුවම ! (දී)

:       0       0

ශාන් Monday, 04 August 2014 12:11 PM

ජයා හරියටම හරි. ලෙඩේ කලින් එවල බේත පස්සේ එවල. ඒවගේම කඩාකප්පල් කාරී වැඩවලටත් මේ වගේ වැඩ කරනවා. ලංකාවට මී උන ආවේත් මේ විදිහට වෙන්න ඇති (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 284 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 233 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 639 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 87 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 90 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 520 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 566 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 771 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2158 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site