2024 ප්‍රංශ පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අවසන් දිනය අදට යෙදී තිබේ.
ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අවසන් ඉසව්වවන කාන්තා මැරතන් තරගය අවසන් වී පැය කිහිපයකට පසු සමාප්ති උත්සවයෙ ස්ටේඩ්ඩි ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.
ඔලිම්පික් පදක්කම් සටහනේ චීනය මේ වනවිට පෙරමුණේ පසුවන අතර, ඊට රන් පදක්කම් 39 ක්, රිදී 27 ක් සහ ලෝකඩ 24 ඇතුළත් බව පැවැසෙයි. චීනය දිනා ඇති සමස්ත පදක්කම් සංඛ්‍යාව 90 ක්.
දෙවන ස්ථානය හිමිකරගත් ඇමරිකාව රන් පදක්කම් 38ක්, රිදී පදක්කම් 42 ක් සහ ලෝකඩ පදක්කම් 42 ක් ද සමඟ සමස්ත පදක්කම් 122ක් දිනාගෙන ඇත.
සත්කාරක ප්‍රංශය පදක්කම් සටහනේ පස්වන ස්ථානයේ සිටී.
ඔලිම්පික් උළෙල අද අවසන්