IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


ඔස්ට්‍රේලියාව විදෙස් සංචාරකයන්ට විවෘත කෙරේ

විදෙස් සංචාරකයන් සඳහා ලබන 21 වැනිදා සිට දේශසීමා විවෘත කරන බව ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ඊයේ (7) පැවැසීය.

ඕස්ට්‍රේලියාව විදේශීය සංචාරකයන් සඳහා මෙසේ එරට දේශසීමා විවෘත කරන්නේ වසර දෙකකට පසුවය.

“අප ඕස්ට්‍රේලියා දේශසීමා විදේශිකයන්ට වසා දමා වසර දෙකක් ගතවුණා. ලබන පෙබරවාරි 21 වැනිදා සිට පළමු සහ දෙවැනි එන්නත් ලබා සිටින ඕනෑම අයකුට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව, ඕස්ටේ්‍රලියාවට පැමිණෙන්න අවසර ලැබෙනවා.” යැයි අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පැවැසුවේ ජාතික ආරක්ෂාව සහ ‘කොවිඩ් 19’ ව්‍යාප්තිය සම්බන්ධයෙන් පැවැති විශේෂ කැබිනට් හමුව අතරතුරේදීය.

‘කොවිඩ් 19’ ගෝලීය වසංගතය හමුවේ ඕස්ට්‍රේලියාව සිය දේශසීමා වසා දැමීම කළේ 2020 මාර්තු මාසයේය.

එදා සිට මේ දක්වා ඕස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලැබුණේ විශේෂ අවසරයක් හිමිවුණු පුද්ගලයන්ට පමණි.

එසේ අවසර ලැබුණේ ඕස්ට්‍රේලියා පුරවැසියන්ට සහ පදිංචිකරුවන්ට මෙන්ම අධ්‍යාපන වීසා පවතින විදේශීය සිසුන් ඇතුලු සීමිත පිරිසකට පමණි.

(රොයිටර්)



අදහස් (0)

ඔස්ට්‍රේලියාව විදෙස් සංචාරකයන්ට විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තානයේ ඇමෙරිකානුවන්ට අනතුරු
2024 නොවැම්බර් මස 28 149 0

පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.


බංග්ලාදේශ හින්දු පූජකයන් අත්අඩංගුවට ගැනීම වැරදියි
2024 නොවැම්බර් මස 28 143 0

බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ


ලෙබනන් වැසියෝ ආපසු නිවෙස්වලට
2024 නොවැම්බර් මස 28 77 0

ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්


පෘථිවිය චුට්ටක් ඇලවෙලා
2024 නොවැම්බර් මස 28 78 0

පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.


බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 319 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 249 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 579 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 791 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2197 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site